Tuesday, August 25, 2009

මල් හා ලමයි














ලමයිනුත් මල්
වගෙයි කිව්වට
මල් නම් ලමයි
මෙන් නොවෙත්
මල් වලට හැ...
උයනක -ලන්දක
උඩ අත්තක- තන බිස්සක
මාවතක් අද්දර -නදියක් අසබඩ
කොහේ හො කොතැනක
මලකට උරුම මල් ගුන
ඇතිව මලක් වී ඉපදී
මලක්.............ම වෙන්න
ඒත් ලමයින්ට...

Monday, August 17, 2009














කනේරු ගහ කීයු කවිය

මාර දෙල් කොස්
වනස්පති කුලේ
ගස් යට
හිග පාඩු පුරන

හීන ලදු කැලෑ කුලයේ
උපන්නෙමු

ගෙවතු පිලිකනු
දෙවැටි බඩවැටි

රිසිවෙසම් ඉඩම් වල

අනෙ අනවසරයෙන්

සරන්නෙමු

මල් උයන් වතු සරන
උයන් පල් සෙනෙහස

නොවිදම
අපි අපෙ දිවි මග සරි
කරන්නෙමු

මෙහෙව් අඩුපඩු මදිවට
තොපේ වස කමින්
අනෙ අපෙ ලබැදියන්
මැරෙතැයි
නොයෙක අවලාද
නැගෙතැ‍යි

අඩෝවැඩියා නොනගා
අපිත් අපිට හැකි පමන
සොදුරු මල් උපද්දා
උදය සරසවන්නෙමු
සෙවන පල වැලද දන් දී
කැදලි හදන්නත් ඉඩ දී
සකුන ගන පමනක්ම නොව
වෙනත් ක්ශුද්‍ර ගන සමග අප
සාර සුබාවට දිවි ගෙවනන්නේ
ඉතින් මිනිසුනේ දැන්වත්
අනේ අපේ දිවිය තිත්තයි
තවත් ඉවසනුය බෑ සත්තයි
කියා විශ වලදන්නට පෙර
අපම කමටහනට ගෙන
දිරි ගනින් පලා නොයන්න
දුකත් නැතිව බැරි
මේ සොදුරු ජීවිතෙන්

Tuesday, August 11, 2009

12/09/2009

කෙල්ලන් හා පැල්ලම්


කෙල්ලකට
හැක මකා ගන්නට
එක පැල්ලමෙන්
කල කී සියලු
සෙල්ලන්

ඉතින් කොල්ලනි
මේ මොකටනැහෙමුද

එක පොඩි පැල්ලමක්
අල්ලන්

Tuesday, August 4, 2009










වෙන්(නො)වීම

ඔබ
නොයෙන්නම
වෙන්ව ගිය පසු
හදවතේ
කොනකට
කොන්කර
පල නොකිය
පලා බෙදුවෙමි
රෑවුම් ගෙරවුම් පා
සා පවසින්
තැබිමි

එහෙත්

ඔබ මහද
බෙලි කටු
තුලට වැද
ආගන්තුකව
හිදිමින්
පෙර නොදුටු
සුදු මුතු ගුණ
මතුකර
බැබලෙන
අපූරුව

සුසන්ත ජේ. මූනමල්පේ




නොතිව් තිත
නොතිව් තිත කියන්නෙ මගෙ නිර්මාන එලිදක්වන්න කරපු බ්ලොග් අඩවියක්.
මම මගෙ මෙ අවකාශය නම් කරෙ මම සයිබර් අවකශයට මුලින්ම ලිව්ව කවියෙ නමින්.
ඒ කවිය මට මෙතෙක් මට "නොතිව් තිතක්ම" උනා. මගෙ මේ කවිය මුලින්ම පල කලෙ "කැටපත් පව්රෙ" ඊට පස්සෙ මගෙ මූනු පොතෙත්, බූන්දිය, සන්නස අතුලු සගරා වල පලවුනා, එකෙන් මට ගොඩක් ප්‍රතිචාර ලබුනා එතින් මට නොතිව් තිත නොකඩවා ලියන්න නොතිව් තිතක්ම උනා.ඉතින් අදින් පසු

මම
"නොතිව් තිතට" නොතබමි තිත,
ඔබත්
"නොතිව් තිතට" නොතබන්න තිත.


කදු මුදුනට නැග බලන්න........................

මෙතෙක් ආ කවි මග


කව්ලුවක්......

පොලොවට ගොඩක් දුර
කව්ලුවක් ලග හිද
අප එදා නැරබුවා
අතුලත සිටම
පිටත
දුටු මතින් ඔබ දෙනෙත
බදා ගත්තා වැලද
පල මලින් සැරසි
උදාරම් තුරු සිරස

මම දුටිමි ඒ හා සමව
නිපදනු පිනිස මල් පල
මහ පොලොව මත වැතිර
දහදුක් විදින මුල් පෙල

ගස පිලිබද මතක
කව්ලුවක් වී මහද
කියදුන්න මටම

ඔබ මලක් උනත්
මම මුලක් බව
එතෙන් සිටඅරබුනා
මියයන්න
මල මුල යා කරන කද

ප්‍රේමය නම්........

අඩුවක්
සිසිරයේ උනුසුම ලෙස
ග්‍රීශ්මයේ සිසිලස ලෙස
සදා සැමදා
අඩුවක් නැතිව දැනෙන
අඩුවක්

අවකාශයක්
පුරවන්න පුරවන්න
හිස්වෙතැයි දැනෙන
හිස්වන තරමට
පුරවන්න හිතෙන
අනන්ත අපරිමිත
ප්‍රයිවට් බස්
අවකාශයක්



අදුර තුල එලිය වී
එලිය තුල අදුර වී
ලද පසු
නොලද දෙය ලෙස
රූපාන්තරනය වන
සබැවින්ම
ප්‍රේමය නම්
පිස්සුම හැදෙන සදක්....