Wednesday, August 31, 2016

අදින ලද සුදු පැහැ ඉරි සටහන්



Wednesday, August 10, 2016

ඇය ආසම කරන තැන -එනුවර



















නේක රිය සුටුස් ගා ඉගිල්ලෙන
මහ මගෙහි බඩ යටින් රින්ගන
නමින් උමන් පදික මග යයි හැදුනන
තමයි ඇය ආසම කරන තැන එනුවර

පියෙන් පිය පියවර මැන  බසින  විට ඒ උමගට
තැනින් තැන නොමල තැන් ගැස්සුනා ඈ හද 
දුරින් හිද බලා සිටිනවාක් මෙන් දැනී ඔහු
වකෙන් වක දිය වෙවී බැස යමින් ඔහු ඇසගින්
තුටු උනා මහ අමුතු ඇය විදිහට හිත් ඇතුලෙන්

පියෙන් පිය ඉහලට නැග 
යලිත් මතුවෙනා විට එක කොනකින්
අත්තල හඩවා මහමගම මුරගා 
ඔහු ඇසුවේය හිතේ කොහෙදෝ හිද
කවර ගමනක්ද තවත් නම් මෙනුවර 
තරුවකට ජීවිතේ පවලම් පොටින් ගිලිහුන

කෙතරම් දිගු කරද රැයවල් තනි යහන මත තනිකඩව
ඇය හිතුවේම නම් ටක්කෙටම
කිසිදිනක උමන් මගකට පය නොතියන
රියක රියදුරු අසුනක-  උඩු මහල් සුපිරි සල්පිලක
රැදෙනු ඇතිමයි කියා ඔහු ඒ වෙනකොට - එනුවර

Wednesday, July 6, 2016

මිහිරිම අවසානයක්...?




කොහොමටත් මම හිටියෙ 
මෝදුවෙන දුකකිනි 
ඒ වෙනකොට
 නුදුරේම එන වියෝගය ගැන

හිටිය පැය දෙක තුනට
හීනයක බොහෝ දුර ගියද 
මම දැනන් හිටිය කවදාවත්ම 
අපි අයේ හමුනොවන වග 

ඔයාට තෙරුනාදනම් 
දන්නේ නෑ මම 
හෑම අස්සක් මුල්ලක් නෑරම
ඔය තුනු සිරුරතෙ හෙව්ව මම 
හීත හෙවනක් තෙතමනයැති 

ඔය හුස්ම මගෙ ගෙල ලග දැවටෙන විට 
පියවුනා ඇස් අවසාන හාදුවට ඉඩ දෙන්න 
ඔයා කලබලෙන් දුවන කොට 
මම හිතුවෙ කරදරයක් කියලමයි ඔයාට 

ඇත්තමයි 
මෙහෙම අතුරුදන්වෙන එක
 මිහිරිම අවසානයකි 
මේ වගේ අගමුලක් නැති ප්‍රේමයකට 
ඔයා මගේ මාලේ කඩාගෙන නොගියනම් 


මෙය මුහුනු පොතේ පලකල මලික් තුසිත ගුනරත්න විසින් රචිත " රත්තරං හඳ" නැමැති කවිය පදනම් කොට ගෙන ලියූවකි.

Tuesday, April 5, 2016

සුනීතව...

















සුනීතව
වසුරු කඳ දරා
ඔබ පෙරමගට
පැමිණෙමි

දුගඳයි, ජුගුප්සාජනකයි
කියා නොඉල්ලමි සමාව
අසුභ දසුනක් මවතැයි
කානුවකට පැන 
නොසැගවෙන්නෙමි

මෙමග  ඔබ සතු උවද
අන් මගක් කෝ? මට

ඔව් යලි යලිත් 
මුන ගැහෙනු ඇත මම
ඉවසා වැදෑරිය යුතුමය
මේ දුක්ඛ දුර්ගණ්ධ
මට මෙන්ම 
අන් මගක් කෝ ඔබටද?

සන්වෙගයෙන් දන්වමි
දෙදෙනෙකුට අයිති බව
මගේ උර රැදි වසුරු කඳ

Thursday, December 24, 2015

රස්තියාදු වළලු




බස් එකක් දුවන්කොට එකේ තහඩු අතර දෙදරිමන් සද්දයක් එනවා එකට ඒවයේ තියෙන ඇන මුරිච්චි හෙලවෙන හඩත් එකතු වෙනවා කව්ලු වල වීදුරු තහඩු එවා දුවන පීල්ල මත දෙදෙරීමේ හඩත් බ්රෙක් ගහනකොට ඉදහිට එන සද්දෙකුත් එකතුවෙලා කවුරුවත් ගනන්ගත්තෙ නැති උනාට සංධ්වනියක් මවනවා එහෙව් සංධ්වනියක වගේ වගක් නොතිබුනාට එදා ඒ හඩනලුව ඇයට අැහුනෙ වීදුරුවළලු ගොඩක් එකිනෙකට ගැටෙනකොට උපදින මිනි කිංකිනි හඩක් වගේ, ඇය කිව්වේ ඉරේශට.
එක උනේ මෙහෙම, ඒ වෙනකොට එකපිට එක දවස් තුනක්ම ඒ බස් එකට නැගල තිබ්බා එකම වෙලවකටම නොවුනත් ආසන්න වෙලාවල් වලදි  පාරෙ වාහන තදබදය අැගේ දින චරියාවේ පරක්කුවීම් හදිස්සිවීම් කොහොමහරි පුදුමවිදිහට එකිනෙකට ගැලපිල තිබ්බ, අනික ගාලු පාරේ උදේට කොලඹ පැත්තට ගලන බස් කන්දරාවේ හැටියට එක දිගට එකම බස් එකකට නගින්නවා කියන්නේ සෑහෙන්න අහඹු වැඩක්. ඇය එකම බස් එකට නැග්ගබව දැනගත්තේ එකෙ වළලු දාගත්ත කොල්ලෙක් ටිකට් කඩන්න හිටපු එකෙන්, පාට පාට රබර් වළලු ගොඩාක් වම් අතේ පිරෙන්නම දාල එ්වයෙන් කිසිම හඩක් නොනැගුනාට ඇයට එදා එ්වයෙන් මිහිරි හඩක් ඇහෙන්න ගත්තා.
”කොල්ලො ඔහෑටි වළලු දානවයෑ” අදාල කතාව ඇරඹුනේ එහෙම.
” මොන පොතේද මිස් කොල්ලන්ට වළලු දාන්න එපා කියල තියෙන්නේ ?
එකත් ඇත්ත, ඔය ටෙලි නාට්ටි වල එහෙම රජකාලෙ කුමාරවරු එහෙම කොච්චර මාලවළලු දාගෙන ඉන්නවද ඇත්තටම කවදා ඉදන්ද මන්දා මේවා මෙහෙම බෙදුනෙ වෙන් උනෙ කොල්ලෙක් නම් ආභරන ගැන එච්චර හිතන්න ඔනෙ නෑ අදින්නෙ අදුරු පාට කොන්ඩ නම් කපන්නම ඕනි කෙල්ලො නම් එකේ සම්පූර්න අනික් පැත්ත වගේ විදිහට 
, මෙවා නිකම්ම වළලු නෙමේ මිස් මේ හැම වළල්ලකටම කතාවක් තියනවා,
, කතාවක්??
ඇය පුදුම උනා ඇය ඒ වෙනකොට අහල තිබ්බේ කදා වළලු ගැන විතරයි එතකොට මේවා කතා වළලුද?
එදා කතාව එතනින් ඉවර උනාට ඇයට අමතක කරන්නම බැරි උනා ඒ වළලු ටික එවා මොන කතාද එයගෙම කතාද අනුන්ගෙ කතාද වල් කතාද පෙම් කතාද එකී නොකී කොටියක් ප‍්‍රශ්න අවා ඔලුවට, ඊට පස්සෙ එක දිකටම එයා ඒ බස් එකටම නැග්ගේ අහඹු විදිහට නෙමේ හිතල මතල සැලසුම් කරලමයි කොහොමහරි කතාවක් දෙකක් අහගන්න ඇය දැරූ ප‍්‍රයන්තය හරිගියේ නැත්තේ බස් එකක කලබලෙට ඒවගේ කතාවකට ඉඩ මදි යයි පවසමින් ඔහු ආරධනා කල ඉඩ පාඩු ඇති තැනකට යන්න ඒ කතා මල්ල ලිහන්න කොහොමින් කොහොමහරි ඇය ඒ ගමනට එකග උනේ , ඔන්න මම නම එන්නේ කතා අහන්නම විතරයිමයි කියල කොන්දේසියක් දාලා
කතා බතා ගොඩාක් දාල ඉරේශ එකට තෝර ගත්තේ විහාර මහ දේවි පාක් එක, හතර වටේටම පාරවල් තියන හින්දා හදිස්සියක් උනොත් බේරිලා පැන ගන්න ලෙසිම තැන එතන කියල ඇය හිතල තමා ඒ තීරනේ ගත්තෙ අනුන්ගෙ කතා අහන්න ගිහිල්ල තමන්ට කතා හදා ගන්න බැරි බව අගේ ඒ තීරනෙට හේතු උනා.
