Saturday, April 15, 2017

හිස් මල් වට්ටියත් කිහිල්ලේ ගහගෙන


සීරුවෙන් ගලවපු කරාඹු දෙක නිර්මලා පුංචි ටිශූ කොල කෑල්ලක ඔතල එයාගෙ අඩුම කුඩුම තියන පෙට්ටියට දැම්ම, මෙතෙක් කල් ලොකු බරක් එල්ලාගෙන ඇවිත් බිමින් තිබ්බ වගේ කන් පෙති සුමුදුවට අත ගෑවෙ කන් පෙති වල වෙහෙස නිවන්න වගේ.නෙලූම් මල් මෝස්තරයක් කැටයම් කරල තිබුනු ඒ පැරනි පන්නයේ කරාඹු දෙක එයාට කොටහළු දවසෙදි දෙමව්පියන්ගෙන් ලැබුනු  එකම වටිනාම වස්තුව උනා. කරට මාලයක් කියන්නේ ඒ දවස්වල හීනයක්ම තමයි, එත් නිර්මලා මෙ කරාඹු දෙකට අසීමිතව ආදරය කලා  එක ගලවල තාවකාලිකව හරි වෙන එකකට මාරු උනේ අතේ ඇගිලි ගානටත් වඩා අඩු වාර ගානකදි.ඒ කරඹු දෙක ආභරනමත් නොවී මොකද්දෝ රන් බරට වැඩි බරක් කියාපාමින් ඇගේ කන් දෙකේ මෙතුවක් කල් එල්ලිලා හිටිය.

ඒ වෙනුවට මුතු ඇටයක් වගේ පේන ලාභ කුඩා කරාඹු යුවලක් ඈ පැලැන්දා ඒ විතරක් නෙමේ රත්තරන් මාලේ ගලවල ඒ වෙනුවට දවසක් බස් එකේදි ගත්ත රත්තරන් වගේ පේන පහේ කාසි මාලයක් දාන්නත් ඇය ඒ වෙනකොටත් හිතලා ඉවරයි. 

ඒ වෙනකොට ඈ ඒ ඉරනමට මුහුන දෙන්න හිත හදාගෙන හිටියේ, පඩිපෙලක් වගේ නැගගෙන ආව ජීවිතේ මේක ඊලග පියවර තමයි කියන තැනට ඇය නිර්භීතව ඒ වෙනකොට ඇවිත් හිටියේ ඉහලට තියන අඩියක් එහෙම නැත්ත්න් පහලට තියන අඩියක්ද  යන්න වින්නිශ්චයක් නැතිව  උනත් මේ අළුත් පියවරට දෙගිඩියවකින් තොරව පයතබන්න ඇය උනන්දු උනා. විටෙක ඇයට දැනුනේ තමන් අඳුරට හිතා මතාම පය තියන්න යනව කියල එත් අවුරුදු හතලිහක් වන ඇගේ ජීවිතේ ඒ වෙනකොට ඒතරම් එලියක් විහිදන්නේ නැතිබව ඈ අමාරුවෙන් වුවද වටහාගාත්තා . පෝයට සිල් ගන්න එකයි ඉදල හිටලා වන්දනාවක යන එකයි ඇරුනම  වෙන කියන්න තරම් ලකයක් නැති සිය මවගේ මහලූ ජීවිතය තුලින් ඇගේ අනාගතය මවා ගන්නට ඒ වෙනකොට ඇයට පුළුවන් වෙලා තිබ්බා එත් ඇට මවටත් වඩා දුක්ඛිත ඉරනමකට මුහුන දෙන්න වෙන බව ඉවෙන් මෙන් දැන ගත්තා. 

විලූභ දක්වා  දිගු සායක්ද උතුරු සළුව සමගින් බුරුල් හැට්ටයක් හැද අරුමෝසම් පාටැති විදුලි එලි මැද ආයාසයෙන් පොල්තෙල් පහන් දල්වනු ඇය ඒ වනවිට සිහිනෙන් පවා දකිමින් සිටියාය. ඈ ඒ වෙනකොට හිටියෙ හිස් මල් වට්ටිය කිහිල්ලෙ ගහගෙන, සොපහාසෙන් සිනාසෙන විශල් වටකුරු පුරා හඳ ඒ සිහින වල ඇගේ හිසට ඉහලින් පායා තිබිනි.

එවන් නිෂ්ක‍්‍රිය මහළු සමයකට අගේ මව  එලබුනේ දරු දෙතුන් දෙනෙකු හදා වදා නොයෙක ජීවිත හැලහැප්පිලි මතිනි එහෙත් ඇය විනෝද උයනක තියන විශල් ලිස්සන උමං මගක් දිගේ වේගයෙන් ඒ කරා ලිස්සා යමින් තිබුනා එසේ ගහක් ගලක් වගේ එවන් ඉරනමකට ගොදුරු වෙන එක පමා කීරීමට ඇති උවමනාව උමතුවක් මෙන් ඇය දවලමින් මේ රහසිගත පියවරට පාර කැපුවා

ඉතා කෙටි කලකින් නිමාවූ විවාහ දිවිය නිර්මලාගේ ජීවිතය මහ දවල් පිපුරුනු වැහි නැති හෙනයක් පරිදි දවා අළු කරල ඉවරයි ඒ වෙනකොට, සුන් බුන් මතින් නැගී සිටින්න ඇය ගත් සැම උත්සාහයක්ම ගඟට ඉනි කැපුවා සේ උනා. තමන් ලබා ගත්ත අධයාපනයට පුළුවන්තරම් සෑහෙන රැුකියාවක් හොයාගෙන  මතුගම ඉදන් කොලඹ ආව නිර්මලා සෑහෙන්න ඉවසීමෙන් ජීවිතේ ගොඩ දාගත්තා. විවාහය කියන කඩඉමේදි නිර්මලාට පාර වැරදුනා පත්තර මංගල යෝජනාවකින් හොයාගත්ත මනමාලයා  තැනින් තැන ගෑනුන් රවට්ටමින් යන පල් හොරෙක්.  පොලිසි ගානයි උසාවි ගානෙයි රස්තියාදු වෙලා කසාදේ කුරුටු ගාගන්නකොට ස්වාමියා යනුවෙන් ඇගේ ජීවිතෙයේ කිසිවක් ඉතිරි උනේ නෑ.. ගොඩක්   අය ඒක ගැන සතුටු උනාට නිර්මලා නම් මොකක් හරි දෙයක් ඉතිරි කරල ගියානම් හොදයි කියල එයාට විතරක් දැනෙන්න හිතුවා. 

ඉන්පසු ගත වූ අවුරුදු හය හත පුරාවට හොයාගෙන ආපු මනමාලයො ඉදිරියේදි ඇය මරන්න ගිනියන හරකෙක් වගේ අවසාන මොහෙතේදි කඹය කඩාගෙන ආපහු දිව්වා. ඒ වෙලාවට විතරක් සිය බොරුකාර පෙම්වතා ඇයට ඉතිරිකරල ගියෙ මොකද්ද කියන  එක යාන්තමට ඇයට දැනුනා. ආලය යනු තමන්වගේ කෙනෙකුට ලේසියෙන් පය තියන්නවත් නොලැබෙන විදුලි රැුස් ලෙළදෙන සිහිනයක්  බවත් ආලය හා සබඳකම් පිලිබද සිය ධනාත්මක චින්තනය කුඩු කමින් අවිශ්වාශය හා භ‍්‍රාරාන්තිය ඇගේ ජිවිත ආශාව මත පිලිකාවක් ලෙස වැඩෙමින් තියෙන බව ඇයට නොදැනීම ඇගේ ජීවිතය වෙලා ගනිමින් තිබුනා.

සති දෙකකට පෙර බස් රථයක් තුලදි ඔහු හමු වෙනකොට ඈය සිටියේ එක්තරා අන්දමක සැහැල්ලූ  සිතිකිනි, යාබද අසුනේ හිටිය කෙනා විදිහට ඇරඹුන අල්ලාප සල්ලාපයේදි ඔහු කිව්වෙ ඔහුගේ නම ධර්මප‍්‍රිිය කියල. නිර්මලා කුමාරී ගමගේ වන ඇය කිව්වෙ කුමාරී කියන කෑල්ල විතරයි, කුමාරිල කී දෙනෙක් නම් ඉන්නවද ේරනුකා කුමාරී, මල්ලිකා කුමාරී රත්නා කුමාරී ,  පඳුරකට ගැහුවම වීසිවෙන තරම් කුමාරිලනෙ, බොරු නොකියමින් ඇය අන්්‍යතාවය පහසුවෙන් රැුක ගත්තා ලෙසියෙන් ගොඩනැගුනු මිත‍්‍රත්වය දුරකථන අංක හුවමාරුවක් දක්වා  දුර දිග ගියා. සිය අංකය ලියපු කඩදාසි කැල්ල ඇයට දෙන්න හදනකොට ඇය දුටුවා ඔහුගේ අතේ දිදුලන මගුල් මුද්ද.

”මම බැන්දේ ගමෙ කෙනෙක්මයි, ඒ ගොල්ලෝ එහෙ ගමේමයි පදිංචිය ඒ කියන්නේ මිදිගම ඔයා දන්නව ඇතිනෙ ගාල්ලයි මාතරයි අතර මම සති අන්තෙට විතරක් එහෙ යනව”

ඔහු එහෙම කියපු සැහැල්ලූ විලාසයට ඇය දෙගිඩියාව අතහැරල එක සිතින් ඔහු වෙනුවෙන් කුමක් හෝ ඉඩක් වෙන් කරන්න ඇය පෙලඹුනා.. එදා සිට ගත වූ දෙසතිය තුල ආලය නම් වූ යම් දෙයක රොබක් වත් නැති එහෙත් ඔවුනොවුන් පමනක් විශය වූ කුඩා ඉඩක් ඇය උදෙසා තමගේ ලෝකයේ වෙන් කර දිය හැකි බව පහදා දීමට සමත් වී තිබුනි. ඇය වඩාත් ආශක්ත කරේ ඒ ඔහුගේ දර්ශනයටය පේ‍්‍රමය නම් මුහවත් සැතකින් ලෝකයේ සබදතා පැහැදිලිව බෙදා වෙන් කිරීමෙන් එවන් රමනීය වූ කුඩා පටු මාවත් වැසි ගොස් ඇති බව ඈ දුටුවා ඇත්තෙන්ම ඒ ලෙසියෙන් රැුවටිය හැකි ඒ වචනයෙන් මිදුනු නිර්ව්‍යාජ ක‍්‍රියාදාමය තුල තහනම් වචනයක් කර ගනීභවනය කරපු විදිහ ඇය පිලිගත්තේ ඔහු සතු දුර්ලභ මිනිස් දහමක් ලෙස.

අනික ඔහුට එහෙම අලූත් පාරක් හොයා යාමට රුකුල් දෙන දෙයක් නිර්මලා අතිනුත් එකතු උනා. නිර්මලා කිව්වේ ඇගේ සැමියා හමුදා නිලධාරියෙක් බව, විවාහයෙන් ටික දිනකට පසු ඔහු ක‍්‍රියාන්විතයකදී මිය ගිහින් ඉතින් ඒ කතාවෙ හැටියට ඔහු වෙනුවෙන් මුළු ජීවිත කාලයම තනිකඩව සිටිමින් උපහාර දක්වන ඇය රනවිරු බිරිදක්.

එය දීප්තිමක් දවසකි නිර්මලා අලූත්ගමට එනකොට දහය හමාරට විතර ඇති චන්ඩ හිරු රැුස් ඒ වෙනකොටත් නගරයට පතිත වෙමින් තිබුනද  පෙර දිනයේ ඇද හැළුනු මහ වැස්සකින් ඉපදුනු ප‍්‍රබෝධය ගහ කොල මතදද නගර ජීවිත මතද  තාමත් නොනැසී තිබුනි 
”ඔයා කිව්ව වෙලාවට වඩා හරියටම විනාඩි විස්සක් පරක්කුයි”
ඇය එනකන් බස් පොලේ බලාගෙනහිටි ධර්මප‍්‍රි්රිය කිව්වා
”කොහෙද ඉතින් බස් එන්නේ අපිට ඔනී වෙලාවට නෙමේනේ,”
ඇය එහෙම කිව්වේ ඇය මෙතෙන්ට වෙනත් කෙනෙක් රැුගෙන අවා වගේ හැගීමකිනුත් එක්ක, 
ඇය එන විට් ඔහු සියලූ දේ සුදානම් කර තිබිනි , ආරක්ශාකාරි තැනක තියෙන කුඩා ලගුම් හලක් එතෙන්ට යන්න ති‍්‍රවීල් එකක් ඒ වෙනුවෙන් ඔහු වෙන් කරගෙනත් තිබ්බ ඇය එනකොට .
ත‍්‍රිවීල් එකෙන් ඒ නගරය පසුකර ගෙවල් මන්ඩියක් අතරතුර පිහිටා තිබෙන ලැගුම් හල වෙත යන විට ඇගේ හිත යට කලාතුරකින් ඇහෙන ගීතයක් නිම්නාද උනා 

පෙලින් පෙලට රිය් පෙරහැර අද නැත
දොරින් දොරට ආසිරි ගී හඩ නැත
හැඩට රුවට තැලි පිලිද නැතේ මට
එනමුදු අද ඔබේ මනමාලිය මම

ඔව් ආදරයත් නැති මනමාලියක් ඇය එහෙම් හිතිවෙ තනියෙන්ම හිනාවෙන ගමන් එතකොට ඇය දුටුව දර්මප‍්‍රියගෙ උකුල උඩ තිබුනු එයාගේ අතේ ඇගිලි මොකද්දෝ තාලෙකට චලනය වෙන එක එයාගේ හිතේ මොන සින්දුවද වාදනය වෙන්නේ කියල හිතනකොටත් රතය ලැගුම් හලට ඇවිත් ඉවරයි.

යුගල ඇදක් කුඩා කන්නාඩි මේසයක් පමනක් තිබුනු ලා දම් පාට බිත්ති තිබ්බ කාමරේ එකම ජනේලය ගන තිර දාලා තිබුනා, ඈතින් මුහුද හෝ ගාන සද්දේ ඇහුනට ජනෙල් තීරේ ඈත් කරල බැලූවම නිර්මලා දුටුවේ ජනේලෙ එල්ල වෙලා තියෙන්නේ පාාළු පොල් වත්තකට බව කදුකරෙත් නොවන මුහුදුබඩත් නොවන පහතරට ගමක හැදුනු නිර්මලාට මුහුද කවදත් අපුර්වත්වයක් හා කිතිකැවෙන හැ ගෙනාවා,පෙනුන් නැති උනාට මේ ලගම ඇති මුහුද ඇය හිත හදා ගත්තා


ඔෆිස් බෑග්එක ඇරල පැනි බීම බොතලක් ගත්ත ධර්මප‍්‍රි්රිය එක නිර්මලා ඉස්සරහම කඩලා උගුරක් කටට හලා ගත්තා, 
”මම වොශ් එකක් දාගෙන එන්නම් එතකන් ඔයාත් බොන්න ”
බීම බොතලේ ඇය අතට දීලා නාන කාමරේට රිංගුවෙ සාක්කුවෙ තිබුනු මුදල් පසුම්බියයි තව දේවළුයි මෙසේ උඩට දාලා.
එහෙම වීසි කරල ගිය පසුම්බියේ දෙතුන් දාහක සල්ලි එක්ක උපත් පාලන කොපු ඇසුරුමක් තියනවා දැකල නිර්මලාට හිතුනේ ඔහු ගොඩක් පරිස්සම්කාරී පුරුෂයෙක් කියල. ඒක ඒ වෙලාවෙ එතනට  ඕනි කරන මට්ටමේ ඇගේ නිදහස හා සැහැල්ලූව වඩවා ගන්න උපකාරී උනා.




