Saturday, December 21, 2013

නුවර එලි යන අතර මග



 
 
 
 
 
හරිත කදු තිර මැද
නලමුදු සුවද පිරි මිදුම -නිකැලැල්ය
රිදී දිය දහරින් ගෙතුනු
දියඇලි නමින් රගදෙන - අගනුන්ය

සිහිනමය පෙදෙසකට නගින
සිතුවම් රූප පියගැට පෙල මත
කලවම් වෙලා ලියකම වෙනස් කරයි

වන්ගුවෙන් වන්ගුව රැදී හිද
ගොවා මිටි කැරට් අල මල් පොකුරු
දික් කල පොඩි ලමයි

සිහින රැදෙනා කදු හිස් නගින මග අතර මග
සිහින මියැදෙ අසමාන පියගැට නිසා දුක්බර
සිහින ජය ගැනුමට මන් මුලා නොම වී අතරමග
සමානව සැලකිය යුතුය සෑම තලයකටම වී වෙර

Thursday, November 28, 2013

"සීගිරි ලදුනට කෝ දෙකකුල්?














 







කනේ කඩුක්කන් කරමාල දාගෙන
නීල වරලසද උස්කරලා බැදගෙන
තාම නොපිපුන පියුමක්ද අරගෙන
සිය වස් ගනන් හිද තාම මගබලයි
ජීවිතේ කවන්ධය ඉතිරි අඩ පුරවන්න
එරන් දෙකකුල් ලැබෙනතුරු -සිහගිරි ලදුන්

සියවස් ගනන් කැටපත් පව්රමත ඉදිකල
උවම් මායම් වදන් කැටයම් තොරන මත
දැන දැනම නොදැනුන ගානට
පිරිමි සැගවූ පැනයකි..
"සීගිරි ලදුනට කෝ දෙකකුල්?

රලු උවත් මහ පොලොව
රස පහස එහි විදගන්න
කුරුබිලි දොරෙන් ගම් වැද
නුවර ආටෝප සාටෝප දියකර
පහුපෑවතෙහි අදුරු අරටුව හිතේ ඇදගන්න
ඕනි ලදකට උවමනාම කෙරේ දෙකකුල්
නිදහසේ නිවහල් පින්සලකින්ම ඉපදුන

Thursday, October 10, 2013

ඇයට හොදටම මතකය තාම..


















ඇයට හොදටම මතකය තාම හැම දේම
ඉර මැරෙද්දී දවසක ගගක ඉවුරක සවසක
ගග උනත් තරබාරු මැදිවියේ අගනක් ඒ වෙනොකොට
හොද දේකට කොහෙත්ම හොද නැති මොහොතක
ඔහු මාන බලනකොට සුදුමුදු තඹර පහසට
පුදුමෙකට වගේ ඈ ඇද සිටියෙත්
රත් තඹුරු පාට ගව්මකි කර පලල්
පොල් කටු දෙක තුනක් ර
ත් කරන්
මදින විට ගව්ම රැලිතිය තියා සීරුවට
හිතේ ඔරලොසු කටු දිව්වෙ බැන බැන

තර
බාරු මහලු අගනක්ව
ජීවිතෙ ඉර මැරෙන කාලෙක
නැවත පැමිනෙන විට ඒ මතකෙට
ඇයට හොදටම මතකය තාම හැම දේම
එකම එක ඔනිම කරන දෙයක් මගහැර
එදා ඔහු ඇටව්ව ඒ උගුලට
දැන ගෙනම නොදැනෙන ගානට වැටෙනකොට
හිත පුරා උඩුදිව්ව මිහිරි කෝමල කෙලි හැගුම නැති
මැරුනු මතකෙකි එය නොමැරුන

ඉතින් වැලපේ ඇය අද අඩු නැතිවම
අමතක වුන එක ගැන නොවේ ඈ ඔහුටද

යලි කිසිදිනක නොදැනුන
හීනෙක පවා නොරැදුන
මතකෙක පවා නොපිපෙන
ඒ හැගුම් අහිමිව පාවෙන
මතකය තිබෙන එක ගැන ඇයට හැමදේම

Saturday, September 14, 2013

ප්‍රේමයේ නගරය

 
 
 
 
 
 
 
 
 
 
 
ප්‍රේමයේ නගරයයි සිත මගේ
මාවතක් හෝ නොවූ රාගයේ..


