Monday, December 26, 2011

දියත රස පදම



 
මායාකාර නිල් අහස් සලු
පොරවා ඉහට ඉහලින් ලෙලදෙන ලෙස
වටිනාම දේ කැබලි කර
සැගවීය මහපොලොව යටි වියන් තුල
සොබාදම නම් මැජික් කාරිය

ලෝකය කනපිට හරවා හිතන
මේ රහස් සමීකරනය විසදන
හිතුවක්කාර දූ පුතුන් අතරේ පමනක් නොමසුරුව
බෙදා දෙන්නට ඉටා ගත්තාය ඇය දියත සරු බව

කුමට වෙන්වෙමිද තනි වෙම්ද
ලෝකයේ මග අතහැර මම
මමද ඉගිලෙමි අහස අල්ලන පිනිස විනිවිද
වැටි වැටි නැගෙමින්ද යලි යලි
සොයා වෙහෙසෙමි - හබා සැනසෙමි
දිනක අත්පත් නොවන බව දැන දැනද

ඉටුනොවන පැතුමන් හබන එක
ජීවිතේ දිදුලන සරු බවට මුල බව
නොවැහැටුනු එක හොදය, මහරුය
දියත රස පදම ඒදන්නට පෙර ඇයට

Wednesday, November 30, 2011

"අහස් නිල"












මොනර නිල් පැහැය හැලුන
සුනිල නිල්වන් අහස් නිල ඇවිලුනි
දිනක අත්පත් කරගත යුතුම
ආසම ආස කරන සායමක් ලෙස

පියාපත් හිමිනැති මම

කෙසේ කොටුකරගම්ද
අතේ දුර නැති අහස

එහෙත් නිල්වන්ය මහසයුර

ඒ කිට්ටුවටම ලන්වන ලෙස
වහා දිවගොස් කොටුකරගතිමි දෝතට
රැගෙන හිමිකර පිනිස මා සෙයූ "නිල "
එහෙත් නොරැදේ ඒ "නිල "
මොහොතකදු මා දෝත මත
දිය කන්නාඩියෙන් විනිවිද
පෙනේ මා සුරතම පාරමින් හදවත

දිය කැඩපතින් එබෙමින් යලි යලිද

රවටන්නේද ඒ මායාකාර නිල් අහසමය

ලෝකයේ නොයෙක් දේ ඇත හදඉල්ලන

තිබෙන තැන තිබෙන හැටියටම තිබෙන්නට හැර
විද ගත යුතුය වද නොවී හිමිකාරකම ගැන බොරුවට

කුමරියනි ඇයි නොක්කාඩුවෙන්

සදලු තල මත හිද රවාගෙන ඔරෝගෙන
ඔබ තමයි මා දිවි දියත වටකොට පෙරවුන
නිල්ම නිල් "අහස් නිල" සදාකලිකවම

Wednesday, September 14, 2011

රතු















ඇහැල රොබෝරෝසියා
නෙක පාට මල්පිපුනත් දොලොස්මහ පුරාවට
ඒ සියලු මල් මතක මැකෙයි
රතු මැයි මල් තොග ගොඩ ගැසී මැයි මහට

හරිත පැහැයෙන් දිදුල රබර් කොල
පෙබරවරිය තෙක් යස හැඩ රුවට
රතු වස්ත්රෙ පොරවති වැඩ මිහිමතට
හෙලන්නට පෙර අවසන සුසුම් පොද ලොවට

විලාසනියක සේ රතු පාටකරගෙන
සමහර කාලවලට හවහට බටහිර අහස
විලාපය නගයි පවසමින්
ලග ලගම එන රුදු නියන් කාල සමය ගැන නියත

ඒ ඒ විතරක් නම් මදෑ
මා සිගිතු පුතු හඩා වැලපෙන විට ඉහිරුන කිරට
ලා රතු පාට කහටක් නැගේ සිගිති දෙකොපුල් මත බොරට