අවුරුදු හය හතකින් පිරිමියෙක් ඉදිරියේ මෙලෙක් නොවූ ඇගේ සිරුරත මෙලෙක් කර ඔහුගේ අනසකට යටත් කර ගැනිමට ඔහුට බොහෝ වෙලා ගතවියx එහෙත් ඒ සක‍්‍රාන්ති කාලය ඇයට තම සරුර තුල එතෙක් අරක් ගෙන සිටි යම් වැට කඩොලූ බිද හැර සපුරා ඔහු වෙනුවෙන් පිදෙන්නට අවශ්‍ය ජවය උපදවා ගැනීමට උපකාරී විය.
ඉන්පසු ස්ථර දෙකේ මෙට්ටය දැමූ දැව යහන විනෝද උයනක් බවට රූපාන්තරනය  විය. එහි පාද සතර ඈතින් ඇසෙන මුහුදු ඝෝශාව විසින් රළ හැපෙන මුහුදු වෙරලට රැුගෙන ගියහ. සයනය මත උඩුකුරුව වැතිර සිටි ඇයට දම් පාට සැන්දෑ අහස මත ඉගිහෙන මුහුදු ලිහිනින්ගේ කෑ ගැසීම් හඩ පවා ඇසෙන්නට විය. ඉන්පසු ඇයට දැනුනේ ප‍්‍රචන්ඩ එහෙත් මුදු පහසින්ද යුතු විශල් යෝධ රළක් මත පාවෙනු මෙනි.

අතරින් පතර ඇයගේ ඇගිලි තුඩු වලට හසු වූ ඔහුගේ ඝන මාන්ශ පේශි වලින් හා ශක්තිමත් පොර බැදිලි වලින් ඇයට ඔහු කිව්ව වයසටත් වඩා අඩු තාරුන්‍යයේ සිටින බවකි. නිර්මලා කිව්වේ ඇගේ වයසින් හරියටම අවුරුදු තුනක් අඩු කරල එතකොට තිස්ගනන් වන නිසා ඇයට පහසුවක් උනා ඔහුට මුහුන දෙන්න.ඈ  ඔහුගෙ සිරුරේ වෙලෙමින් හිදින ඒ මොහොතෙදිත් ඇගේ ඒ උපක‍්‍රමය ගැන ආඩම්බර උනා.

මෙතෙක් කල් වැඩට යන එන රෙදි හොදන දර පලන ආදී එකම රටාවකට චලනය වන ඇගේ අත පය ඔහු ලේසියෙන්ම නුහුරු ඉරියව් වෙත රැුගෙන ගියා. ඔහුට අවනත වනවා හැරෙන්නට ඇයට ඇත්තටම කිසිදු දෙයකට ඉඩක් ඔහු නොතිබ්බා, සිය සිරුර ගැන එහි පිරිමින්ට ආශක්ත කරගැනීමට ඇති දෙයක් නොමෑතියයි ආත්මය වෙලා සිටි හීනමානය කුඩු කරන්නට ගෙදරට නාකි වෙමින් යන සිරුරකට මහත් වටිනාකමක් දෙන්නට ඔහු හරියට එවා කලින් දැන ගෙන හිටිය වගේ පෙලඹුන එක ගැන ඇයට තිබුනේ විශ්මයක්.

දම් පැහැති අහස වසා ගනිමින් රත් පැහැ අවසන හිරු එලිය රැුදි වලාකුලූ විසිරිනි, හාත්පස සිසිල් සුලගත් සමග අදුර ගලා එන්නට පටන් ගත්තේය. වෙගවත් රළ පහර විසින් වෙරල මායිමේ කොරල් පර අතරට රැුගෙන ආ මුහුදු දිය ආපසු ගලා ගියේ සියුම් වැලි තට්ටු වලින් අපමන රටා ඒ කපොළු මත ඇද තබමිනි, ඒ වන විට ඒ දැව යහනේ කකුල් සතර රල විසින් ගොඩට ගෙනෙන ලද වැලි තට්ටුවක හරි අඩකම ගිලී ගොස් තිබිනි
ඒ සයුරු තරනයෙන් පසු ඔහු ඇයගේ සිරුර මත විඩා නිවමින් වැතිර සිටියේය. සෙමෙන් මුදු ලෙස ඇය ඔහුගේ සිරුරත පිරිමදින් සිට්යාය, ඒ අසිරිමත් නිහඩ සුයාමයෙදී ඔව් නෑ බෑ තරගයක තහනම් වචනයක් මෙන් මම ආදරෙයි කියා ඇයට කියවෙන්නට ගියත් ඒ කෙනෙහිම ඇයට ඔහුගේ සුරත මත ඇති මගුල් මුද්ද ස්පර්ශ වූ නිසා එය වැලකිනි.

ටිකකින් ඔහු ඈත් මෑත් කර නැගී සිටි ඇය ඇද පසෙක හිද ගත්තාය, ජනෙල් තිරය ඇත් කොට එලිය බැලූ ඇය දුටුවේ පොල් ගස් වල පැහැදිලි සෙවනැලි ඇදුනු හුදකලා පොල් වත්තයි  ඇත්ත ලෝකයේ තාම වෙලාව සවස දෙක පසු වී නැති බවද එකෙනෙහිම ඇය වටහා ගත්තාය.
ඒ විරාමය අතරතුර අවදි වූ ඔහු
”ඇයි තනියම ඉන්නේ? , එන්න මම ලඟට” 
කියමින් ඇය ඔහු කරා ඇද ගත්තේය
සැබවින්ම ඇය ඒ ඇරයුමට අශා කලාය, මෙතෙක් කල් බොහෝ දෙනා දහස් වර ඇගෙන් ඇසුව ඒ එකම පැනයට  ඔහු  අලූත් කොටසක් ඒකතු කර තිබීම ඇයගේ සතුටට හේතු විය.

ලැගුම් හලේ සිට බස් පොලට යන අපසු ගමන ත‍්‍රී වීල් එකක් නැතිව  පයින්ම යාමට ඔවුහු කතිකා කර ගත්හ. මුලින්ම ඔහුත් ඊට ටිකකට පසු ඇයත් ලෙස වාර දෙකකට  ලැගුම් හලෙන් ඒ කුඩා පාරට පිවිසුනු ඔවුහු මද දුරක් ගොස් එක යුවලක් මෙන් කතා බහ කරමින් ගමන් ග්ත්තේ පුර්ව සුදානමකින් තොරවමයි.

”ගං ගොඬේ උනාට අපි ඉන්න හරියත් මේ වගේ තමයි  පර්චස් තිහ හතලිහේ පොඩි ඉඩම්, මහගෙදර වත්තේ කෑල්ලක් වෙන් කරගෙන් මාත් ගෙයක් හැදුවෙ මහ ගෙදර මල්ලිට දෙන්න  ඕනි නිසා. කාමර කැලි දෙකයි මැද සාලෙයි කුස්සියයි හදලා වහලක් ගහන්නේ නැතිව ස්ලැබ් එකක් දැම්ම, කවදා හරි උඩ තට්ටුවක්  හදා ගන්න, එත් තාම කපරාදු ගහල වැඩ ඉවර කර ගන්න පුළුවන් උනේ බුදියගන්න කාමරේ විතරයි. පොඩි දුව මල්වර වෙන්න කලින්වත් කොහොමහරි යට කෑල්ල ඉවරයක් කරගන්න තමයි මම ට‍්‍රයි එක දෙන්නේ ”

”අපේ පැත්තෙනම් තියෙන්නේ ටිකක් ලොකු  ඉඩම්, මොකද එවායේ තියෙන තේ පොල් ගම්මිරිස් වගේ ඒවයින් තමා ගොඩක් අය ජීවත් වෙන්නේ අපේ වත්තෙත් පොල් පුවක් ගම්මිරිස් පිරිලා අම්මනම් කියන්නේ අපේ වත්තට හරියට ඉර එලියක් තියා හුලගක්වත් හමන්නේ නෑ කියලා. ඒ මදිවට අපේ ගෙදෙට්ට බස් පාරෙන් හැරිල අතුරු පාරක් දිගේ ඉඩම් දෙක තුනක් පහු කරන් යන්නත්  ඕනි මුලින්ම තියෙන අක්කර දෙක තුනක වත්ත ඒ පැත්තෙ පරන පරම්පරා ගෙදරක් එකෙ හිටපු වයසක දෙන්න දෙමහල්ලො මැරිල දැන් ටිකක් කල් දරුවො ඔක්කොම ලොකු ලොකු තැන් වල ගමෙන් පිට ඒත් මහගෙදර කාටවත් ලියල තිබිලා නැ දැන් දරුවො නඩු කියනවලූ අයිතිය ගන්න ඉඩන් නඩු ලෙසියෙන් ඉවර වෙන එකක්යැ කාලයක් තිස්සේ ගේ දොර කැලැ වැවිලා පොල් ගස් පුවක් ගස් වල පවා ලෝකපාලූ වැල් වැවිලා වැල් ගොල්ලෑව ,මූසලයි  ඒ හරියෙ ඉන්න කෙනෙක් මිසක් පිට කෙනෙක්ට හිතෙන්නෙ නෑ එතින් එහා මිනිස්සු ඉන්නවද ගෙවල් තියනවද කියලවත්”
ඔවුහු බස් පොලට එනතෙක් කතා කර කර අවේ එවැනි දේවල්ය.
........................................................................................................................

ජංගම දුරකථනය අධාරයෙන් ඔහු රූපගත කෙරූ කුඩා රූප පෙල නොවන්නට ඒ සිදුවීම එතනින් නිමාවන්නට තිබිනි. ඔහු ඒ දගකාර කම කර තිබුනේ සැබැවින්ම ඔහුගේ විනෝදය පිනිස බව  ඕනි දෙවොලක ගොස් සහතික කර කීමට ඔහුට හැකියාව තිබිනි, තම දරුවන්ගේ හා සමීපතයන්ගේ විවිධාකාර ඉරියව් රූපගත කර නැරබීම වරදක් නොවන සේ තමන් පමනක් රස විදිනවනවනම් මෙයත් වරදක් නොවන බව කියන මතයකටද ඔහු එලඹිලා හිටියා. සමහර දවස්වල ඔහුම මේ රූපාවලිය රහසේම නැරඹුවා මිස කිසි කෙනෙකුට ඒ බව එතෙක් පැවසුවේවත් නෑ. තම සගයන් සමග කන බොන වෙලාවකට  ”මමත් බඩුවක් ගැහුවා මචාං” කියා  සියලූ දේ නම් ගම් මනස්කල්පිත කර පැවසුවා මිස කිසි කෙනෙකුට එහෙම දෙයක් තිබෙන බව ඇගව්වෙවත් නෑ. අනික ඔහු ජංගම දුරකතනය ඒ කාමරයේ කුඩා කන්නාඩි මේසය මත තබා එය රූපගත කල නිසා සම්බෝගය අතරතුර උපත්පාලන කොපුව ගැනීමට ඒ දෙසට නැඹුරුවීමෙන් ඔහුගේ මුහුනද එක් තැනක දර්ශනය වෙනවා. ඉතින් මෙය ප‍්‍රසිද්ධ කිරීමට ඔහුට කිසිසේත් උවමනාවක් තිබී නෑ. 
එහෙත් දවසක් බස් රථයක් තුල අතපසු වීමෙන් සිය ජංගම දුරකතනය නාදුනන පුද්ගලෙකු අතට පත් වීමෙන් සියල්ල වෙනස් උනා. ඒ පුද්ගලයා මෙය ලග පාත අයට බෙදා හැරීම අන්තර්ජාලය දක්වා පැතිරීම දකවා දුර දිග ගියා. මේසය මත තිබූ ඇයගේ කාර්ය්‍යාලිය අත් බෑගය අඩු පඩු ඒ නිශචල කැමරා කොනයේ මුලූ සිදුවීම පුරාම රැුදී තිබුන නිසා මෙය”ඔෆිස් අක්කා” නමින් නම් කර ප‍්‍රසිද්ධ කර තිබුනා.

1 comment:

  1. ඇත්තටම මෙහෙම වෙන්න පුළුවන් අවස්ථා ගොඩයි. කථාව සිත්ගත්තා.

    ReplyDelete