පාක් එකෙ බන්කුවක පාරට පිටුපාල ඉදගෙන දෙන්න කතාමල්ල ලිහන්න පටන් ගත්ත.
,මම විජිතල ඉන්නේ රත්නපුරටත් එහා හෙට්ටිකන්ද කියල ගමක මේ තමයි මම ඉස්සෙල්ලම ගත්ත වළල්ල එත් දෙවෙනි වළල්ලට අදාල කතාව  තමා මුලින්ම කියන්නේ මොකද ඒක තම මුලින්ම සිද්ද උනේ 
විජිත ලා රතුපාට වළල්ලක් පෙන්නුව දෙවෙනි එක විදිහට.
අපේ ඉස්කොලෙ තිබ්බෙ ඕ ලෙවල් වෙනකන් විතරයි,තේ කෑලි වැඩ කරන එකයි සල්ලි හම්බ කරන එකයි ඇරුනම ගමේම එච්චර ඉගෙනීමට උනන්දුවක් තිබ්බෙ නෑ. ඒ වදිවට ගුරුවරුත් හිටියේ නෑ ඇති තරමට, එත් මට එකොලහ වසරට ආවහම මොකද්දෝ හැගීමක් අවා ගොඩයන්න ඕනි කියල, එක හරියට පිටකොටුවට ඔන්න මෙන්න කියල තියන රීගල් එක හරියෙදි බස් දෙකක් රේස් එකකට සෙට් උනා වගේ , ඒත් තනියම නෙමේ කට්ටිය එක්කම ඉස්කොලෙටත් නමක් එන්න පොඩි වෙනසක් එක්කම මේ ඉස්කොලෙ ගමන ඉවරකරන්න වගේ හැගීමක් මට තිබ්බේ.
එකට මම පන්තියේ ඔක්කොම එකතු කරගෙන මගෙ කතාව කිව්වල අපි කොහොමහරි අපේ අඩුපාඩු වෙච්චි පාඩම් වැඩ හොයගෙන ඉගෙනගෙන මේ විභාගේ හොදට කරන්න ඕනි බව කිව්වා අඩුපාඩු කියකිය ඉදල විභාගේ ඇනගත්තොත් අපිට තමයි පාඩුව වෙන්නේ කියල පහදල දුන්න එකට ගොඩක් අය එකග උනා ටියුශන් පන්ති යන කීපදෙනෙක් ඇරුනම මේ විදිහට වැඩේ කෙරෙන්න වැඩපිලිවෙලකුත් මමම යොජනා කරා ඒ තමයි කොහොමහරි මේ අඩුපාඩු ටික අපිම හොයගන්න ඕනි කියන එක කලින් විභාගේ කරපු අයගෙන් හරි අපි වගේම මේ පාර විභාගේ කරන අවට ලොකු ඉස්කොල වල අයගෙන් හරි මෙව හොයගන්න ඔනි බව මම කිව්වල හැමෝම ඒ වැඩේට එකග උනා හෙමොම ඒ විදිහට එවා හොයන්නත් පටන් ගත්තා
දවසක කට්ටියම එකතුවෙලා වැඩ කරන්න පටන් ගත්තා, ඇත්තටම ඒ කලේ තමා මට මට ඉස්කොලේ කාලේ ගැන ආදරයක් ඇති උනේ. 
එය ඈත කදුකර ගමක සිදුවූ යව්වන ජවය එහිම ස්වාභාවික උරුමයක් වූ සටන්කාමී බව පිලිබිඹු කරන කතාවක් වශයෙන් ඇය හදුනාගත්තාය,බොරු ඈටෝපසාටෝපයෙන් තොර දුර්වල උත්සාහයක් වශයෙන්ද එය නම්කල හැකි බව එකෙන්හිම හිතන්න ඇය පෙලඹින. එ්ක එක්වරම ඇයට ලගාන් චිත‍්‍රපටිය සිහිගන්වන්නක් විය මොහු සමහර විට එවන් චිත‍්‍රපටියක් අධාරයෙන් බොරු කතා ගොතන්නෙකැයි සිතුවද තවත් කතා සවන් දී තීරනයකට එලඹීමට ඉටා ගත්තාය.
අන්තිමට අපි විභාගෙට වාඩි උනා අපේ ඉලක්කය හරි ගිය බව දැන ගත්තේ ප‍්‍රතිථල ආවාම තමා, පන්තියේ විසි එක් දෙනෙක් හිටියා එකෙන් දොලොස් දෙනෙක්ම ඒ ලෙවෙල් කරන්න පුලුවන් මට්ටමට පාස් වෙලා තිබ්බා,මට එක කොහොමහරි මතක තියගන්න ඕනි උනා එත් ඒක වළල්ලකින් මතක තියාගන්නව කියල හිතුවෙ පස්සෙ.
, ඔයාත් පාස් උනා?
”නෑනේ මම ගනන් පේල් උනා, දෙතුන් දෙනෙක්ම හිටියා මම වගේ,
ඔයත් විභාගේ පාස් උනනම් මේ කතාව වීරයෙක්ගෙ කතාවක් වෙනවා,
ඇය කිව්වෙ කතාවේ අවසන විග්රහය දෙනව වගේ. 

, ඉතින් මම දැන් වීරයෙක් නෙමෙද?

ඔය දන්නවද ලොක ගොඩාක් දෙවල් සිද්දවෙන්නේ චක‍්‍රාකාරව, වළලු වළලු වගේ,
විජිත එහෙම කිව්වෙ රවුම් අන්නාසි පෙත්තක් හපන්න පටන් ගන්න ගමන්.
අපි උදේ හිට රෑ වෙනකන් මොරටුවෙ ඉදන් පිට කොටුවට. පිටකොටුවෙ ඉදන් මොරටුව රවුම් රවුම් ගමන් යනව. ඉර හද උනත් ගමන් කරන්නේ පවලම්පොට කියල රවුම් පාරක. ආයේ ආයේ ඉපදෙන එක විශ්වාස කරනවනම් ජීවිතේ කියන්නෙත් වළල්ලක් දිගේ යන එකම නේද?
ඒත් මම වළලු වලට ඈදල මතක තියාගන්න හැදුවෙ අයෙ කවදාවත්ම සිද්ද නොවෙයි කියල හිතුනු දෙවල්. 

මේ තමයි මගෙ දෙවෙනි කතාව මේක මම කිව්වේ මට පලවෙනි සිද්දිය මතක තියගන්න ක‍්‍රමයක් තිබ්බේ නෑ කියල මොකද ඉස්කොලෙන් අයින් වෙනකොට මම සත පහක්වත් හම්බකරල තිබ්බේ නෑ, එදිනෙදා තේ කෑල්ලේ වැඩ වලට ගෙදර අයට උදව් කරට රස්සාවක විදිහට කිසිදෙයක් කරල තිබ්බේ නෑ කොහොමහරි දවසක යාලුවෙකුගේ මාර්ගයෙන් පැල්මඩුල්ල පැත්තේ පතලෙක වැඩට යන්න පටන් ගත්ත.

 ඒ කතාව ඇය තුල රමනීය ලෝකයක් මවා පැමට සමත් විය එය මෙතෙක් ඇය නොදුටු ලොවක් වියල මුහුදු පතුල වනාන්තරක මදය වැනි දෑ ඒ වන විටත් ඇය අත් දැක තිබිනි, එහෙත් පොලොව යට එවන් විචිත‍්‍ර ලොවක තතු එතුල සුන්දර දිලිසෙන වටිනා දෑ ඉතා අල්පවශයෙන් විසිරී ඇති බවත් එවායේ අල්පබව හා දුරස්ත බව විසින්ම ගුප්ත ගාම්බීර ලෝකයක් බිහිකරන බව එත්තු ගන්වන්නට ඔහු සමත් විය.  


