Monday, August 17, 2009














කනේරු ගහ කීයු කවිය

මාර දෙල් කොස්
වනස්පති කුලේ
ගස් යට
හිග පාඩු පුරන

හීන ලදු කැලෑ කුලයේ
උපන්නෙමු

ගෙවතු පිලිකනු
දෙවැටි බඩවැටි

රිසිවෙසම් ඉඩම් වල

අනෙ අනවසරයෙන්

සරන්නෙමු

මල් උයන් වතු සරන
උයන් පල් සෙනෙහස

නොවිදම
අපි අපෙ දිවි මග සරි
කරන්නෙමු

මෙහෙව් අඩුපඩු මදිවට
තොපේ වස කමින්
අනෙ අපෙ ලබැදියන්
මැරෙතැයි
නොයෙක අවලාද
නැගෙතැ‍යි

අඩෝවැඩියා නොනගා
අපිත් අපිට හැකි පමන
සොදුරු මල් උපද්දා
උදය සරසවන්නෙමු
සෙවන පල වැලද දන් දී
කැදලි හදන්නත් ඉඩ දී
සකුන ගන පමනක්ම නොව
වෙනත් ක්ශුද්‍ර ගන සමග අප
සාර සුබාවට දිවි ගෙවනන්නේ
ඉතින් මිනිසුනේ දැන්වත්
අනේ අපේ දිවිය තිත්තයි
තවත් ඉවසනුය බෑ සත්තයි
කියා විශ වලදන්නට පෙර
අපම කමටහනට ගෙන
දිරි ගනින් පලා නොයන්න
දුකත් නැතිව බැරි
මේ සොදුරු ජීවිතෙන්

3 comments: