Tuesday, November 16, 2010

ලෙච්චමී තේ ගහකටවත් නොකී කව


කොලයෙන් දළුවෙන් ගොතලා
අරිම්බුවෙන් රටා දැමූ
තද නීල කොල සාරියකි ලොකු
මුලුවසන් තේ යාය පිටපොත්ත

පන්දලම් තිඹිරිගේ ඇතැරවිත්
කප්පාදු වී දහ දොලොස්වර
අගුටු වී වාමනව
දළු නිල්ල යට සැගව
සදා දුක් වීදී අතු කය


නෙත්තියේ පදුරකින් පදුරකට
දළු නෙලමින් යනෙනා අතර
විදා අතු කෝටු යන මග හරස් කර
මොට්ට අතු තුඩින් දෙකකුලට ඇන
නේක හිරිහැර කරයි අතු කඳ

අනේ ආඩවනේ....!
ඇයි අරියාදු අපිටම

කනේ කඩුක්කන් බන්ගලි වලලු දැම්මට
පච්චවඩම් මල් සාරි ඇන්දාට පැලැන්දට

ඔහේ නිදහසේ අතු බෙදී උස යනු නොහැකි
හිතේ හැටියටම මල් මවා ඵල ලනු නොහැකි
කදු පාවුලක ලැයින් ගෙදරක වකුටු වී බුදියන
අපිත් නුඹලත්
එකම රෝලක ඇඹරෙන දළු නොවෙද



චායාරූපය-http://www.superstock.com

8 comments:

  1. .
    මහතුනේ අපට
    ගොතන්නට කවි නැත
    සිඹින්නට සිහින නැත
    පඳුරින් පඳුරකට ඇස් යවා
    නොදැක්කා සේ ඉන්නවා හැර
    අහන්නට මේ අවනඩු
    කවුරුවත් නැත

    මේ පච්ච වඩම් සාරි
    මල් දියවුනේ කොහොමද
    මේ දිය සීරා යට
    අකුලාන අතපය
    බෙරිව ඉන්නේ කොහොමද
    නෝකාඩුවකට
    අපට ඉඩ නැත


    හරිම ලස්සන කවි...!

    ReplyDelete
  2. thank u...
    oyage kaviyath lassanai

    ReplyDelete
  3. සුපිරි කවියක්..සුබ පැතුම්!

    ReplyDelete
  4. thank u .........
    sujeewa n chirantha

    ReplyDelete
  5. hengeembaray....manawa dayawa ithirenawa....ස්තුතියි obat.apith numbalath ekama rolaka embarena balu noweda?

    ReplyDelete
  6. කවුරුත් නොදැකපු නොලියපු පැතිකඩක්.එය තාත්විකව අපට කියා දෙන්නෙ ඇත්ත සගවන්නෙ නැතිව. ලිවිය යුත්තේ රජ මාළිගා ගැන නොවේ. මේ වැනි කාටත් ඇස නොගැසෙනා දිලින්දන් අසරණයින් ගැනයි.ඔබට ස්තූතියි බෙහෙවින්ම..

    ReplyDelete
  7. බොහොමත්ම ස්තුතී සියලු ප්‍රතිචාර වලට
    ඔබේ ප්‍රතිචාර මට දිරියක්

    ReplyDelete
  8. thanx you might like http://www.mytrickpages.com too check it out

    ReplyDelete