කොතෙක් අමතක කර මකා දැමුමට වෙර දැමූවත් රතු මතක
කොහෙන් හෝ මතුව පෙනෙන නොපෙනෙන ලෙස ඇවිලේය
රතු කහට ලප පිලිල හරි බරට

තාත්තා ඉල් මහක කොහේ හෝ තැනක හැලුව ඒ ලේ කදේ රත
උතුරු යුධබිමේ තැනක අය්යන්ඩියේ උඹ හැලුව ලේ ගග හා මුසුව
මියෙන තුරු මව් දෙනෙත් මත කාරම් බැදුනු රතුම - රතු - ලේ රත

Sunday, August 7, 2011

වෙස් නැටුම්


ඔමරි මුදු සoකර සිනා වපුරන
තොදොල් බස් මිහිරිව අමුනන
නිලියනි නිරූපිකාවනි
වසගකාරීය තොපේ උවනත් පෙල

ගිජු නෙතින් කාසි රුපියල් ගනින
රෙදි මනින බඩු කිරන මස් කපන
වෙලන්දනි තොප මුහුනු
මිනිස් මුහුනක්මද සැක සිතේ මට

කිසිදු තෙතමනයක් නොපෙනෙන
බලය බලහත්කාරයම තදින් වපුරන
බලවතුනි තොප මුහුනු
ඝන තහඩු සේ දිසේ මට

සුතනඹුන් දරු සෙනේ කද සුරකින
සා පවස සුදහ ගිනි දුක් නිමවන
මුහුනක් වෙතේ ඔය මුහුනු යට සැගවී මුවාඋන
පදා ගතහැකිය විනිවිදිව් කල පිට කබොල

ඉඩක් ලද ඇසිල්ලේ අදුරු අහුමුල්ලක
පිලිකන්නක කොහේ කොතැනකදී උව
පැලදගෙන හැඩ බලන
ඒ පොදු මූන සුරැකිනු පිනිස කොහොමහරි
පැලද ගෙන නොවෙද ඔය වෙස් මූනු පෙල

මහා කරුනාවෙන් ඉවසා වදාරමි
ඔය වෙස් නැටුම් මම- නිර්භයව

Friday, July 22, 2011

දුර්ග මගක ගිය සුමිතුර....





එකම පාසලේ එකට
අකුරු ඇහිදූ අප එකල
එමග යන අතරමග උඹ
නතරවිය දිවි බර දරනු නොහැකිව
මිහි ලයට අමුනමින් තම දිවි සැරිය

පය ගසා සිටි පොලොවම කැන
අදුරු දෝනා පතල් හාරා මැන
නුඹේ ගමන් ගති - මිණි සොයන මග

එගිලෙන්න පාවෙන්න
වෙරදරද්දී මුලු ලොව
කුමට යන්නේද මේ
ලකයක් නැති දුර්ග කටුසර මගක
යටිසිතින්, සොපහාසයෙන්
සිනාසුනි අප එදවස

අකල්හී පවලම් පොටින් ගිලිහුනු
ලපටි තරුවක් සේ උවද අපට උඹ
මිහි මවට
වහා නොවලවහා පුරුදු උනුසුම සොයා ආ
පෙම්බර පුතෙකු සේ දැනෙන්නට ඇති උඹ

පතල් දෝනා හාර හාරා යන කටුක මග උඹටද
හිනි මගක් විය මිහි මව් තෙතමනය සොයා යන

පොලොව හැරදා වැවෙන
දිලෙන රුවැති සෝභන මග - අතරමග
උගුල් කඩතොලු වල හැපී මිරිකී
විසුලු රූ මැව්වද අප මුහුනු
රබ්බඩ හිනාවක් කට පුරොගෙන
දොලොස් මහ පාන සේ හිනැහේ
උඹ කටුක දිවි බර දරාගෙන

වාසියක් ඇතත් නැතත් අදදින
මිනි සොයා ඒ විද්ද විදමන තුල
අලුත් පතලක් කනිනු ඇත නුඹ
නැවත හෙට උදෑසන සතොසින

