Sunday, March 18, 2012
ලිහී ගිලිහී හැලුනු මුතුවක්
දිනක නුගේගොඩ නම් හන්දියක
වීදි නෙත්තියක - මිනිස් වාටියක
ඈ රැදී සිටියාය
දහවල මියයමින් යන හෝරාවක
කෙටි සායකිය සුදු - දනෙන් ඉහලින් ඇරබෙන
රතු බැනියමකිය - උඩුකය වසා හිරවී බේරෙන
රැලි තියා සිරුවට හැඩ - කුඩයකිය සුරත මත
නොගැලපුනා කිසි ලෙසකින් එකිනෙකට
අනෙත් අය සමගද ඒ සමව
ඈ රැදී නොරැදී සිටියාය ඔවුනතර
මදක් මඩ රැදුනා උවද
නෙලුම් පතක රැදි දිය බිදුවක් ලෙස
ගැහැනුන් ගියා බලා නොබලා ඇය දෙස
පිරිමින් මාරුවෙති සීරුවට අරපරිස්සමට
වැරදි ඇසකින් නොබලතිය ඔවුන් ඈ දෙස
හරි විදිහටද නොබලතිය ඔවුන් කිසිලෙස
වෙර නොබැන්දා ඇය ඔවුන් වෙත කිසි ලෙස
මුතු හරක ලිහී ගිලිහී හැලුනු මුතුවක්
මවා අඩුවක් - තනා හිඩැසක්
වහා මතු වී කැපී පෙනෙනා බව දන්නාක මෙනි
Subscribe to:
Posts (Atom)