
වීදි මතද පිලිකනුද, අගුපිල්වලද
මැදුරු සදලුතල උයන්වතු තුලද
සොයා යැද්දෙමි - හඹා නැසුනෙමි
දිවි බදුන පුරවනු පිනිස ජීවිත මිහිරි මී විත
සෙව්වා මිසක පිස්සුවෙන් මෙන් දිවි මී විත
නොදැක්කා හිස්බදුන මත හිස් බව හරියට
අද පිරෙයි හෙට පිරෙයි
මතුයම්ම දවසක පිරෙයි
එක් බදුනකටද නොසෑහෙන තරම්
නේක රස සිහින අන්කුර පදුරුලන
හිස් උනත් හිස්ම නැත ඇත්තටම
මල් රේනුවකට
දූවිලි පොදකට
සුලන් පොදකට
පැමින අන්දම් පෑ හැකි
දිවි බදුන් පිරවිය යුතුම
හොදම විත නොවෙද මේ- හිස්කම
නේක රස සිහින අන්කුර පදුරුලන
හිස් උනත් හිස්ම නැත ඇත්තටම
මල් රේනුවකට
දූවිලි පොදකට
සුලන් පොදකට
පැමින අන්දම් පෑ හැකි
දිවි බදුන් පිරවිය යුතුම
හොදම විත නොවෙද මේ- හිස්කම