Thursday, October 28, 2010

රුදුරු වැහිබිදු



















නා කපන වැස්සට
කිලි කුනු සෝදගෙන
දිදුලතත්
තුරුලිය පෙල
මුඩු කඨොර රලු ගති මගහැර
තෙත්බරිත වී පෙගී මුදු ලෙස
හිනැහුනත්
මහ පොලොව
ඒ වැහි බිදු
වැටුනේම නම්
මහද පතුලත
මතක මිහිදන් කල
සොහොන්බිම මතටමය

ඒ රුදුරු වැහිබිදු
ඝන පිටකබොල දියකර සොදාපාලු කර
හැකිතරම රුවැති වේශයෙන් මිහිදන් කල
ප්‍රාන සම සේ සුරැකි මතක පිලිරූ පෙල
සැකිලි කුනුමස් පිරි කුනපයන් සේ සොබර
මතුකර උල්ලුපා ඇත අද

1 comment:

  1. සොහොන් බිම ඉදි කෙරුව
    මතක කන්දෙන් එපිට
    ය‍බොර බි‍ඳෙනා සුවඳ
    සිදුරු කරවයි මසිත

    අපූරුයි!

    ReplyDelete