රැදී උන්
අගුපිලද සෝදා
කහ දියර ඉස
නැවත බාර දෙමි
පරවන විට
අලුත් පැහැයක් දෙන
අමුතුම මලක් වෙමි
නොසොයොන බව දැනම
වීථි දෙක තුනක් ඇති
කුඩා නගරයක
සැග වෙමි
හැර නොගොස් හැර යන
ප්‍රේමයේ
අවසාන කාර්තුව
කොස් කොළය, අඹ කොළය
නේක විසිතුරු පත්ය
නටුවෙන් ගැලවෙලා විසි උන
මිදුල හැඩිකොට විසිරුන
අමදී, ගොඩ ගසයි, ගිනිලයි
ඇගේ රාජකාරිය මෙය වේ
කුඩා වේතනයක්
ඇයට හිමි කරදෙන
දසුන කැලැතී
හැඩතල බොදව
වර්න දිය වී මුහුව
කෝ ? කොහෙද ?
පත් අතර සිටි ඇය
ජීවිතේ මහා සිතුවම
මතු වෙයි