”ඔයා දන්නේ නෑ පතල් රස්සාව ගැන මැනික් හොයනව කියන්නේ මට නම් මහපොලොව ගැනයි මිනිස්සු ගැනයි එකම විදිහට දුක හිතෙන තැනක් මට ඒ වෙලාවට මහපොලොව පේන්නෙ දුප්පත් ගෑනියෙක් වගේ ඒ ගෑනි මුලු ජීවිතකලෙම හම්බකරගත්ත වස්තුව කනකර ටික තියාගෙන දීග යන්න බලාගෙන ඉන්න මැදිවියේ තරුනියෙක් රැවටිලිකාර මනමාලයො තමයි පතල් කරයෝ ඒ ගැනු කෙනා තමන් හරිහම්බ කරගත්ත වස්තුවට නෙමෙයි තමන්ට ආදරය කරන කෙනෙක් එනකන් බලාඉන්නේ ධන නිධන් හිතූ හිතූ තැන්වල හංගගෙන, ඒ බව දන්න මේ රැවටිලිකාර කුමාරවරු දෝනා හාර හාර තට්ටු බැහැ බැහැ බොරු ආදරයක් පෙන්නගෙන වස්තුවට ඉව කරනවා, එත් ඇත්තටම එතන ආදරයක් තියෙන්නෙත් පුලුවන් නොතියෙන්නත් පුලුවන්.
අපිටත් දවසක එහෙම වස්තුවක් හොයාගන්න පුලුවන් උනා එක පතලෙ බාස් කිව්ව විදිහට වටිනා නිල් මැණික් කෑල්ලක්ල පලුදුයි ප්රමානෙයි බැලුවම සෑහෙන්න ගානකට එක විකුනගන්න පුලුවන් උනාල එකේ වැඩ හවුල විදිහට මට රුපියල් දහ දාහක් ලැබුන. ඒ තමයි මම දාඩිය මහන්සියෙන් මටම කියල හම්බකරගත්ත සල්ලි ටික.
හප්පේ එතින් ඒක මතක තියාගන්නෙ නැතිව කොහොමද ඒ දවස පිරිමියෙකුට දැනෙන්නේ මට හිතෙන්නේ ගෑනු ලමයෙකුට වැඩිය පැමිනුන දවසට ඇතිවෙන හැගීමට සමාන හැගීමක්, ඉතින් මම  එදා එන ගමන්ම ගෙදරට අඩුම කුඩුම ගන්න ගමන්ම ලෙල්ලොපිටිය හන්දියෙන් මේ රබර් වළල්ලත් ගත්තා නිල් පාට එක මැණික් ගලේ පාට  මේ රතු එකත් එදාම ගත්තා මම කිව්ව කලින් කතාවට අදාල එක ”

