Monday, April 3, 2017

මා දුටු ඒ අන්ධ ගායිකාව - රංජනී මල්ලිකා

මේක උනේ පසුගිය දා (2015) අවසන් උන ගංගාරාම වෙසක් කලාපෙදි, මතක හැටියට අන්තිම දවසට කලින් දා. මම වෙසක් කලාපේ ඇවිදන් යනකොට බෙරේ වැවේ එහා කෙලවරට වෙන්න වැව මැද හදපු වේදිකාවක සංගීත වැඩ සටහනක් පැවැත්වෙමින් තිබුනා, බැලුවම ඒක ටවර් හෝල් පදනමෙන් කරන එකේ ශිල්පීන් සහභාගී වන සංගීතයක්.

වැව මැද හදල තිබ්බ සෘජුකෝනාශ්‍රාකාර වේදිකාව වටේට නෙලුම් පෙති වලින් හැඩ කරල තිබ්බ, වේදිකවෙ ගල් කනු අනුරූ හතරක් තිබ්බ, මම එතනට යනකොට කුසුම් පෙරේරා සින්දු කියල ඉවර උනා විතරයි, ඊට පස්සෙ සින්දු කිව්වෙ චන්ද්‍රානි  ගුණවර්ධණ, මමත් වේදිකාවට බහින පඩිපෙල ලග වාඩිවෙල සින්දු අහන්න පටන් ගත්ත, මම ලගින්ම වාඩි වෙල හිටියෙ අම්මෙකුයි තාත්තෙකුයි දුවෙකුයි කියන්න පුලුවන් තුන් දෙනෙක්, අම්ම රෙදි හැට්ට ඇදන් හිටියෙ දුවත් මැදි වියේ කෙනෙක්, මම හිතුව ස්තිරෙටම වෙසක් බලන්න ආව කට්ටියක් කියල.

ඊට පස්සෙ සින්දු කිව්වෙ කුමාරි පෙරේරා, හැමෝම සුදු සාරි ඇදල හිටියට ඒ හැම එකකම දිලිසෙන බෝඩරයක් හරි තිබ්බ, ඕනිනම් මගුල් ගෙදරකට උනත් ඒ ගමන්ම යන්න පුලුවන් මට්ටමේ.

ත්‍යාගා එන් එඩ්වඩ් වගේ අය වැව් ඉවුරෙ ශබ්ද පරිපාලකටත් එක්ක හදල තිබ්බ තාවකාලික මඩුවෙ යකඩ පුටුවල වාඩිවෙලා හිටියෙ තමන්ගෙ වාරය එනකන්, අනුලා බුලත්සින්හල සින්දු කියනකොට අර මම කිව්ව අම්ම “අනුලා බුලත්සිංහල, මාලිනී බුලත්සිංහල, සන්ධ්‍යා බුලත්සිංහල සෙරොමල්ල අක්කල නංගිලා" කියල එයගෙ දුවට කිව්ව, ඉතින් මම හිතුව වෙසක් බලන්න ආපු කට්ටියක් කියන කතාව තහවුරු උනා.

එත් වේදිකාව සදුන් විජෙසිරිට බාර දෙනකොටම සංවිධායක මන්ඩලේ කෙනෙක් යැයි කිවහැකි කෙනෙක් ඇවිල්ල අර උදවියට කිව්ව දැන් ඉස්සරහට ඇවිල්ල ඉන්න කියල, වයසක අම්මත් දුවගෙ වාරුවෙන් ඉස්සරහට ගිහින් හිට ගත්ත, එතකොට තමා තෙරුනේ ඒ ටවර්හෝල් ගායිකාවක් කියල, ඔලුවෙ ලොකු මලක් ගහල හිටිය, ලොකු ඇට මාලයක් දාලා බතික් ලුන්ගියක් ඇදලා. 

