Wednesday, October 28, 2009


මං මුලාවේ මග


”මැයි මාර ගස්
හන්දියෙන්
වමට හැරී
මැයි මල් තොරන යටින්
රළුගල් පොලොව මතින්
ලැටිස් ගහපු
ගෙදර හිටිය"
”සුහදිනී’”
සොයාගිය
මග මගහැර
”කොකා කෝලා
වටරවුමෙන්
දකුනට හැරී
ලේන් එක නම් ත්ර්ඞ්
පාර නම් හරි ෂෝක්
නම්බර් 977
ලොකු ගේට් එකක්
තියෙන අප්ස්ටෙයා
හව්ස් එකේ
”විරාජනී”සොයා ගොස්
ගමන අරඹා
බොහෝ දුරදිග ගොස්
බොහෝ කලකට පසුව
හැඟිනි මෙය නම්
මුලාවේ මගම බව
යලි හැරි
රතු මැයි මාර ගස්
හන්දියෙන් ඇරඹුන
මග සොයා ගියෙමි
හරිමග එමග බව දැන
එහෙත්
නොතිබුනි එදා තිබු
තුඟු වනස්පති
බඳු මැයි ගස්
පුවරුවක් විය මැයි ගසක
රුව රැගත් මේසේ සදහන්

”මැයි මාර ස්ටේට්හි
තෙවන අදියරෙහි බිම් කොටස්
75% විකිනී අවසන්
නොපමාව ඔබේ බිම් කොටස
අදම වෙන්කර ගන්න"

No comments:

Post a Comment