Wednesday, November 11, 2009



බ්ලුමැන්ඩල්
කුණු කඳු වන්දනාව

නගර මන්දිර වලින්
පිහදා ඉවත හල
කුණු
නගර මාවත් මත
අනාථව සැරි සැරෑ
කුණු
නගර පැල්පත් දොර
හැපී මිරිකී ඇඹරැණු
කුණු
එකතු වී ගොඩ ගැසී
කඳු ගැසී

සුද්ධ පිරැවටයට මුවා වී
තුඃ එපා යයි ඉවත හල
තුගු මහල් මන්දිරද
පරයා යමින්
ඉහල ගොස්
නුවර මායා විලවුන් සුවඳ මත
නිර්ව‍‍‍‍යාජ දුගඳ නම් සුවඳ
පතුරමින්
බ්ලුමැන්ඩල් කුණු කඳු රජ
බලන් වැජඹෙනායුරැ
පවසමින්
කුණු උනත් කුණු කල
නොහැකි බව
ලෙහෙසියෙන් පහසුවෙන්
නමදිම් බෝ බැතියෙන්
මා නුඹේ කුණු කඳු හිස
නුඹ නොවෙද
රීදී රැපියල් මැද
අලුක්කාලක් උන
දසදහස් අපවන්
කුණු නොවුනු
කුණු දන හට
දිරි වඩන මඟ කියන
පහන් කඳු හිස

2 comments:

  1. මේ කවි අපූරුයි !!
    දිගටම ලියන්න සුසන්ත

    ReplyDelete
  2. thank u paba, onna mama ayeth liyanna patan gaththa

    ReplyDelete