 ඒ කතන්දන්දර පෙල ඉන්පසු බොහෝ දුර දිග ගමන් කරන්නට විය රබර් වළලුමෙන් ඇදි ඇදී යන්නට විය එවා රබර් වළලු මෙන් සරල මෘදු හැගීම් ඇයතුල උපද්දන්නට සමත් විය. වළලු නිම වූ ලා පැස්ටල් වර්න මෙන් සිනිදු සෞම්ය ආලොකයකින් ඇගේ හදවත එකාලෝක කරමින් තිබිනි.
 ඇය එකතරා රහසිගත රගහලට එකම ප්‍රේක්ශිකාව වී ඇති බවද එය කිසිවෙකුත් නොදන්න කිසිවෙකුත් කිසිමදවසක නොසිතන තැනක මාවත ඉදිවී ඇති බව ඇයගේ සතුට දෙගුන තෙගුන කරන්නට සමත් විය.
ගෝල්ෆෙශ් ගලකිස්ස මුහුදු වෙරල පිටකොටුව ආදී තැන් වලදී ගලාගිය ඒ කතාගගුලෙහි සමහර තැන් ඇගේ හිත තදින් උදුරා ගන්නට සමත් විය.
ලදලු කොල පාට වළල්ලකින් සනිටුහන් කර තිබූ ඔහු පස්වෙනියට පැලදි වළල්ල ඇගේ සිත් ගත් වළල්ලකි.
එය ඔහු නාඹර තරුණයෙකි ලෙස කුලුදුල් පෙම් හැගුම් විකසිත වූ මතකයක් එහි නිදන්ගතකොට තිබිනි. එය ක‍්‍රිකට් තරගයක පලමු පන්දුව මෙන් නිදැල්ලේ යාමට ඉඩ හරින්නකි, බොහෝ විට අප‍්‍රකාශිත ෙප‍්‍ර්මයන් වන එවා කුලුදුල් මෙන්ම අඩුවයසින්ම දිවි හානි කර ගනී බොහෝ අය සාර්ථක කරගන්නේ දෙවෙනි හෝ ඊට පසු එලඹෙන කුලුදුල් අවස්තාවන්ය. එත් ඒ කිසිදු දෙයක් මුල අවස්තාව හා සම නොවේ ඔහුද මේ බව සොයා පාදා ගෙන ඇත්තේ දෙවෙනි කුලුදුල් ප්රේමය බිහි  වූ පසු වීම විශේසත්වයකි එයින් බොහෝ කලකට පෙර වයස අවුරුදු දාසයේදී හොරරහසේම මිය ගිය ප්රේමයක් වෙනුවෙන් ඔහු මේ වළල්ල පැලද තුබුනේ අවුරුදු විසි එකෙදීය
ශෝකයේ සුදු වර්නයෙන් පැලදි තවත් වළල්ලක් ඇගේ සිත් ගත්තාය එහි සහෝදර ප්රේමයක අදුරු පරිච්චේදයක් සනිටුහන් කර තිබිනි 
තේ වගාවෙහි වැඩ වල විජිත්ගේ අම්මා විසින් බොහෝ සේ නිරත වූයේ එය ඔවුනගේ එකම අදායම් මාර්ගය වූ බැවිනි එනිසා ගෙදර එදිනෙදා වැඩ වල වැඩි බර දැරුවේ ඔහුගේ ලොකු අක්කා විසිනි එහෙත් දවසක ඇය අතුරුදන් වී තිබුනාය, ලොරියක දලු කිරන තරුනයෙකු සමග ඇය හොර  රහසේම නව දිවියක් අරඹා තිබිනි. ගෙදර සියලු කටයුතු අවුල් වියවුල් විය, ගෙදර සියලු අයගේ හදවත් වල මෙන්ම එදිනෙදා දිවියද අදුරෙන් වැසී ගියේය, එහෙත් මේ ශෝකයේ නියම අරුත කුමක්ද, සමාන්‍ය යුවතියක ලෙස මනමාලියක් වීමට තුබූ අවස්ථාව මග හෑරීමද, නැතොත් එය ඇය ඔවුන්ගේ ජීවිත වලට ඉටුකල මෙහෙය අහිමි වූ නිසා දැනෙන අඩුපාඩුවද, අවංකවම ඒ ගැන ස්වයං අධ්‍යනයක යෙදුනු විජිත්ට ලබුනේ හද කකියවන පිලිතුරකි, කෙසේ වතුද ඉහත තොරතුරු අඩුවැඩිවශයෙන් හැමකෙනා තුලට රැදෙන බවත් එහෙත් තමන්ට සිදුවූ පාඩුව ගැන ඉතා කුඩා  අගයකින් උවද වැඩි පුර හිතන බවත්ය,එය ඔහු පැලදී ශෝකී සුදු වළල්ලට නිමිති විය

මේ අතර කොම්පියුටර් පන්තියක උගෙනුමින් සිටි ඉරෙශාගේ ජීවිතය කොල්ලුපිටියේ මහල් ගොඩනැගිල්ලක පුද්ගලික ආයතයකට පොලා පැන්නාය. එතුල ශීත කාමර වල සිටි ජේත්තුකාර තරුනයෝ මැනික් කටුව දක්වා දිග අත් ඇති කමිසද එයට ගැලපෙන ටයි පටි පැලැන්දෝ වූහ. එහෙත් ඔවුහු සති අන්තයේදී රාත‍්‍රි සාද වලදී ඊට හාත්පසින් වෙනස් ඇදුම් අදිනු ඇතැයිද කායවර්ධන උපකරන වල පිහිටෙන් නෙලාගත් සිරුරෙන්ද යුතු ඔවුහු තටාක වල පිහිනනු ඇතැයි අනුමාන කලාය. ෆෝන් දෙකක්වත් පාවිච්චි කල ඔවුහු සිම් 4ක් වත් බාවිතා කලහ. එහෙයින් වළල්ලක අමුනා මතක ලෙස ගොඩගහන්නට ඔවුනට කිසිවක් ඉතුරු නොවනු ඇතැයි ඈ සොපහසින් සිතුවාය.

අලුත් ජීවිතේට හරියන විදිහට ඉරේශ වෙනස් උනා ඇªමෙන් පැලªමෙන් විතරක් නෙමේ එදිනෙදා ඔෆිස් යන්න එන්න ඔෆිස් ට‍්‍රාන්ස්පෝට් එකකටත් සල්ලි ගෙවල උදේ හවස ගේ ලගින්ම බහින්න නගින්න පටන් ගත්තා, ඒ අතර තුර වළලු කතා ගැන එයාට අමතක උනාමයි කියන්න බැරි උනත්  වළලු  වෙනස් විදිහේ හැඩයකින් එයගේ ජීවිතෙට ගැට ගැහුන. 
ඔෆිස් එකෙදි තමන්ටම කියල හැඩයක් හදාගන්න  ඕනි කියල එයට මුලින්ම හිතිල තිබ්බේ එක මහ ලොකු බරපතල විදිහට නෙමේ ඇඳුමෙන් පැලඳුමෙන් එහෙම පිට ඔපෙන් හදා ගන්න ඔනි දෙයක් විදිහට දැනෙන්න තරම් එයා ඒ වෙනකොට මොරල තිබ්බ, ඉරේශා අදින හැම අැඳුමකටම ගැලපෙන විදිහට වළලු දාන්න පටන් ගත්තල එකට එයා නෝ ලිමිට් වල ෆැශන් බග් වල සුකුරුත්තන් තියන අඩවි වල සැරිසරල පාට පාට විවිද හැඩයේ වළලු ගොඩක් එකතු කරගත්ත. ඒ වැඩේ නැගල ගියා හැමො අතරම නම හරියට මතකෙට නොගත්ත සමහරු ඉරෙශව නැති තැන හදුන්වල දුන්නේ අර වළලු දාන කෙල්ල කියල
ඉරෙශ ඒ වලලු දාන්න ටිකක් ලොකු හතරැස් ටින් එකක් හොයගෙන තිබ්බ අරින වහනකොට ටකරන් සද්දයක් එන එකක් ඒක.
පහුවෙනිද අදින ඇªමට හරියන වළල්ල කලින් දා රෑ තොරල තියන්න එය පුරුදු වෙලා හිටිය. එහෙව් හැඩ වැඩ කරල උදේ හවස වැඩට යනකොට මොරටු පිටකොටු බස් වෑන් එක ලගින් ඇදිල යනකොට ඉරේශගේ හිත කීරි ගැහුනා. එත් ඒ හැගීමට වැඩි දුර ලියලන්න ඉඩ දුන්නේ නෑ, ඇªමට ගැලපෙන වළලු දාන කෙල්ලක් හොයගෙන ආපු කඩවසම් ටයි පටි බදින කුමාරයෙක් ඇවිත් ලියලන හැම දල්ලක්ම කැඩුව,  
මොරටු බස් එක තුසිත හෝල් එක ලගට එනකොට විජිතගේ හිත නොසන්සුන් උනා හැම වාරෙකදිම එත් ඒ හෝල්ට් එකෙන් බලාපොරොත්තු උන කෙනා නැග්ගේ නෑ, එතකොට විජිත මුඩුම මූසල ලොකේකට ඇදිල ගියේ සෙනග පිරිච්චි බස් එකක් එක හෝල්ට් එකකින් ඔක්කොම බැහැල හිස් වෙලා යනව වගේ. 
එයා ඒ වෙනකොට අලුත් වළල්ලක් දාන්න තිරනය කරල තිබ්බේ, බස් එකක ටිකට් කඩන කොල්ලෙක්ගේ වළලු ටිකක් පස්සේ හොයාගෙන දුවගෙන ආපු නිර්භීත කෙල්ලෙක් වෙනුවෙන් එයා හිතිල තිබ්බ ඒ වගේ කෙල්ලෙක් ආයේ හමුනොවනා බව එක එයට කියන්න එයගෙම අතින් පළදගන්න අයේ ප්‍රේමයක් වෙනුවෙන් වළලු ඒ අතට නොවැටෙන් බව කියන්න එයා බලාගෙන හිටිය.
එත් එක දවසක් දෙහිවල හරියෙදි ට්රැෆික් එකෙ හිර වෙලා ඉන්න අතරක ඒ සී කරපු ඔෆිස් වෑන් එකක හොදට හරිබරි ගැහිල ඉරේශා යනව එයා දැක්ක. දුම ජරබර සද්ද දූවිල්ල නැති සීතල කරපු ලොකේකට එයා බස් යන පාරෙම එයා හොයාගෙන කියල විජිතට හිතුනා ඒ හිතුවිල්ලෙන්ම එයාගෙ වළලු ලෝකය දුමෙන් දූවිල්ලෙන් වැහිලා දෑස් ගිනිකන වැටුන හැමදේම අවුල් වියවුල් උනා, ඉතිරි සල්ලි හරියට දෙන්නේ නැතිව දෙතුන් දෙනෙක්ගෙන් බැනුම් අහුව, බහින්න කලින් බස් එක අද්දන්න බෙල් එක ගහල ගුටි නොකා බේරුනා. එදාම එයා වළලු ටික ගලෝල මොරටුවෙදි බොල්ගොඩ ගගට වීසිකරල බස් රස්සවට සමු දුන්න.
ඊට පස්සේ ගම් පලාතේ කට්ටියක් එක්ක එකතු උනා ඒ ගොල්ලො කරේ වැසිකිලි වළවල් ලිං එහෙම කපන එවා බාර අරගෙන හදන එක, බඹ ගානට පොලව හාරල ඒ ගැඹුරට හරියන්න අඩි තිනෙ කොන්ක‍්‍රිට් ව්ළලු බස්සනව අතේ එක වළල්ලක්වත් නැතුව කොන්ක‍්‍රිට් වළලු බස්සන රස්සව විජිත ගොඩක් ඉක්මනටම ඉගෙන ගත්ත.