බොහෝ දන එකා මත හැපී මැඩවෙන
ලාබ සලුපිලි වෙළද රැලි හැපී විසිරෙන
පිටකොටුවෙ විදී අතරතුර යට මදයෙහිද
මහා සිතියම් වල සදහනක්වත් නැති
බොහෝ පටු මන් ඉඩකඩ තවම ඇත
මිනිසුන්ට මිනිසුන් හමුවන

මාවතක් නොවුවත් රාගයේ
කලබල නොවිය යුතුමය ඔබ
සොයා පදා ගතයුතු ඔබවිසින්
නම් නොකල බොහෝ තැන් ඇති
ඒ ප්‍රේමයෙ නගරයේ සැගවගත්

Monday, July 15, 2013

මලක් සහ ලියක්




















"උඩගු ලියන් ගොතා බදින් නීල වරල සරසන්නට
මා පිපුනේ නැත මේ දෙරනේ" - මලක්

දුර්ග දුක් ගිනි තුනී කොට සිනිදුමුදුවට පෙති තනා
චන්ඩ මාරුත මෙල්ල කර සුවදක් කවා නහවා
තිත්ත දිවි ඕජස මිහිරි පැනියක් කර මකරන්ද පුරවා
ගස් වදයි දරු මල් හෙට දවස බිජුවට සගවා තබා

කවර අරුමැති අරුතක් මුකුලිත නොවෙද
මලින් මල්දමින් ලදුන් සරසනා විට තමහිස්

හා කියමු "මලේ" එහෙනම්
මලසුනක් කොහිවේද
ඔය ඕනි මලකට තවත්
ලදක් හිස තරම් වන මනරම්

Tuesday, July 2, 2013

අභිනික්මන

 
 
 
 
 
 
 
 
 
වනගත වෙමි මම
ඵල වැල ලදලු අනුභව කොට
සුවද නල ලය පුරා පෙරාගෙන
නිහඩ නිසසලව දිවි දියබ කලතා
සිතුවම් කරන්නට ජීවිතේ නිදහස

එහෙත්
නුවර නුඹනම් හෙට සිටම
පුලුල් විය යුතුය තව තව
තදබදය වපුරා මහමග
කුඩා කල යුතුය ගෙමිදුල්
අල්ලක් තරම් වන ලෙස
අවකාශ තනනු පිනිස
මා අදින් සිතුවම් තබනට

Sunday, May 12, 2013

පාට වැස්සට..









වැව් දිය පලස මත් නිල්ම නිල් පාට
කුඹුරු කෙත්වතුවල දුක්බර බොරපාට තෙත
වීදි අගුපිල් මත ගලන කහට කලු පාට
දනිමි නුබ මතට හෙලූ පැහැයන් බව ලෝකය

පුදුමයක් නොවේ මටනම්
ලෝකයා තනිමතයට හෙලූ පැහැයන් අතහැර
සැබෑ වර්නය සොයා යන එක ගැන නුබ අද
රතු, කහ කොල සලු ඇද හැඩ බල බල

Saturday, April 27, 2013

අපි දෙදෙන























කොහේ හෝ දුර විලක
පිපුන පියුමක්ය ඉර මල
ඊටත් ගෝඩාක් මෙපිටින්
දෑමූ තිරයකි මේකුලු සලු
නිල් බුමුතුරුනුවකි සිදු ගැබ
රන් පියුම් සිනිදු සලු වලටම ගැලපෙන

හිරුද මේ කුලුද මහසයුරද
අතර පරතර දුර දිග මායිම් නොකොට
එක මත එකට එක හිතකින් හිටගෙන
මවන මහා සිතුවමක් ඇත
වෙරල වේදිකාවක් මත එල්ලුන

එතින් වැලපෙමි මම අද මෙතනම සිට
මේ මහා සිතුවෙමෙහි කොනකවත්
තිතක්වත් වී නොරදුනු එක ගැන - අපි දෙදෙන

Saturday, January 26, 2013

"පාර"



ඇග මැලි කඩන හිරිඅරින හැම මොහොතකදිම මේ මහපාර
උවනත් හැඩය හැපී සුන් වී නොමැරේ කඩ වීදි වල මහ දාර

මහපාර නැතිදාක මහ සාරයට
කඩවිදියට සාර වන්නේ කෝම

හැපෙන රිදවන හැම වාරයකම නොම ගෙන ශෝක
නව මුහුනු පැලදගනු ඇත මේ කඩ හෙට අනිද්දා නොව
උවනත හැපෙන තෙක් පහුපෑවතෙහි හැරදා තම දිවිසාර

මේ සන්හදිය නොදැන මෙන් දෝ මේ මහ පාර
මේ නෙක මුහුනු හා බැදෙයි ඔහුට කෙලියකි මාර

වීදියක අගුපිල්දාරයක යාන්තම් රැදීනොරැදී හුන් ඇය
ඉටා ගත්තාය නම් කලයුතු බව ඔහු නමින් මේ "පාර"