Saturday, October 2, 2010

සිහින කැබලිති


උදාහිරු කිරන කෙදි මත
මිහිරි කූජන තාල තවරා
හද සවන් දොර මත මුදා
උදෑසන මා අවදි කරවයි

දහවලේ රුදු නිහඩ කඩතොලු
රුසිරු හඩ නළු මලු වල බහා
කොහේ කොතැනක සිට වට පිට
රුවට පිරියම් කර මට නෙලා දෙයි


අහම්බෙන්වත් මා ලග නොරැද
අතේ දුර මේ අහලකම රැදෙන
ලය උනුසුමට සුදු මුදු පහස නොපුදන
දිනක හැර යාද නොයාදෝ නොදනින

වර්නවත් තටු පැලදි
සැරිසරන සියොතුන්ම
පමනක් නොවේ තෙපි

මෙතෙක් කල් හද පුරා මාදුටු

ලෝදහම් මහ ගිරග මත හැපි සුනුවිසුනු
සමනල සිහින කැබලිති නොවෙද තෙපි?

2 comments:

  1. මලින් මල සොයා පැණි බී
    මල අමතක කර හැර පියඹා යන
    සෝබන සමනලයන් ගේ හරසුන්
    ලාමක පාවෙන සූකිරි සිහිනද
    කැබලි උනා යයි ඔබ දුක් වන්නේ?

    එදා මෙදාතුර සැමදා අලුයම
    නහවන හිරුගේ රන්වන් රන් වැසි
    බින්දු එකතුකර හදවත සරසා
    කැඩුණු බිඳුණු තැන් හොඳ හැටි සාදා
    අලුත් සිහිනයක් වෙත යනු සුමිතුර...

    ReplyDelete
  2. සිහින කැබලිති පාවෙන
    මේ සොදුරු සිහින අහසයට
    කුමට වෙහෙසෙමුද සොයා
    කැබලි නොම වෙන සිහින

    ස්තූතී ප්‍රතිචාරයට......

    ReplyDelete