Sunday, August 23, 2015

ඇය බලා සිටියාය

















ඇය බලා සිටියාය 
රැගෙන එනතෙක් ඔහු
කබල් ඔරුවක්වත් ඇය වෙනුවෙන්
ඒ වෙරල ලග තනිවම

ඇයට ඔනෑ උනා 
අතරමන් කරවීමකට
කවුරුන් විසින් හෝ 
මහ දියබ මැද නිහඩ

ජීවත් වෙන්න 
ඇත්තම ඇත්ත නොව
බොරුවක් උනත් ඇති 
එකමුතුව ගොතන
ඈ රැදී සිටියේ 
ඒ වගෙ තැනක ඒ වෙනකොට

කොහොමත් ගමනාන්තය නොදකින
ගමනක්ම බව දැන සිටියාය නිසැකව
දියබත් වෙන්න පෙර
දිවි රැක ගන්න අතැර හැර යන්න
හොද හිතින් ඔහුට සමු දෙන්න 
වදන් ඒ වෙනකොටත් සතුව තිබුනා මැයට

ගස් ගල් වගේ වයසට නොගොස්
දිවි දියබ මැද කැලබෙන්න පොරකන්න
හිතුමතේ ආශාව හැරයන්න
අයෙත් බදා වලදන්න
ඇයට ඔනෑ උනා ඒ වගේ සෙල්ලමක නියැලෙන්න

පොරබදද්දී කතරක් වගේ දියබක
පසු කර යනු දකින්නට
රුවැති ඔරුවක ඔහු වෙනකෙකු සමග
ඔනෑ උනා ඇයටද
හදවතේ මිහිරි කටු ඇනගන්න
ඇය බලා සිටියාය 
රැගෙන එනතෙක් ඔහු
කබල් ඔරුවක්වත් ඇය වෙනුවෙන්

2 comments: