Sunday, November 28, 2010

රූල් නැති පොත්




මුතු දිමුතු අකුරෙන්
සදොස් වැකියෙන්
වියත් බසකින්
මුල -මැද- අග
සිදුවීම් සීරුවට අමුනා
පබැදුවෙමු අපි එදවස
ජීවිතේ වියමන

ඒ වියූ වියමන අත්හැර
ඔබ අන් වියමනක අද

මුතු අකුරු බොද වී
දිවි රටා දිය වී දැන්
ජීවිතය
හිස්ම හිස් පිටුවකි

පැතුම් සෙදී උරා ගත්
හැගුම් වියලී නිදාගත්
මේ හිස්ම හිස් පිටු
කිලිටි කඩදහි සේ
කසල බදුනට
වීසි නොකරමි

රූල් රටා හැම සිදී බිදී වියැකුන
සියල් රීති හැම ගොලුවී මැලවුන
මේ නොහිස් හිස් පිටු
නොපීදුනු සියපත් රටා පූදින
ජීවිතේ සැබෑ වියමන ලියලන
සුනිල නිල් දිය උනන උල්පතයි

ඉතින්, මුදල් දීවත් ගතහැකිද කොහෙන්වත්
දිවි දිගහැරුමට මෙවන් - රූල් නැති පොත්

චායාරූපය -www.jupiterimages.com/
ImageroyaltyFree/
77999499

5 comments:

  1. ජීවිතේ කඩදහියෙ
    ඔබ ලියූ මහ කවක්
    අනර්ඝයි

    ReplyDelete
  2. අනේ අම්මේ මෙව්වා හරි සංකීරනයි නේ...
    තව පාරක් කියවලා ට්‍රයි කරමුකෝ...

    :D :D

    ReplyDelete
  3. එදා හවුලේ ඇමුනූ අකුරු . . . .අද තනිවී බොඳවුනු දෙනෙතින් කියවන විට . . .. ."අතීතය සිහිනයක් පමනයි . . සැබෑ සුවඳක් නෑ" කියා . . .. හිත රවටා ගන්න ඇහැක් නම් . . .. කොතරම් හොඳයිද . . !!!!

    ReplyDelete
  4. හරිම ලස්සනයි නිර්මාණය...

    ReplyDelete
  5. බොහොමත්ම ස්තුතී සියලු ප්‍රතිචාර වලට
    ඔබේ ප්‍රතිචාර මට දිරියක්
    Princess Thushy ඔයා තමයි මෙ බ්ලොග් එකෙ 50වෙනි follower , thank u

    ReplyDelete