
Tuesday, August 25, 2009
Monday, August 17, 2009
කනේරු ගහ කීයු කවිය
මාර දෙල් කොස්
වනස්පති කුලේ
ගස් යට
හිග පාඩු පුරන
හීන ලදු කැලෑ කුලයේ
උපන්නෙමු
ගෙවතු පිලිකනු
දෙවැටි බඩවැටි
රිසිවෙසම් ඉඩම් වල
අනෙ අනවසරයෙන්
සරන්නෙමු
මල් උයන් වතු සරන
උයන් පල් සෙනෙහස
නොවිදම
අපි අපෙ දිවි මග සරි
කරන්නෙමු
මෙහෙව් අඩුපඩු මදිවට
තොපේ වස කමින්
අනෙ අපෙ ලබැදියන්
මැරෙතැයි
නොයෙක අවලාද
නැගෙතැයි
අඩෝවැඩියා නොනගා
අපිත් අපිට හැකි පමන
සොදුරු මල් උපද්දා
උදය සරසවන්නෙමු
සෙවන පල වැලද දන් දී
කැදලි හදන්නත් ඉඩ දී
සකුන ගන පමනක්ම නොව
වෙනත් ක්ශුද්‍ර ගන සමග අප
සාර සුබාවට දිවි ගෙවනන්නේ
ඉතින් මිනිසුනේ දැන්වත්
අනේ අපේ දිවිය තිත්තයි
තවත් ඉවසනුය බෑ සත්තයි
කියා විශ වලදන්නට පෙර
අපම කමටහනට ගෙන
දිරි ගනින් පලා නොයන්න
දුකත් නැතිව බැරි
මේ සොදුරු ජීවිතෙන්
Tuesday, August 11, 2009
12/09/2009
Tuesday, August 4, 2009
නොතිව් තිත
නොතිව් තිත කියන්නෙ මගෙ නිර්මාන එලිදක්වන්න කරපු බ්ලොග් අඩවියක්.
මම මගෙ මෙ අවකාශය නම් කරෙ මම සයිබර් අවකශයට මුලින්ම ලිව්ව කවියෙ නමින්.
ඒ කවිය මට මෙතෙක් මට "නොතිව් තිතක්ම" උනා. මගෙ මේ කවිය මුලින්ම පල කලෙ "කැටපත් පව්රෙ" ඊට පස්සෙ මගෙ මූනු පොතෙත්, බූන්දිය, සන්නස අතුලු සගරා වල පලවුනා, එකෙන් මට ගොඩක් ප්‍රතිචාර ලබුනා එතින් මට නොතිව් තිත නොකඩවා ලියන්න නොතිව් තිතක්ම උනා.ඉතින් අදින් පසු
මම මගෙ මෙ අවකාශය නම් කරෙ මම සයිබර් අවකශයට මුලින්ම ලිව්ව කවියෙ නමින්.
ඒ කවිය මට මෙතෙක් මට "නොතිව් තිතක්ම" උනා. මගෙ මේ කවිය මුලින්ම පල කලෙ "කැටපත් පව්රෙ" ඊට පස්සෙ මගෙ මූනු පොතෙත්, බූන්දිය, සන්නස අතුලු සගරා වල පලවුනා, එකෙන් මට ගොඩක් ප්‍රතිචාර ලබුනා එතින් මට නොතිව් තිත නොකඩවා ලියන්න නොතිව් තිතක්ම උනා.ඉතින් අදින් පසු
මම
"නොතිව් තිතට" නොතබමි තිත,
ඔබත්
"නොතිව් තිතට" නොතබන්න තිත.
"නොතිව් තිතට" නොතබමි තිත,
ඔබත්
"නොතිව් තිතට" නොතබන්න තිත.
මෙතෙක් ආ කවි මග

කව්ලුවක්......
පොලොවට ගොඩක් දුර
කව්ලුවක් ලග හිද
අප එදා නැරබුවා
අතුලත සිටම
පිටත
දුටු මතින් ඔබ දෙනෙත
බදා ගත්තා වැලද
පල මලින් සැරසි
උදාරම් තුරු සිරස
මම දුටිමි ඒ හා සමව
නිපදනු පිනිස මල් පල
මහ පොලොව මත වැතිර
දහදුක් විදින මුල් පෙල
ගස පිලිබද මතක
කව්ලුවක් වී මහද
කියදුන්න මටම
ඔබ මලක් උනත්
මම මුලක් බව
එතෙන් සිටඅරබුනා
මියයන්න
මල මුල යා කරන කද

පොලොවට ගොඩක් දුර
කව්ලුවක් ලග හිද
අප එදා නැරබුවා
අතුලත සිටම
පිටත
දුටු මතින් ඔබ දෙනෙත
බදා ගත්තා වැලද
පල මලින් සැරසි
උදාරම් තුරු සිරස
මම දුටිමි ඒ හා සමව
නිපදනු පිනිස මල් පල
මහ පොලොව මත වැතිර
දහදුක් විදින මුල් පෙල
ගස පිලිබද මතක
කව්ලුවක් වී මහද
කියදුන්න මටම
ඔබ මලක් උනත්
මම මුලක් බව
එතෙන් සිටඅරබුනා
මියයන්න
මල මුල යා කරන කද
Subscribe to:
Posts (Atom)