Tuesday, October 14, 2014
ඇදුමක් අනුරුවක් හා ගැහැනියක්
වීදුරු බිත්තියෙන් ඇතුලත
කවන්ධ අනුරුවක ඇගලා ඇත
මා කැමතිම ඇදුම් හා ඇගලුම්
හිතින් සවිකර මහිස ඒ සිරුරට
හැඩ වැඩ බලමි තාලයට ඇවිදිමි
තනියෙන්ම හිනා වෙමි
කැඩපතක් කරගෙන තුරුනු හිත
සැප රැදුන මැදුරක
ඉඩ කඩ ඇතිව සුපිපුන
තුනු කයක හැඩනිල
සීරුවට මැන කොවකට ගෙන
වක්කර පෙරාගත් අනුරුවකි
හිස නැතත් ඔය කය
එහිම අනුපිටපත්ය
මේ ඇදුම් හාඇගලුම්
සරු නිසරු කාල පරතර අතර
මහත් වී හීන් වී ගැට ගැසුනු
තදියන් පෙම්වතුන් අත
මිරිකුනු තැලුනු ඇද උන
දරු වැදූ බත ඉයූ දර පැලූ
දුකින් පිරියම් කල
ජීවිතේ සැබෑ සිරුරත හැඩනිල
මනින්නට මාන නැත කෝදු නැත
අනුරුවකට කොටු කල නොහැක
එහෙව් සිරුරට ඔය ඇදුම
ජීවිතේ සැබෑ කඩතොලු උලුප්පා
කිසි අන්ගපුලාවකට නැති
විකාර රුවක්ම මවනු ඇති
නැවත සිටුවා මහිස
එහිසට උරුම සිරුරට
පියනගමි බැහරට
අන් ඇදුමකට හිරවෙන එක
සැබෑ රූපය ට හොරකරනඑක
උරුමය තමයි අපි වගෙ ලදුනට
Tuesday, June 17, 2014
චිත්රසේන කලායතනය නාරාහේන්පිට

මන්තීරු එක දෙක වැඩිකර
බේස් ලයින් මග රගන විට
දැහැන නොබිදගෙන
නොබියව සිටගෙන පාර අද්දර
මහල් පිට මහල් පැලකර
ගොඩනැගිලි හෙවනැලි
පෙරලෙනවිට යන මගට
සන්සුන්ව තනි තට්ටුවක
ගමනක් තනියෙන්ම යන
වෙලද අරියාදු නගර සෝබන'
රැලි සුලි පිලිල වැඩි වෙන හෙට දවස
සැබෑ මිනිසෙකුගෙ සැබැරූපය
තව තවත් අරුත් ගැන්වී දිදුලවන
ඉන්ද්රනිල් මිනක් වී වැලලෙන්නටද? නියමිත
Saturday, June 14, 2014
මගේ අහසෙහි හැඩය
කවාකාර, ත්රිකෝනාකාර
හතරැස්ද අසමමිතිකද
ගිනිය හැකි තරම් වෙති
කවුලුවකට උරුම හැඩතල - මෙදියත
බොහෝ වෙහෙසෙමි මම
මගේ අහසෙහි හැඩය ගැන
අහසෙහි හැඩය ඇද දෙන
කව්ලුවකට උරුම හැඩතල
ගිනිය හැකි තරම් වෙති - මෙදියත
Friday, January 24, 2014
වැහි වලාකුලු
අහස කිව්වම
මතක් වෙන්නෙම
ඉර, හද,
නැත්තම් තරු
කොතෙක් හිටියත්
වැඩක් නැති
ලාබ කෙල්ලන්ය
වැහි වලාකුලු
සා පවස සන්සිදුවන
දිය රැගෙන පාවෙන
වැහි වලාකුලු
වීදියේ දුම්රියේ
වැඩපලේ කඩපලේ
කදුලු බිරමක් අදින
වැහි වලාකුලු
මතක් වෙන්නෙම
ඉර, හද,
නැත්තම් තරු
කොතෙක් හිටියත්
වැඩක් නැති
ලාබ කෙල්ලන්ය
වැහි වලාකුලු
සා පවස සන්සිදුවන
දිය රැගෙන පාවෙන
වැහි වලාකුලු
වීදියේ දුම්රියේ
වැඩපලේ කඩපලේ
කදුලු බිරමක් අදින
වැහි වලාකුලු
Subscribe to:
Posts (Atom)