ඝන මහ පොලොව කැන
මිහි මව් ලය පාමුලටම වැද
කඩා ගොඩ ගැසූයේ ඉල්ලම් පමනක් නොව
මව් ලය උනුසුමට වැද වඩවා ගෙන නොවෙද
නොසෙල්වෙන දැඩි හද ගුන කැටයම
ලෝ දහම් කටුවෙන් මුවහත් කොට

අපටද යම් දිනක සොයා පදා ගත යුතුම
ගොඩගැහී දින දින වැඩී ඔපමට්ටම් වන
වලන් කටු ඉල්ලමක්
ඉපදිලා ඇති බව දකිමි
උඹේ තුනු හද මස තුල

Sunday, July 3, 2011

තිත.




ඔබට ඕනිඋනා හැමදේම
ගානට තිතට නූලට - නීතියට රීතියට
එහෙව් නුබ හැරගියා පෙම
පොතෙ හැටියටම
තබා යලිනොනැගිටින
නැවතිමේ තිතක්

හද පතුලතෙ නොදන්නා තැනක ඉපදී
එකතු වී පිරිපහදු වී නැවුම්වී විහිදෙන
දියබුබුලකිය මගෙ පෙම
එහෙව් සොදුරු විහිදුමක් වූ එය
එක පහරකින් හිටි හැටියේම
ගමන් මග අහිමි වූ කල
අනාථව අසරනව සැරිසරයි
කෙශනාලික වී විහිදෙමින්
අදුරු මහපොලොව මැද
වනසමින් දියකරමින්
මටද අවසග නොවන මගකිය එය

මතුදිනක
සොදුරු කුලවමියක සමග
ඔබ පා දරා සිටින උස් බිම
දෙදරවා ඉරිතැලී නාය යන විට
ඔබ සිතයි පොතෙ හැටියටම
මේ තමයි
කිසිවෙකුට අවසග නොවන
සොබදමෙහි බලගතු බලය බව

ඔව් ඇත්ත
කිසි දෙයක් වනසාලනු නොහැක
දෙයක් අන් දෙයකට පෙරලෙනු මිස
සොබා දහමෙහි සදා නීතිය මේ තමයි

Friday, June 24, 2011

දිවි දොලදුක


අහසට ගෑවී නොගෑවෙන ලෙස හිදින
අර උස් කදු මුදුන් තරනය කොට
දිවි ගෙවමු අපි උදාරම් ලෙස
දිනෙක පැවසීය ඇය
තම දිවි දොලදුක

අහෝ සොදුරිය කදු හිස් යනු
අහස ජය ගනිමි යයි
සුනරුත් පැතුම් පොදි බැද
අතරමගදී මියගිය ගමනක
ඝනීභූතවූ නටබුන් වෙති
වඩා උස් කදු මුදුන් යනු
වඩා වැඩි කාලයක්
අර්ථවිරහිත ගමනක් ගියෝ වෙති

අපි හිදින් මේ තනි සමතලා බිම

ගමන ඇරබුමටද පෙර
වටහා ගත්තෙකිය ඒ නිසරු බව
ඉදින් සොදුරිය
හීන මානයට නොගනින්න මෙබිම මේ ලෙස
දිවි ගෙවුමු අපි සමතලා බිමක සරු ලෙස

Saturday, June 18, 2011

ජය ගතිමි මම අහස



අහස ජය ගනු රිසිව බොහෝ අය
උස් කදු පන්ති ගිරි ශිකර
නොයෙක භූ විශමතා තැනූවත්
මම
පැතලි වී, මට්ටම් වී, වැතිරුනෙමි
සයුරු ජල තලය ලෙස
ලවැලි තලාවක් විලස

සැහෙන්න තරම් තරු පිපේ දැන් මට පෙනි පෙනි
නෙක මේඝ කුළු සෙවනැලි පහස විදිමි ඒ මදිවට
ගොඩක් අය නොදැක්කට
අහස වැඩියෙන්ම ජය ගත්තෙ මම

