Tuesday, November 2, 2010

වහා හකුලා ගනු


වහා හකුලා ගනු
වහා හකුලා ගනු
චන්ඩ හිරු රජුනි
මේ දැන්දැන්
රුදු සැඩ රළු කිරන
අප දවන -මලවන

අප ගත රුහිරු තෙත
තලා මිරිකා දාහය ලෙස
වස්සවා නාස්තිකර
පැනි බීම ඔඩම් තුල බහා
කොහෙවත් නැති සමාගම්
පෝසත් කරයි උඹ

නුඹගේ කිරන රැස් කදම්භ පහර වැද
දහ අතේ ණයවී තැනූ සුපසන් මාලිග
දුම් ගෙවල් මෙනි අනේ දැන්
පනපිටින් කරකුට්ටන් වෙන

තලන පාගන සුරාකන අපිට දත නියවන
රුපු සෙන් මාරසේනා අද බොහෝ වෙත
උනුන් එල ලු දැලක පැටලී එදිරි වී නුඹද
එකපෙලට හිටගෙන නොවෙද හරිහරියට

එහෙව් රූකඩ වේශ සුන්නත්දූලි කර
වහා හකුලා ගනු - වහා හකුලා ගනු
ඔය චන්ඩ කිරන රැස් දහර නැවත

4 comments:

  1. හොඳයි නියමයි.

    ReplyDelete
  2. හකුලා ගනුයි කීයූ නුඹ මට
    කියයි දවසක දියන් උණුසුම
    නොඅසමි මා නුඹේ මේ බස
    දිදුලමී මා මටම රිසිලෙස..

    නියමයි... සුපිරි!

    ReplyDelete
  3. බොහොමත්ම ස්තුතී සියලු ප්‍රතිචාර වලට
    ඔබේ ප්‍රතිචාර මට දිරියක්

    ReplyDelete