Sunday, March 19, 2017

නවතින්න,ඔව් නවතින්න- "සුලඟ ගිනි අරන්"

සිනමාව කියන්නේ චලන චිත්‍රය කියල මුල්කාලීනව හැදින්නුවේ. එහෙම බැලුවම සිනමාවෙදි චලනය වෙන්න ඕනි රූපයද? නලු නිලියොද? එහෙම නැත්තන් බලන  ප්‍රෙක්ෂක අපිද? කියල අලුතින් හිතන්න පෙලභෙන සිනමා නිර්මානයක් තමයි විමුක්ති ජයසුන්දරගේ "සුලඟ ගිනි අරන්"(Dark in the white light) කියන්නේ.

මරනය කියන්නේ මොකද්ද කියන කුතුහලයක් එක්ක වැඩුනු වෛද්‍ය සිසුවෙකු සියල්ල අතහැර වනගත පැවිදි දිවියට  ඇතුලත්වීමත්,එය එසේ සිදු නොවුනානම් සිදුවියහැකියයි සිතියහැකි ලෙස  ප්‍රක්ෂේපනය කල සිදුවීම් පෙලකුත් මේ චිත්‍රපටියට පාදක වෙනව.

වනගත පැවිදි දිවිය තුලින් අදාල චරිතය කරන්නේ එක්තරා විදිහකට නැවතීමකට,  එලභි සිහියෙන් යුතුව ජීවිතය දිහා බලාඉන්න එක. එහෙත් නොනැවතුන හැල්මේ දුවන මිනිසුන් ඊට ප්‍රතිපක්ෂ සිදුවීම් පෙල තුල නිරූපනය වෙනව. එකිනෙකා ගොදුරු කරගනිමින් නිරන්තර අරගලයක යෙදෙන චරිත අවසානයේ ජීවිතය අවුල් වියවුල් කරගන්නව. මේ විශම චක්‍රය ගැන සවිඥානික චරිත වන දොස්තරත්, වකුගඩු ජාවාරම්කරුත් එම ජවාරමට හවුල් වන ගැහැනියත් එය එසේ නොවී  හුදෙක් ජීවන අරගලය නිසා එහි පැටලුනු දොස්තරගේ රියදුරුත් මානසික ආභාධයකින් පෙලෙන තරුනියත් අවසානයේ එකම ඉරනමකට ගොදුරුවෙනව. මාස තුනකින් ගෙදර නොගිය රියදුරුගේ දුක කියන්න ඔහුට හැකිවෙනෙනේ සිය හාම්පුතා සිහිසුන්ව වැතිරිලා ඉන්න වෙලාවක, කුඩා ප්‍රතිකර්මයකින් යලි යතා තත්වයට එලභියහැකි යයි අනුමාන කල හැකි මානසික ආභාධිත යුවතිය පිලිබද විමසීමට කිසිවෙකුත් නෑ,ඇයගේ වකුගඩුව විනා ඇය ගේ ජීවිතය වටිනාකමක් දකින කිසි කෙනෙක් නෑ.

මේ සිදුවීම් පෙල සිනමාත්මකව ඉදිරිපත් කිරීමේදී සුවිශේශිත සිනමා නිර්මානයක් විදිහට ගොඩනගමින් අමුතු  ආඛ්‍යානයකට සිනමාකරු එලභෙනවා. අතිශය නිහඩ නැවතුනු,නිකන් ඔහේ බලා ඉන්නවා වගේ පේන තැනක නිශ්චලව කැමරාව දරාගෙන සිටිමට අධ්‍යක්ෂකවරයා තීරනය කරනවා. මේ නිශ්චල නැවතුම් ලක්ෂය චිත්‍රපටිය තුලට පිවිසිමට තියෙන එකම ද්වාරය හිඩැස කියල මට හිතෙනව.

නූතනව කුඩා සිදුවීමක් උවත් උඩින්,බිමින්,වතුරෙන් යතුරු හිලෙන් ගිහිල්ල රූපගත කිරීම විලාසිතාවක්. එහෙව් කාලෙක සුප්‍රසිද්ධ කාන් උලෙලෙදි  රන් සම්මානය දිනපුඅවශ්‍ය ශිල්පීය දැනුම ඔනිවටත් වැඩිය තිබිය හැකි යැයි සිතෙන  අධ්‍යක්ෂකවරයෙක්  මෙහෙම නැවතීම විශ්මය ගෙන දෙන්නක්. ඒමතුද නොව එය නිර්මානයේ ප්‍රධාන පිවිසුම් දොරද වෙන එක නැවුම් අකෘතියක්. 

