Sunday, September 17, 2017

මල් සෞන්දර්ය




ඒ ගිරග මත බොහෝ මල් පිපී තිබිනි
නෙක රුවින් හා පැහැයන්ගෙන්
සමහරක් නම් දන්නා
සමහරක් නම් නොදන්නා

එ'ගිර  තරණය  කල ඔවුහු
වහා වැළඳගති  එ'මල්  පෙලහර
අහා කෙතරම් සොඳුරුද මේ මල්
විඩා නිවමින් සෙමෙර සැලුවා ඒ මල්

එතකින් නොසෑහී ඔවුහු
සොරා ගත්තා මල් ඇටද අතු රිකිලිද
‍රැගෙන ගොස් පැලකරනු රිසි
ඔවුනොවුන්ගේ කුඩා ගෙඋයන්වල  වල

නොදත්තවුන් මෙන් 
ගිරි මුදුන් වල තැවරෙන
ලපටි හිරු එලියෙන් අච්චුව තැනුන බව
නිති පතා හැපෙන මේ කුළු පැහය දියකර
ඒ ලා පැහැති වර්ණ ඉපදුන බව
ගිර'ග  පිස හමන සුළං කතුරෙන් කපා ගෙන 
පෙතිද , රේණුද හැඩ වැඩ දැමූ බව
ගිරි තරණෙන්  පසු පමණක්  විදිය යුතු
මල් සෞන්දර්යයක්  එතන වූ බව



6 comments:

  1. This comment has been removed by the author.

    ReplyDelete
  2. පොඩි පොඩි අක්ෂර වින්‍යාස දෝෂ තියෙනවා නේද? හදමුද?

    සෞන්දර්ය
    සමහරක්
    තරණය
    එ'මල්
    එ'ගිර
    සොඳුරුද
    ගෙඋයන්වල
    ගිර'ග
    වැළඳගති
    සුළං
    තරණෙන්
    වර්ණ
    පෙතිද , රේණුද
    පමණක්
    සෞන්දර්යයක්

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තුතී ලිඛිතා, ඔන්න ඔක්කොම හැදුවා

      Delete
  3. මේ වගේ ලස්සන කවියක්, ඒ වගේ පොඩි වැරදි වලින් වැහිලා යනවට තිබ්බ අකමැත්තට කිව්වේ. වරදවා හිතන එකක් නැහැ මම හිතන්නේ.... අවශ්‍යනම් මේ කොමෙන්ටු මකා දමන්න

    Thx

    ReplyDelete
  4. එහෙම කරන්න අවශ්‍ය නෑ මම ඒ කමෙන්ට් එකට කැමති එකෙන් මේ ඔබ සම්පූර්නයෙන්ම කවිය කියවූ බව, එයට කැමති වූ බව හා මට ඉගෙනීමට දෙයක් ඇති බව ප්‍රකාශ කරන්නක්

    ReplyDelete