
අම්මා සහ රතු මැයි මාර මල් ගස
ඉවසා වදාරා
නිහඩ වෘතයෙන්ම
සොයා පිරිමහගෙන
ජල ලවන පෝශක
තනා කැටයම් කරයි
මනා සායම් පොවයි
දස දහස් මල් දරැ කළල
මව් මාර මල්ගැබ
හොර රහසින්ම
එලබි පසු මැයි මස
උපද්දා
පෙලහර පානු රිසි
තම රතු මල් සම්පත
රතු මැයි මාර මල් ගස
ඉතින් අම්මේ........
නොතැවී
නොහඩාම විදගමි
මව් ඇකයෙන් මිදී
වෙන් වී ගෙවෙන
රුදු කාල පරතරය
දනිමි අම්මේ.....
නිසැකවම
ගසක් සේ
විසල් මැයි මාර
උතුම් මව් හද ගැබ තුල
ඉපදී හැදී වැඩෙනා බව
මම එනතෙක්
දස දහස් සෙනෙහස්
කළල මල් යස රුවට