Saturday, March 4, 2017

සොවකින් මෙනි ඇය



අතීතය නම් මතක සිතියමෙහි
වඩා තෙතමනැති මිටියාවත් 
වහා ඇවිලෙනසුලු ගිරි දුර්ග
පහසුවෙන් ලගාවියහැකිමෙන්
සලකුනුකර
ඈ රැස්කරා සිහිවටන 
ළොකු මල්ලක 

පසල් නිල ඇදුම් රිබන් පට
අත් කකුල් අඩු බෝනිකි කදක් 
පෙම් පත්ද මල් මල් ලේන්සුද
විසිතුරු කොටහලු මොගුල් ගවුමද
මේ කුඩා හරස්කඩකි එම මල්ලෙහි

කිසිදාක යලි තිබුනු විදිහට නොඋපදින
ඉතා කුඩා දෙවල්ය ඒ 
මරුනු මතකෙට පාර විතරක් පෙන්වන

එහෙත් කුඩා සොවකින් මෙනි ඇය
නිකමටවත් හැරී නොබැලුව එක ගැන ඔහු කිසිදින

වඩා වටිනා මතක රැස් කරන හැටි
එවන් මතකෙට යලි ගොඩවෙන්න 
නොමැරුනු දෙයක් ඕනි නැති හැටි
සොයා පාදා ගැනුමට
ඇගේම මතක මල්ල 
හොදම කමටහන බව
ඇය තාම දන්නෙත් නැතුව ඇති



1 comment: