සුනීතව
වසුරු කඳ දරා
ඔබ පෙරමගට
පැමිණෙමි
දුගඳයි, ජුගුප්සාජනකයි
කියා නොඉල්ලමි සමාව
අසුභ දසුනක් මවතැයි
කානුවකට පැනද
නොසැගවෙන්නෙමි
මෙමග ඔබ සතු උවද
අන් මගක් කෝ? මට
ඔව් යලි යලිත්
මුන ගැහෙනු ඇත මම
ඉවසා වැදෑරිය යුතුමය
මේ දුක්ඛ දුර්ගණ්ධය
මට මෙන්ම
අන් මගක් කෝ ඔබටද?
සන්වෙගයෙන් දන්වමි
දෙදෙනෙකුට අයිති බව
මගේ උර රැදි වසුරු කඳ
ඇයි එහෙම වෙන්නෙ !
ReplyDeleteඅගෙයි. ෆලෝවක් දමා යමි.
ReplyDelete