Friday, April 15, 2011

වැවක් හා මානව හදක්



මා මිනිසෙක් - නුඹ වැවක් උවද
අපි කතා කරමුද අපි අපි ගැන

හිස්තැනක් ඇත මහද
ඈ රැදී සිට ගිය තැන
ඈ සිටි හැඩයටම ගැඹුරටම හෑරුන

නිල් දිය අස්වැන්න පුරවා රදෝගෙන
සුදු පෙන රැලිති නන්වා සිනාසෙන
නුඹහිස්තැනකි - හිඩසකි
මහපොලොව මත නිර්මිත

එදා ඈ හා එකට වෙරලත
උරාබිව් ලවන මුසු සුලගම
මෙදා තනිවම විදිමි
පුරෝගෙන හද හිඩැසට

එදා ඈ හා එකට උයනතර
විද පුරුදු තෙත සිසිලතම
දොවා පුරවා සැනසෙමි ඒ හිඩැසට

පැය ගනන් වරු ගනන්
තනියෙන්ම අවාටයට බැසගෙන
අවට ලොකය මගහරිමි සිතුලෙස
හිස් නොවන හිස් තැනකි දැන් ඒ මට
මටම පමනකි එහි සෙත

එහෙත් වැව නුඹ
පුරවා දන් දෙයි දියවර
සාර කරමින්කෙත්වතු
මසුන් හා නෙක සත පෙල
දිවි ලබයි නුඹ ජල කද තුල
පස් පියුම් මෙන්ම කෙකටියද
දිවි පුබුදුවයි නුඹ මතම ලැග
නෙක දනන්ගේ දිවි දැල්ල
මෙලවෙයි නොවෙද?
නුඹ පිරූ හිඩැස මත

වහා නොවලහා පවසන්න වැව් සබද මට
නුඹ කවර නම් හදක දෙදරුමක ඵලයක්ද
හිමිකරගතු යුතු බැවින් අනේ දැන් මට
ලෝකයට සෙත සදන - හිඩැසක මිහිර

No comments:

Post a Comment