Tuesday, April 6, 2010

ගස සහ මම




ලපටි දලුපත් මද නලකට උවද සැලුනද
චන්ඩ මාරුතයකදී උවද නොසෙල්වෙන
අරටු බැසි දෘඩ සෘජු කාය ඝන කදක් ඇත
සෑම මහ ගසටම

ලෝ දහමින් නිති සැලෙන -මැලවෙන
හද මෘදු ලපටි දළු අත්හැර -අහක්කර
දැඩි සෘජු පිරිමි ගතිගුනම උලුප්පන
ඝන හද අරටුවම පමනක් පතමි මම

එහෙත්
ගසක් යැයි කිව හැකිද? කාටවත් කටක් ඇර
මල් කොල නොමැති නිකම්ම නිකන් කදකට

3 comments:

  1. නියමයි සංකල්පනාව. අපූරු රසයක් නැවුම් බවක් සහ පණිවුඩයක් තියෙනව.
    ඔබට ජය!

    ReplyDelete
  2. thank u biguwa n outsider........

    ReplyDelete