Tuesday, April 27, 2010

ඒකපාර්ශ්වික පෙම




















වෙළ අද්දර උස පොල් ගහ
තාල කුලයේ සිරිත් අත්හැර
හැරී නැමී වෙළ දෙසටම
ඇතිපදම් හිරු එලිය උරා ගෙන
ඉස්පාසුවට ඉඩකඩද හදාගෙන
හැදී වැඩෙයි අපුරුවට

මමත් ඔබ දෙසටම
හැරීගෙන නැමීගෙන
වැඩියමක් වැඩිදෙයක් නොව
ලැබිය යුතු දේ
ලැබිය යුතු තරමට
පමණක්ම පැතිමි

තාල කුලයේ කදක් වීමි මම අවසන
කමකට නැති අරටුවකට වගකියන
ඒක පාර්ශ්වික පෙමකින් වලමත්ව
නිකන් නිස්කාරනේ ඇබරී ඇදඋන

5 comments:

  1. තනි හදක් පුදකරන
    පෙම නියම පෙම නෙමෙයි
    නිස්කාරණේ ඇදුණු
    එකම ගස ඔබ නෙමෙයි

    ReplyDelete
  2. මගෙ හදේ නුඹ ගැනම
    ඉපදුනාවූ එ පෙම
    මහදේම තබාගෙන
    විඳවමි සෑමදින...

    ලස්සනයි කවිය.
    "වැඩියමක් වැඩිදෙයක් නොව
    ලැබිය යුතු දේ
    ලැබිය යුතු තරමට
    පමණක්ම පැතිමි" අන්න ඒක නම් හිතට දැනුනා. ඒත් හිතට ආදරේ දැනෙනකොට ඒකට ඇතිවෙන ලෝබ කම අඩුකරගන්න විදියක් ගැන තවමත් මම කල්පනා කරනවා.

    ReplyDelete
  3. අපූරු උපහැරණයක්...... නියමයි....... ජය පතනවා සහෝ.....

    ReplyDelete
  4. මේකනම් නියමයි තමයි...

    ReplyDelete
  5. prathichara godai,,,,,,,,
    okkotama sthuthi....

    ReplyDelete