Thursday, September 28, 2017

ඔබ කදිම පෙම්වතෙකි




සිලක් පුහ් ගා නිවෙන ලෙස
හිටි ගමන් අතුරුදන් වෙන එක
නෙවෙයි වෙන් වෙන්න හොදම විදිහ
දැකල දැකලම කරමලේ සුදු උන
කුකුලෙක් වෙන්න ඔබ මලම කරදරකාර

ඇයි ඔබට එන්න බැරි සති පොලට
එලෝලු විකුනන්න මම නොකන කරවිල
තුක් මොකට හැදෙනවද මේ තිත්ත කරවිල
පොලොවේ තියන රහත් තිත්තකට හරෝගෙන
මම බලා නොබලා යන්නම් හිතින් බැන බැන

නිති පතා යන එන දොර‍ටු දෙකේ බස් එකක
කොන්දොස්තර රුවන වී ඔබ ඉන්න එහෙනම්
ඉතිරි රුපියල නොදී ඉන්න ඕනැමයි ඔබ 
මටත් ඉල්ලන්න ලැජ්ජයි කොහොමත්ම
හිලව්වට රව රව මම යන්නම් ගමනාත්තයටම

ටිකක් සැර වැඩී තමයි ඒ පල්ලම් බැස්ම
හොදම විදිහකි දින පතා නරඹන මලා නාටකයකට එන එක
එන්න එහෙනම් හැමෝම බනින දුශ්ට චරිතයක වෙස් ගෙන
හරිම ලේසි අනේ ටයි කෝට් දාගෙන නපුරුකම් කරන එක
මමත් අම්මත් අක්කත් එකලෙසට එකට ඉදගෙන 
බනින්නම් එතකොට පලු යන්න මදි නොකියන්න


ඔබ කදිම පෙම්වතෙකි 
ආදරය ගැන දාර්ශනික බස් දොඩවපු
වෙන් වෙන්න හරිම විදිහවත් හරියටම නොදන්න

1 comment: