Sunday, July 3, 2011

තිත.




ඔබට ඕනිඋනා හැමදේම
ගානට තිතට නූලට - නීතියට රීතියට
එහෙව් නුබ හැරගියා පෙම
පොතෙ හැටියටම
තබා යලිනොනැගිටින
නැවතිමේ තිතක්

හද පතුලතෙ නොදන්නා තැනක ඉපදී
එකතු වී පිරිපහදු වී නැවුම්වී විහිදෙන
දියබුබුලකිය මගෙ පෙම
එහෙව් සොදුරු විහිදුමක් වූ එය
එක පහරකින් හිටි හැටියේම
ගමන් මග අහිමි වූ කල
අනාථව අසරනව සැරිසරයි
කෙශනාලික වී විහිදෙමින්
අදුරු මහපොලොව මැද
වනසමින් දියකරමින්
මටද අවසග නොවන මගකිය එය

මතුදිනක
සොදුරු කුලවමියක සමග
ඔබ පා දරා සිටින උස් බිම
දෙදරවා ඉරිතැලී නාය යන විට
ඔබ සිතයි පොතෙ හැටියටම
මේ තමයි
කිසිවෙකුට අවසග නොවන
සොබදමෙහි බලගතු බලය බව

ඔව් ඇත්ත
කිසි දෙයක් වනසාලනු නොහැක
දෙයක් අන් දෙයකට පෙරලෙනු මිස
සොබා දහමෙහි සදා නීතිය මේ තමයි

1 comment:

  1. නෙතට නෙත නොගැටෙන
    කළු අදුරු කුටියක
    සොයන පෙම නිසරුය
    අව් රශ්මි ගිනි ගහන
    නෙතට ඉම පෙනුනනද
    පෙනෙන ඉම මිස නැත සිතට
    සිසිල සහනය
    තිත තබා අවසන
    කොමාවක් නොසයනු කිසිදින

    ReplyDelete