අනික නිර්මානකරුවා නැවතුම් ලක්ෂය හොයාගන්නේ ඉතාමත් ශූර විදිහකට, එය චිත්‍රශිල්පියෙකුගේ කලාත්මක දැක්මෙන් පරිපුර්නවද, රහස්පරීක්ශකයෙකුගේ උකුසු ඇස බදුව සියලු දේ විනිවිදව දකිමින්ද, වාස්තු විධ්‍යඥයෙක් බදුව අදාල අවකාශය පුර්නව ග්‍රහනය කරගනිමින්දමුනිවරයෙකුගේ බදු නුවුනු උපේක්ෂාවෙන් යුතු බැල්මෙන්ද පිහිටුවනව.එය නිශ්චල නිහඩ යුගයේ සිනමාවෙන් වෙන් වන්නේ ඒ දැක්මත් එක්ක කියල මට හිතෙනව. චලනය වන හිරු එලිය වලාකුලු,සෙවනැලි මේ රූපමත දහසක් සිතුවිලි පින්තාරු කරනව . සවිස්තරයන් වලට නොයවන රූප තුල කිමිදෙමින් පරිකල්පනයෙන් ප්‍රෙක්ෂක මනස අවදි කරන්නට නිදහස ලැබීමද මම දකින විශේෂත්වයක්.

චිත්‍රපටිය අවසාන දසුනෙදි  සියලු සිදුවීම් සමාජයේ පවතින මිත්‍යා විශ්වාශද කැටිව හුදු කතාන්දරයක් වෙන හැටි නිරූපනය වෙනව, කතාන්දයක් විදීමට රුචි ප්‍රෙක්ෂක මනස නිවැරදිව හදුනාගන්නා නිර්මානකරු කතාන්දයකින් අත්මිදී සිදුවීම් වල කිමිදීමටඒ මොහොත තුල විදීම, කාතාන්දරයක් තුල සත්‍ය ඝනීභවනය වනු මිසක එහි සැබෑ ජීවය  නොරදන බවද  සියුම්ව ඉගි කරනව.

සියලු දේවලට පලමුව නවතින්න,ඔව් නවතින්න, එය දහස්වර වර නැගෙනව,  හුදු වචනාර්ථ වලට සිමා නොවූ නැවතීමක් ඒක,නැවතීමකින් තවත් නැවතීමක්,එකෙන් තවත් එකක් ආදීවශයෙන් නැවතීම් දාමයක් පොත්තෙන් පොත්ත ගැලවෙනව වගේ නිදහස් වීමක් නවතින්න නවතින්න නැවතීමම තමා නිවන , නිශ්චලව නිහඩව නැවතිම නවතිනව කියන්නෙත් ගමනක්, ඒ ගමන කියන්නෙත් නැවතිමක්.  මෙවැනි සිතුවිලි ලොකයට අවදිවීමකට මේ රූපාවලිය දිශානත කිරීමකට නිර්මානකරු අවසානයේ සමත් වෙනව එක තමයි මගේ සිනමාත්මක උත්කෘෂ්ට අතිවිදීම .

නවතින්න නවතින්න කිව්වම අපිට මතක් වෙන්නේ මීට අවුරුදු දහස් ගනනකට කලින් මිහිදු හිමියන් තිස්ස.තිස්ස නවතින්න නවතින්න කියන එක.එක දැන් හුදු කතාන්දරයක් විතරයි.ඊට අවුරුදු දහස් ගානකට පස්සේ සිනමාකරුවෙක් කැමරාවක් තියාගෙන අපිට නවතින්න කියනවා,එහෙම බැලුවමමේ එලභිලා තියෙන්නේ එදා උදාවූ ස්වර්නමය අවස්ථාවේ නුතන පුනරාගමනයද?

3 comments:

  1. http://art.info.lk/product/7-sulanga-gini-aran

    ReplyDelete
  2. සුලඟ ගිනි අරන් කතිකාව අප්‍රේල් 03 සුදර්ශියේ නුග ගහ යට - Sudarshi Film Forum #4
    https://www.facebook.com/events/194001447768451/

    ReplyDelete