Friday, July 22, 2011

දුර්ග මගක ගිය සුමිතුර....





එකම පාසලේ එකට
අකුරු ඇහිදූ අප එකල
එමග යන අතරමග උඹ
නතරවිය දිවි බර දරනු නොහැකිව
මිහි ලයට අමුනමින් තම දිවි සැරිය

පය ගසා සිටි පොලොවම කැන
අදුරු දෝනා පතල් හාරා මැන
නුඹේ ගමන් ගති - මිණි සොයන මග

එගිලෙන්න පාවෙන්න
වෙරදරද්දී මුලු ලොව
කුමට යන්නේද මේ
ලකයක් නැති දුර්ග කටුසර මගක
යටිසිතින්, සොපහාසයෙන්
සිනාසුනි අප එදවස

අකල්හී පවලම් පොටින් ගිලිහුනු
ලපටි තරුවක් සේ උවද අපට උඹ
මිහි මවට
වහා නොවලවහා පුරුදු උනුසුම සොයා ආ
පෙම්බර පුතෙකු සේ දැනෙන්නට ඇති උඹ

පතල් දෝනා හාර හාරා යන කටුක මග උඹටද
හිනි මගක් විය මිහි මව් තෙතමනය සොයා යන

පොලොව හැරදා වැවෙන
දිලෙන රුවැති සෝභන මග - අතරමග
උගුල් කඩතොලු වල හැපී මිරිකී
විසුලු රූ මැව්වද අප මුහුනු
රබ්බඩ හිනාවක් කට පුරොගෙන
දොලොස් මහ පාන සේ හිනැහේ
උඹ කටුක දිවි බර දරාගෙන

වාසියක් ඇතත් නැතත් අදදින
මිනි සොයා ඒ විද්ද විදමන තුල
අලුත් පතලක් කනිනු ඇත නුඹ
නැවත හෙට උදෑසන සතොසින

ඝන මහ පොලොව කැන
මිහි මව් ලය පාමුලටම වැද
කඩා ගොඩ ගැසූයේ ඉල්ලම් පමනක් නොව
මව් ලය උනුසුමට වැද වඩවා ගෙන නොවෙද
නොසෙල්වෙන දැඩි හද ගුන කැටයම
ලෝ දහම් කටුවෙන් මුවහත් කොට

අපටද යම් දිනක සොයා පදා ගත යුතුම
ගොඩගැහී දින දින වැඩී ඔපමට්ටම් වන
වලන් කටු ඉල්ලමක්
ඉපදිලා ඇති බව දකිමි
උඹේ තුනු හද මස තුල

4 comments:

  1. පතලේ ගල් බිත්ති කවි දියෙන් තෙමා අති හැටි අපූරුයි ..

    ReplyDelete
  2. ela ela thawa liyanna diriya shakthiya lebewa...........from mudi........

    ReplyDelete
  3. Apurui...

    ReplyDelete