Thursday, June 9, 2011

ඇගේ අහස


ඈ විසූ මැදුර අභියස
විසල් නිල් දිය පොකුනකි
ලොකූ කොටසක් කඩාගෙන අහසින්
ඈ විදී දිවි සරස සුව උදාරම් ලෙස

ඇගේ පොකුනෙන්ම
දිය දෝතක් රැගෙන මම
පෑය මම මට රිසි තරම
අහස් රුව ගුන

සිහින ඉපදුන සයුර


සයුරට ගොඩාක් දුර
ඇස් ඇරිය මගේ පුන්චි හිත මත
මව්පියන් නෑසියන් ගුරුවරුන්
පැල කලා නොදුටු සයුරක හැඩ රුව

කාලය ඉබිගමනින් ලොකුමහත් උවද
රඹ කදක් මෝරා හැඩිදැඩි වන මෙන්
මහද මෝරා වැඩුනි දිනක කෙල පැමිනියම යුතු
නොදුටු සයුරක හැඩ රුව තිර ලෙස

ඉන් බොහෝ කලකට පසුව
කොලොම්තොට මෙමා වැඩි දිනේ සිට
දුටිමි සැබෑ සයුරෙහි දුර රූප කඩින් කඩ
කොල්ලුපිටි, බම්බලපිටි ගොඩනැගිලි තීරු අතරින්

විදුලි එලි නීවී නිවී දැල්වෙන මෙන්
මහද ඉපිලී සුසර විය තියුනු ලෙස

ඊට පසු නුදුරෙම දිනක මා සොයාගත්තා
සයුර වෙත යන හොදම තැන
වෙරල වේදිකාවට යන හරි මග

එක දැකුමකට කිසිදාක ගොනු කර ගත නොහී
මහා තඩි දසුනකිය සයුර මේච්චල් නැති
සා පවසින් නැහුනනත් පවස නිවුමට නොහැකි
ලුනු වතුර හැලියක්ය කිසිම කමකට නැති
තඩි රල පහරින් තල්ලුකරමින් එලවන
මහා අහන්කාරියෙකි ලගටවත් යා නොහී

මෙතෙක් කල් සිහින ඉපදූ සයුර ලග
මා කුඩා වී කඩාම වී ක්ශයම විය

මා දැන් සිතමින් තැවෙමි
මෙතෙක් ආ මග අතරමග
අදුරු වනයේ වනස්පතින් අතර හිද
පැමින සැනහෙන්නයි, පවස නිමවන්නයි
කුඩා දිය කදුරු, නීල උල්පත් දයාවෙන් නැගු
මා සෝපහසින් බැහැර කල
කුඩා අරාධනාවන්ගැන
මා වෙනුවෙන්ම ඉපදුන
මගේ පමනක්ම ඇස ගැටුනු

Saturday, June 4, 2011

අහස් කවියක්


අල්ලන්නවත් නොහැකි යයි සිතුවද
අහස කොතරම් සුලු දෙයක්ද දැන් මට
පෑදි දිය දෝතක් පෑවහොත්
කඩා ගත හැක එයින් කොටහක් මට

ඉතින් මම නොතනමි
විසල් වැව් පොකුනු හෙම
වැඩිය කඩනා නරක ළමයෙක්
නොවෙන්නට ඔනෑ මට

Sunday, May 8, 2011

වැලපෙන සිදුරු




ඔබ සිටින උස් බිම

මම සිටි පහත් බිම
වෙන්ව සීමා කල
රැඳැවුම් බිතු මත
වැලපෙන සිදුරු
වෙති දුක්බර
මායිම නොබිදයවා
සදා රදවනු පිනිස
උස් පහත්කම්

Saturday, May 7, 2011

සොඳුර නුඹ ,මම හා සඳ



සොඳුර මතකද?

එදා අප දුටු සඳ අසිරි සිරි
සොමි සඳ කැලුම් හලමින්
පහන් හැගුමන් වවමින්
දියත කුටියෙහි එල්ලුන

ජීවිතේ දහවල දිනක
අප තුනු හද මස තුලට බැස
නුගි නුරා ගිනි පුලිගු සැගවුව
එපමනක් නොව
සුදු කිරන ඇතිරිල්ල එලලා
මධුසමය මල් යහන සැකසුව

එහෙත් අද දකිත හැක
සෑබෑ සඳ පවත හරියට

බිදෙන් බිද එලි කිරන සොරා ගෙන
වකෙන් වක කිරන කඳ වඩවනා
අඩ මසක් තුල බොහො අරපරිස්සමට
එහෙත් ඒ එලි කඳ
සැහෙනුයෙ එකම එක රැයකටය
පුර පසලොස්වක එකම දවසකිය මසකට
එයින් පසු ඇරබේය දියවීම මියයාම
හුලු අතු නිවී යන පරිදි ලෙස නොව
වකෙන් වක වියැකෙමින් මිය යයි
මහත් වෙදනාකාරි ලෙස
හිදුනු පසු කිරන කඳ පතුලටම
එකම දවසක් පමනි උරුම ඉසිබුවකට
අමාවක එක දිනක් පමනිය මසකට
නැවත ඇරභිය යුතුය
පෙර මෙහෙය මුල සිට

අන් කිරන කඳකින් යැපෙන
සඳ මහත් අසරනියකිය අද

මඟින් මඟ ජීවිතේ සැප සතුට සොයා ඇවිදින
සොඳුර නුඹද , මමද ,සමගම සඳ
එකම පවලම් පොටක ඇමිනී ඇත අද

මොනම දේ පැහැදුවත් අපි අපේ පැටවුන්ට
නොකියා සිටිය යුතුමය සඳ පවත හරියට
මධු සඳ පහස විඳ හිතු හිතූ හැටියට
ඔවුනොවුන් සොයා ගනු ඇත විනිවිද
සෑබෑ සඳ පවත හෙට

Sunday, April 17, 2011

අවුරුදු මූණු

රැස් කමින් පොදි කමින්
බැරි මරගාතේ පය පැකිලෙමින්
කවුරු කවුරුත් කොහොමහරි
තුටින් පලදිතිය අවුරුදු මූණු

ලාබ වීදියක හිග පාඩු තැන් වලින් රින්ග රින්ගා
ලාබ සලු පිලි රැගෙන හැඩ බලති මුණු හන්ගා
සුනු සහල් පිටි අඩු සීනි පදමක රන්ද රන්දා
ලාබ තෙල් වල බදිති කැවුම් කනු ඔනි හින්දා

මෙහෙව් අඩු පාඩු වල ගිලුනත් මේ අවුරුදු මූණු
සදා බැතියෙන් විදිමි - බදා වැලදගෙන ඔය මූණු

අනේ අවුරුද්දකට සැරයක් වත් පැමින කුමරුනි මෙහෙම
වහා පිරියම් කර අලුත්වැඩියා නොකොරොතොත් එහෙම
වහා වැනසී යනු නොවෙද? දුකින් දියවී කඩතොලුව මේ මූණු

Friday, April 15, 2011

වැවක් හා මානව හදක්



මා මිනිසෙක් - නුඹ වැවක් උවද
අපි කතා කරමුද අපි අපි ගැන

හිස්තැනක් ඇත මහද
ඈ රැදී සිට ගිය තැන
ඈ සිටි හැඩයටම ගැඹුරටම හෑරුන

නිල් දිය අස්වැන්න පුරවා රදෝගෙන
සුදු පෙන රැලිති නන්වා සිනාසෙන
නුඹහිස්තැනකි - හිඩසකි
මහපොලොව මත නිර්මිත