Saturday, October 3, 2015

ගසක් ඉදිරී වැටුනි


කලක සිට ආදරෙන් රැකගත්
ගසක් ඉදිරී වැටුනි ගෙවුනෙහි
පෙරදා රැයේ මහ වැස්සට

සන්තොසින්  හිස් උන එක ගැන පොලොව
මුල් අදිනු ඇත නව ගස් ලදලු තන පත්
පිලිසකර කරගෙනම ඉදීරි පෑරුන තැන්

මෙතරම් සෘජුව හිරුරැස්
මෙබිම සිපගන්නේ 
බොහෝ කලකට පසු වෙන්නඇති

තුටු විය හැකිය මටද
නව කවුලුවක් විවර වූ එක ගැන
අහස නැරඹුමට පෙර නොවූ තැනකින්

කුඩා සොවකින් මෙන් හදට පවසමි මම
නුදුරේම දිනක අමතක වන එක ගැන 
ගසක් පැවතිනු බව මෙතැන මේ ලෙස

Sunday, August 23, 2015

ඇය බලා සිටියාය

















ඇය බලා සිටියාය 
රැගෙන එනතෙක් ඔහු
කබල් ඔරුවක්වත් ඇය වෙනුවෙන්
ඒ වෙරල ලග තනිවම

ඇයට ඔනෑ උනා 
අතරමන් කරවීමකට
කවුරුන් විසින් හෝ 
මහ දියබ මැද නිහඩ

ජීවත් වෙන්න 
ඇත්තම ඇත්ත නොව
බොරුවක් උනත් ඇති 
එකමුතුව ගොතන
ඈ රැදී සිටියේ 
ඒ වගෙ තැනක ඒ වෙනකොට

කොහොමත් ගමනාන්තය නොදකින
ගමනක්ම බව දැන සිටියාය නිසැකව
දියබත් වෙන්න පෙර
දිවි රැක ගන්න අතැර හැර යන්න
හොද හිතින් ඔහුට සමු දෙන්න 
වදන් ඒ වෙනකොටත් සතුව තිබුනා මැයට

ගස් ගල් වගේ වයසට නොගොස්
දිවි දියබ මැද කැලබෙන්න පොරකන්න
හිතුමතේ ආශාව හැරයන්න
අයෙත් බදා වලදන්න
ඇයට ඔනෑ උනා ඒ වගේ සෙල්ලමක නියැලෙන්න

පොරබදද්දී කතරක් වගේ දියබක
පසු කර යනු දකින්නට
රුවැති ඔරුවක ඔහු වෙනකෙකු සමග
ඔනෑ උනා ඇයටද
හදවතේ මිහිරි කටු ඇනගන්න
ඇය බලා සිටියාය 
රැගෙන එනතෙක් ඔහු
කබල් ඔරුවක්වත් ඇය වෙනුවෙන්