Tuesday, December 5, 2017

දුම් බටය




කම්හල් පියැසි හිසකින් මතුව
ගොජ ගොජ ගගා දුම් දමන
දුම් බටය 
මම නුඹ දකිමි
කාර්මික පෙදෙසක අහසක

කුඩා මාලුන් රගන නිල් දිය කඩිති
මල්ද සමනලයන්ද පිරුනු ඉතුරුනු
සොබාදම් නිල් සිතුවම ගිනිබත් කරන
විශ දුම පිබින ගිනි මකරෙක්ය නුඹ
දුම් බටය 
වෙර බදිනු ඇත ඔවුන් නු හට

කම්හල් දැති රෝද හා හාදව
කම්කරු දිවි සුසුම් මොලවන
ඒ දුක් දුමාරය අහසට වීසි කරවන
දුම් බටය
ධනපති බලල් අතකිය නුඹ
පලි ගසනු ඇති කෙනෙක් නු ගැන

මොකුත් නොකෙරෙන ලොකේක
කුමක් හෝ නව යමක් නිපදවන 
සංකේතයකි නුඹ
සජීවී බව කැන්දන 
පහන් හැගුමක් නැතිවා නොවේ 
ඉතා කුඩා පිරිසකට නුඹ ගැන

කොහේ කොතනින් මතු උනිද
කිමක් උදෙසා වෙර නගනුද
යන පැටිකිරිය  නොවිමසා
නුඹ මවන මේ දුම් රටා විද විද
තු‍ටු වියහැකිය මේ මට නම්

දුම් බටය 
දුම් බටයක් පමනි 
මේ මොහොත තුල මට

2 comments: