Sunday, May 14, 2017

නිල දියකරල හදවතට වක්කරනව

"ඔබ නැතිව ඔබ එක්ක" බැලුවම එකේ මගේ සිත්ගත්තම දේ උනේ චරිත සමග හරිහරියට යන්න තෙමාත්මක වර්නයක් භාවිතා කරල තිබුන එක. එක හරියට කතාවෙ ප්‍රධාන චරිත තුන සරත්සිරි, සෙල්වි නිල් පාටයි වගෙ. 
මෑතකාලීන වෙළදදැන්වීම් වල මේ උපක්‍රමය බහුලව භාවිතා වෙන්නක්.එවායෙදි අදාල වෙළද නාමයේ වර්නය සහිත පසුතල ඇදුම් පැලදුම් යොදාගන්නව එත් මේ චිත්‍රපටියෙදි ඒක, ඒ සංකල්පය ඊට වඩා ගැඹුරු තලයකට ගේනව.
නිල් පාට කදු වලලු ඈතින් පේන කුඩා නගරයකට නිලක් තැවරුන මීදුම ගලාඑනව, නිතරම වහින වැස්ස ඒ නිල දියකරල හදවතට වක්කරනව. අදුරු නිලට හිරු ඇදුම් ඇදන් ඉන්න උගස්කඩ කාරයෙක් ලගට එන ඔක්කොම අයත් නිලක ගිලීගිහින්, අපිට පෙන්නන ගෙදර ජනෙල් තිර ඇද රෙදි විතරක් නෙමේ උනුවතුර බොතලේ පවා නිල් පාටයි,පරන උනු සුදු බිත්තිවල පවා දියවෙලා යන නිල් පාටක් තියනව චිත්‍රයක වගේ,සරත්සිරිගේ හඩු නිල් පාට සරම එයා බිරිදට ඉන්දියාවට යන්න අදින්න ගේන නිල්පාට සාරියත් අතර අදුම් පැලදුම් සෙරම නිලට නෑකම් කියනව, මුලින්ම එයා සෙල්වි දකිනකොට ගින්දර රතු තැබිලි පාට සලුවක් ඔලුවට දාගෙන හිටියට ඊට පස්සේ එය එක අදින බවක් පෙන්නේ නෑ. ඉතින් එයා නිල් පාට සල්වාරියක් ඇදගෙන නිල් පාට කදු දිහා බලාගෙන නිල් පාට ජනේලෙකින් පැනල මැරෙනව.


මේ චිත්‍රපටියේ නිල් පාට භාවිතා කිරිම විතරක් නෙමෙ විශේසත්වය, මෙතෙක් නිල් පාට ගැන තිබ්බ සියලු මතවාද කනපිට හරවන එක. පිරිමි බව පෙන්වන සන්කේතාත්මකව වර්නයක් වන නිල් පාට නිදහස් බව එක්තරා අන්දමක සැහැල්ලුවක් සිසිලසක් ඇති වර්නයක් විදිහට මට මෙච්චර කල් දැනුනෙ. එත් මේ චිත්‍රපටියෙදි එකෙ ප්‍රතිපක්ශය  කියන්න පුලුවන් සිතුවිලි ලෝකයකට නිල ගෙනියනව.

නිල්පාට ගුප්ත කදු අතර ඉතාමත් හෙමින් ගලායන නිල්මීදුම සැහැල්ලු ලොකයක් විදිහට නෙමේ පේන්නේ මහා බර සදා කිසිදා වෙනස් නොවන කවදාවත් වෙනස් කරන්නත් බැරි මුඩුම මූසල ඉරනමක් ගැන කතාවක් කියනව, ඒ නිල්පාටම ඇදන් ඉන්න උනු ඉතා කුඩා ජීවිත දෙකක නිහඩ අරගලය මහමේරු පර්වතයක හිස ගසා ගන්නව වගේ දැනෙනව, එක හරියට ලෝකය තුල සියල්ල පරිපුර්නතවයට පත්වීම වලක්වන මොකද්දෝ බලවේගයක කතාවක් කියනව, කවදාවත්ම කිසිවක් කිසිදාක පරිපුර්න නොවේය කියල මට හිතන්න අන කරනව. මම හිතින් සෙල්වි සිංහල කෙල්ලෙක් කරල බලනව, එත් මෙ නිල එහෙමමයි, මම හිතින් සරත්සිරි දෙමලෙක් කරල බලව එත් නිල් නිල්මයි.

No comments:

Post a Comment