Monday, July 15, 2013

මලක් සහ ලියක්




















"උඩගු ලියන් ගොතා බදින් නීල වරල සරසන්නට
මා පිපුනේ නැත මේ දෙරනේ" - මලක්

දුර්ග දුක් ගිනි තුනී කොට සිනිදුමුදුවට පෙති තනා
චන්ඩ මාරුත මෙල්ල කර සුවදක් කවා නහවා
තිත්ත දිවි ඕජස මිහිරි පැනියක් කර මකරන්ද පුරවා
ගස් වදයි දරු මල් හෙට දවස බිජුවට සගවා තබා

කවර අරුමැති අරුතක් මුකුලිත නොවෙද
මලින් මල්දමින් ලදුන් සරසනා විට තමහිස්

හා කියමු "මලේ" එහෙනම්
මලසුනක් කොහිවේද
ඔය ඕනි මලකට තවත්
ලදක් හිස තරම් වන මනරම්

Tuesday, July 2, 2013

අභිනික්මන

 
 
 
 
 
 
 
 
 
වනගත වෙමි මම
ඵල වැල ලදලු අනුභව කොට
සුවද නල ලය පුරා පෙරාගෙන
නිහඩ නිසසලව දිවි දියබ කලතා
සිතුවම් කරන්නට ජීවිතේ නිදහස

එහෙත්
නුවර නුඹනම් හෙට සිටම
පුලුල් විය යුතුය තව තව
තදබදය වපුරා මහමග
කුඩා කල යුතුය ගෙමිදුල්
අල්ලක් තරම් වන ලෙස
අවකාශ තනනු පිනිස
මා අදින් සිතුවම් තබනට