Sunday, March 14, 2010

රමණීය රමණය....
























එක මගක එකලාව

ප්‍රති දිශා හබා යන
ඔබ ඔබම ලෙස
මම මමම ලෙස
නැවත
හති වැටි අභිමුඛ වන
වෘත්තයක ගමනක්ය
රමණය

කිසිවිටක කිසිදිනක
මධ්‍ය ලක්ශය නොදකින

සොදුර ඔබ මා පතන ඒ
දිව්‍යමය මධ්‍ය ලක්ශය
හතිලන සිහින මිරිගුවක් උවද
අප අදින මේ සසග වෘත්තයේ
විචලනය වන අරය ගුරුකොට
ඔබ මා තුලට

මා ඔබ තුලට
ඇද බැද වෙලන
හද රැහැන් ලියලන
රමණීය රැගුමක්ය
මේ රමණය







7 comments:

  1. සොදුර ඔබ මා පතන ඒ
    දිව්‍යමය මධ්‍ය ලක්ශය
    හතිලන සිහින මිරිගුවක් උවද
    අප අදින මේ සසග වෘත්තයේ
    විචලනය වන අරය ගුරුකොට
    ඔබ මා තුලට


    UPARIMAIIII...

    ReplyDelete
  2. ඉතාමයි.. හරිම මෙව්වයි...!

    ReplyDelete
  3. This comment has been removed by the author.

    ReplyDelete
  4. ජීවිතයත් වෘත්තයක් මෙනි. කලක් පසු කළ තැනක් නැවත පසු කිරීමට සිදුවේ. වෙනස කාලය පමණි.
    එසේම හැම රමණීය රමණයක්ම හද නොලියලවන බව මාගේ හැගුමයි.

    ReplyDelete
  5. හද නොලියලවන රමණයක් රමණීය නොවන බව මාගේ හැගුමයි.
    sthuthie obe prathicharayata

    ReplyDelete