Tuesday, June 17, 2014

චිත්‍රසේන කලායතනය නාරාහේන්පිට


 



මන්තීරු එක දෙක වැඩිකර
බේස් ලයින් මග රගන විට
දැහැන නොබිදගෙන
නොබියව සිටගෙන පාර අද්දර

මහල් පිට මහල් පැලකර
ගොඩනැගිලි හෙවනැලි
පෙරලෙනවිට යන මගට



සන්සුන්ව තනි තට්ටුවක
ගමනක් තනියෙන්ම යන

වෙලද අරියාදු නගර සෝබන'
රැලි සුලි පිලිල වැඩි වෙන හෙට දවස
සැබෑ මිනිසෙකුගෙ සැබැරූපය
තව තවත් අරුත් ගැන්වී දිදුලවන
ඉන්ද්‍රනිල් මිනක් වී වැලලෙන්නටද? නියමිත

Saturday, June 14, 2014

මගේ අහසෙහි හැඩය
























කවාකාර, ත්‍රිකෝනාකාර
හතරැස්ද අසමමිතිකද
ගිනිය හැකි තරම් වෙති
කවුලුවකට උරුම හැඩතල - මෙදියත

බොහෝ වෙහෙසෙමි මම
මගේ අහසෙහි හැඩය ගැන

අහසෙහි හැඩය ඇද දෙන
කව්ලුවකට උරුම හැඩතල
ගිනිය හැකි තරම් වෙති - මෙදියත