Friday, June 24, 2011

දිවි දොලදුක


අහසට ගෑවී නොගෑවෙන ලෙස හිදින
අර උස් කදු මුදුන් තරනය කොට
දිවි ගෙවමු අපි උදාරම් ලෙස
දිනෙක පැවසීය ඇය
තම දිවි දොලදුක

අහෝ සොදුරිය කදු හිස් යනු
අහස ජය ගනිමි යයි
සුනරුත් පැතුම් පොදි බැද
අතරමගදී මියගිය ගමනක
ඝනීභූතවූ නටබුන් වෙති
වඩා උස් කදු මුදුන් යනු
වඩා වැඩි කාලයක්
අර්ථවිරහිත ගමනක් ගියෝ වෙති

අපි හිදින් මේ තනි සමතලා බිම

ගමන ඇරබුමටද පෙර
වටහා ගත්තෙකිය ඒ නිසරු බව
ඉදින් සොදුරිය
හීන මානයට නොගනින්න මෙබිම මේ ලෙස
දිවි ගෙවුමු අපි සමතලා බිමක සරු ලෙස

No comments:

Post a Comment