එදා ඈ හා එකට වෙරලත
උරාබිව් ලවන මුසු සුලගම
මෙදා තනිවම විදිමි
පුරෝගෙන හද හිඩැසට

එදා ඈ හා එකට උයනතර
විද පුරුදු තෙත සිසිලතම
දොවා පුරවා සැනසෙමි ඒ හිඩැසට

පැය ගනන් වරු ගනන්
තනියෙන්ම අවාටයට බැසගෙන
අවට ලොකය මගහරිමි සිතුලෙස
හිස් නොවන හිස් තැනකි දැන් ඒ මට
මටම පමනකි එහි සෙත

එහෙත් වැව නුඹ
පුරවා දන් දෙයි දියවර
සාර කරමින්කෙත්වතු
මසුන් හා නෙක සත පෙල
දිවි ලබයි නුඹ ජල කද තුල
පස් පියුම් මෙන්ම කෙකටියද
දිවි පුබුදුවයි නුඹ මතම ලැග
නෙක දනන්ගේ දිවි දැල්ල
මෙලවෙයි නොවෙද?
නුඹ පිරූ හිඩැස මත

වහා නොවලහා පවසන්න වැව් සබද මට
නුඹ කවර නම් හදක දෙදරුමක ඵලයක්ද
හිමිකරගතු යුතු බැවින් අනේ දැන් මට
ලෝකයට සෙත සදන - හිඩැසක මිහිර

Sunday, February 20, 2011

කඳු දසුනක කතාව



නීල කඳු ශිකර තැල්ලකින් වටව
රුසිරු දසුනකින් අතිඅල0කෘතව
අහා.... කෙතරම් සොදුරුද
මෙවන් මනරම් පෙදෙසක විසුම

එහෙත්
සොදුරු කඳු දසුනට පිටුපා සිට ගෙන
නෙත් විදාගෙන - මුව අයාගෙන
යනෙන මේ මග දෙසට
දුගී පැල්පත්ය එක පෙලට
නිසැකයෙන්
නුණුවන දනන් මෙහි ඇති
සොබා රූ සිරි දකින නෙත් නැති

රුසිරි කඳුදු දසුනින්
දෑස් ගිනිකන වැටී මේ ලෙස
මෙහෙව් ආඩපාලි නොකියන් අපට
විදත් මහතුනේ සැදී පැහැදී සොද

මාන මනා ඔය දුර දක්න
දුරින් සිට බල සැනසෙන
තොපට මෙන් අපට
රුසිරු විහිදන මිහිරි මී විතක්
පමනක්ම නොවේ මේ සොබාදම

අප වැදූ මව් කුසද
අප තැනූ පියහසරද
මගකියන ගමන් සගයාද
පමනක්ම නොව
නිතර දුක සැප අසන නිරිදෙකි
මේ සොබාදම් නිල් උඩුවියන

ඉතින් එහි රුව ගුන දකින්නට
අමුතුවෙන් කවුලු හා විවර
අපිට උවමනාවක් නම් නැත

එහෙව් අතිජාත කඳු තිර පසුබිමට ගෙන
කෙත්වතුද, අපේ දුගී මාලිගා පෙලද
එකපෙලට එකට සිරුවට හිටගෙන
අප මවන මේ මහා සිතුවමෙහි
අරුත රුව ගුන වරුන
මහතුනේ තොපට
නොතේරෙන එක පුදුම නැත

Friday, February 4, 2011

මම ආසම කරන පාට


සුනිල නිල්වන් පැහැය
පැහැය විය එකල ම
ආසම ආස කල

අදුරු වැහි කලු අතරතුර පවා
අහස නිල්වනය බොහෝ විට
මගේ කුටියේ ජනෙල් මැද
මුහුදු දසුනක් කැලතුනා නිති
නීල තෛලෝදයක් විලසින

පාසල් නිල ඇදුම්
කොට කලිසමද
මා ලිය පෑනද
තවත් නෙක බොහෝ දෑ
නිල් පාට වී තිබිනි
උරුම ලෙස

