Friday, May 1, 2015

නොඉදුල් කදුකර පෙදෙසකදිය



නොඉදුල් කදුකර පෙදෙසකදිද
දකිත හැක ලීහී ගිලිහී නාය ගිය තැන්
බොහෝ කුඩාවට උවද
විසිරී පැතිරුන

නුවුවමනා නෙරුම් ඉදිමුම් රළු තැන්
සමතලා කර සමනය කෙරුමට වෙන්න ඇති
නැතොත් ඒ අලුත්ම අලුත් ගසකට
පැල වෙන්න ඉඩ දෙන්න වෙන්න ඇති
ඔය මොනව නොවුනත්
තම සලුව සියතිනම පලුදු කර
නව රටාවකට පුරුද්දන එක
විනෝදය ගෙන දෙනු ඇත
කදුකරය නම රූබර අගනට

උපන් හැටියට හතර කොන රක්ශාකරගෙන
ඝනීභවනය වෙන එකද? නොඉදුල් කම
කාලයට  ජීවිතේ අලුත්වන ආශාවට ඉඩදෙන්න
එදිනෙදා රිද්මයට මුහුවෙන එකද? නොඉදුල්කම
යන පැනය ඉතිරිකරනෙමි ඔබට
දිනක මම නැතත් කවුරුන්ම හෝ සමග
නොඉදුල් කදුකර පෙදෙසක් තරනය කර
සොයා පාදා පිලිවදන් සපයනු පිනිස