සදුන් විජෙසිරිගෙ ගායනයෙන් පසුව නිවේදකය උපතින්ම දෘශ්‍ය ආභාධිත රංජනී මල්ලිකා ටවර්හෝල් ගායිකාවට වේදිකාවට ආරාධනා කරා, සහයෝගයට හය්යෙන් අත්පුඩි ගහන්න කිව්ව, ඉතින් අපි අත්පුඩි ගැහැව්වෙ වෙන අයට වඩා එතකොටයි මම දැන ගත්තේ දෘශ්‍ය ආභාධිතයි කියලත්. 

තමන්ගෙ නම කියනකොට ඒ ගායිකාව වේදිකාව දෙසට පියවර තියන්න පටන් ගත්තෙ මහත් අභිමානයෙන් ඒ වගෙම මුලින්ම කිව්ව නන්දා මාලිනිගෙ බුද්ධානු භාවේන කියන ගීතය මරු එකට කිව්ව, එක හරියට රියැලිටි වැඩසටහන්වල විනිශ්යකාරයො කියන විදිහට තමන්ගෙම කටහඩකින් කිව්වෙ, මරු එකට කියනව බන් කියල මගෙ ලග හිටිය කොල්ල උගෙ යාලුවට කිව්ව, එක ඉවර වෙල ලොකු අත්පුඩි සද්දෙකට පස්සෙ ඊලග සින්දුව කිව්ව, ඒ ඉන්ද්‍රානි සේනාරත්නගෙ “සිරිමා බෝ මුල වජිරාසන මත බෝසත් වැඩ වෙසෙනා” කියන ගීතය, ඒ සින්දුවත් කලින් අහල තිබ්බට මගේ මතකය අලුත් කලා, "utube" එකේ ගහල ඒ සින්දුව හොයන තරමටම. 

https://youtu.be/hdBFeCkKlWc  


කොහොමින් කොහොමහරි එදා සින්දු කිව්ව අයගෙන් වඩාත්ම ආදරයට පාත්‍ර උනේ ඒ රංජනී මල්ලිකා කියන ගායිකාව.

සින්දු කියල ඉවර උනාම වැව් ඉව්රෙ තිබ්බ මඩුවෙ යකඩ පුටුවෙ වාඩි වෙන්න එතුමියට ලැබුනා සුලු වෙලාවකට, ඊට පස්සේ නාම ලේඛනයක හරියක් දාල ලියුම් කවරය අතට දුන්න , පස්සෙ පැත්තක තිබ්බ බත් පැකැට්   එකකුයි වතුර බෝතලයකුයි ඇරගෙන ගෙදර අයත් එක්ක එතනින් පිටත් උනා. 

මැනිකේ අත්තනයක වගේ අය වේදිකාවට අවෙ පැත්තක අටවල තිබ්බ නෛපත්‍යාගාරයක් වගෙ තැනක ඉදල රජ ඇදුම් ඇදගෙන, අනෙක් අය වාරය එනකන් අර මඩුවෙ යකඩ පුටුවෙ හරි හිටිය, ඇදුම් පැලදුම් වලින් විතරක් නෙමේ එතන වැඩපිලිවෙලෙනුත් ඒ ගායිකාවට අඩු සැලකිලි ලැබුනාදෝ කියල මට හිතුන, මට මතක විදිහට ජනපති ප්‍රේමදාස මහත්තයගෙ කලේ "මාවතේ අපි" වගේ නමක් තියන වැඩසටහනක් රූපවාහිනියේ ගියා පාරෙ බස් වල සින්දු කියන අය හදුන්වල දෙන, එකෙ ජනප්‍රිය  උන අය ටවර් හොල් එකට ගත්ත වගේ මතකයකුත් තියනව, සමහර විට මේ ඒ ගායිකාවක වෙන්න පුලුවන්, ඒක නිසා අනෙක් අයගෙ සලකන විදිහ වෙනස් උනාද මන්ද.

කොහොමහරි යලි කවදාවත්ම හැබැහින් හෝ ජනමාධ්‍යකින් දකින්නට විදින්නට නොලැබෙයයි කිව හැකි මා දුටු ඒ අන්ධ ගායිකාවට, ඇගේ මියුරු හඩට උපහාරයකි මේ සටහන.

No comments:

Post a Comment