පමන ඉක්මවා බුදින ලද
පැනිරස කැවිල්ලක් මෙන්
ඉස්මුරුත්තාවී පිරිය මියැදී
මගේ නිල් ආසාව සුන්විය

සොබාදම් මව් නිති
පාවිච්චි නොකරන
ඉදහිටක මලක දෙකක
තවරන
දම්ම දම් පැහැය
මගේ ආසම පැහැය
විය එවර

සැදෑ අහසෙහි සමහරක් විට
උදා පෙරඹරෙහි බොහොවිට
තැවරෙන බැවින් දම් පැහැය
කව්ලු ඝන තිර දමා වැසුවෙමි

සියලු ඇදුම් පැලදුම් මෙන්ම
අන්ශුමාත්‍රයක දෙයක පැහයද
මගේ ප්‍රියතම වර්නයෙන්
තොර කර තබමි මම දැන්

සොය සොයාගෙන ගොස් රස විදින
අහම්බෙන් මෙන් හමු වී පිබිදෙන
පැහැය පැහැයකිය -දැන් දිවි සරසන

ඉතින් මා දනිමි නිසැකව දැන්
සදා කල් නොමියැදෙනු ඇත
මම ආසම කරන පාට - යලි

Monday, January 10, 2011

සුපිරි තරුවක් නොගැයූ ගීතය


නිමිත්ත -
සුපිරි තරුවක් තෙරීමේදී ගායන හැකියාව මෙන්ම
බාහිර පෙනුම ගැනත් අපි සැලකිලිමත් වෙනවා,

සුපිරි තරු විනිශ්චය කරුවෙක්


කැත්ත උදැල්ලට
පතුරු වී ගිය අත පය
නොවේ සියුමැලි
නෙලුම් පෙත්තක් මෙන්
අව් කූටකේ පිච්චී
කලු වූ ගත වත
නොවේ පැහැපත්
ඇත් දල පාට විහිදන
දහඩිය සුවද මිස ගත
නොවිහිදුවයි
මල් සුගන්දය මනහර

එහෙත් කැලතේ
මධුර කන්කලු නදක්
පපු තෙතමනය යට
තද ඇත් දල බිතු කුහර මැද
ගජ මුතු ඉපිද ඔප වන මෙන්

උලා වත්සුනු බැරිය මැකුමට
මේ සැබෑ ඝන පිට පොත්ත
ඔබ සොයන තරුවට රිසි වන මෙන්

ස්වරාලය පෙනහැල්ල
පෙරා විහිදූවද මධුර ලෙස හඩ
දිවි සටන ඉදිරි පෙල ලය පාන
සදා දුක් විදින මේ කය ඇදුම
තමයි හඩ උපදිනා මව් ගැබ

ඔපවේද හෙට දවස මිනි කැට
අහිමි වූ කල මාතෘ ඉල්ලම් පස

ඉතින් නොනගිමි
ඔබේ සුපිරි වේදිකාවට
ජය ගැනුමට
ජය ගත යුතු බැවින්
හඩ මෙන්ම
හඩට උරුමවූ සැබෑ රුව

Friday, January 7, 2011

හද වෙදකම


මේ මෙතන හරියටම හරි මැද
ඈ මුල් ඇදී සිට දමා ගිය තැන
ලේ ගලන රිදුම් දෙන තුවාලය
පෑය ඔහු
ලේ ගලන හදවතක් මා වෙත

සෝද සෝදා ඒ ලේ කද
පිරික්සූ කල හද විවරය
තුවාලයක් නොවේ එය
සදා රතු රුධිරය උනන
බදා වේදනාවම විහිදන

නොඉදුල් සොදුරු
ලොවකට
මග හසර පෙන්වන
දොරටුවකි එය
මෙතෙක් කල් නෑරුන

විදා අතු පත්
හද පුරා මුල් ඇදීගෙන
මෙතෙක් කල්
ඈ හරස් කර ගෙන සිට ඇත
සොදුරු දිවි මග සොරා ගෙන