Sunday, December 26, 2010

මගේ අහස

















අහස ලොකු විය - මම කුඩා විය

විසල් අහසට පෙම් බදින්නට පෙර
මා නොදත්තෙමි මෙහෙව් වගතුග

එක් කොනක් සරසන විට මහත් ලෙස
අනෙක් කොන - ජරපත්ව වියැකෙයි
සියල් සපිරිනු - පිරුනු දසුනක්
කිසිදිනක නොදිටිමි නිරන්තර

දෙකොන පෑගෙන පොල්පිත්ත ලෙස
පදුරුල
, මහා මල සමයමක් ඉහ මත

මුහුද ගොඩබිම ආනුපානෙට
දියත සුවිසල් බවට පෑහෙන
උඩින් පොරව
යි විසල් නුබ කුස

එවන් අහසක් මොටද
කුඩා මා හට පැලදුමට

මගේ උස් මිටි කමට සැසදෙන
එයින් කොටහක් කඩා ඉහලමි

2 comments:

  1. ලස්සන පද ගැළපුමක්.....

    ReplyDelete
  2. ලස්සනට ලියලා තියෙනවා දිගටම ලියන්න. ජය වේවා !!!

    ReplyDelete