
නිමිත්ත -
සුපිරි තරුවක් තෙරීමේදී ගායන හැකියාව මෙන්ම
බාහිර පෙනුම ගැනත් අපි සැලකිලිමත් වෙනවා,
සුපිරි තරු විනිශ්චය කරුවෙක්
කැත්ත උදැල්ලට
පතුරු වී ගිය අත පය
නොවේ සියුමැලි
නෙලුම් පෙත්තක් මෙන්
අව් කූටකේ පිච්චී
කලු වූ ගත වත
නොවේ පැහැපත්
ඇත් දල පාට විහිදන
දහඩිය සුවද මිස ගත
නොවිහිදුවයි
මල් සුගන්දය මනහර
එහෙත් කැලතේ
මධුර කන්කලු නදක්
පපු තෙතමනය යට
තද ඇත් දල බිතු කුහර මැද
ගජ මුතු ඉපිද ඔප වන මෙන්
උලා වත්සුනු බැරිය මැකුමට
මේ සැබෑ ඝන පිට පොත්ත
ඔබ සොයන තරුවට රිසි වන මෙන්
ස්වරාලය පෙනහැල්ල
පෙරා විහිදූවද මධුර ලෙස හඩ
දිවි සටන ඉදිරි පෙල ලය පාන
සදා දුක් විදින මේ කය ඇදුම
තමයි හඩ උපදිනා මව් ගැබ
ඔපවේද හෙට දවස මිනි කැට
අහිමි වූ කල මාතෘ ඉල්ලම් පස
ඉතින් නොනගිමි
ඔබේ සුපිරි වේදිකාවට
ජය ගැනුමට
ජය ගත යුතු බැවින්
හඩ මෙන්ම
හඩට උරුමවූ සැබෑ රුව
සුපිරි තරුවක් තෙරීමේදී ගායන හැකියාව මෙන්ම
බාහිර පෙනුම ගැනත් අපි සැලකිලිමත් වෙනවා,
සුපිරි තරු විනිශ්චය කරුවෙක්
කැත්ත උදැල්ලට
පතුරු වී ගිය අත පය
නොවේ සියුමැලි
නෙලුම් පෙත්තක් මෙන්
අව් කූටකේ පිච්චී
කලු වූ ගත වත
නොවේ පැහැපත්
ඇත් දල පාට විහිදන
දහඩිය සුවද මිස ගත
නොවිහිදුවයි
මල් සුගන්දය මනහර
එහෙත් කැලතේ
මධුර කන්කලු නදක්
පපු තෙතමනය යට
තද ඇත් දල බිතු කුහර මැද
ගජ මුතු ඉපිද ඔප වන මෙන්
උලා වත්සුනු බැරිය මැකුමට
මේ සැබෑ ඝන පිට පොත්ත
ඔබ සොයන තරුවට රිසි වන මෙන්
ස්වරාලය පෙනහැල්ල
පෙරා විහිදූවද මධුර ලෙස හඩ
දිවි සටන ඉදිරි පෙල ලය පාන
සදා දුක් විදින මේ කය ඇදුම
තමයි හඩ උපදිනා මව් ගැබ
ඔපවේද හෙට දවස මිනි කැට
අහිමි වූ කල මාතෘ ඉල්ලම් පස
ඉතින් නොනගිමි
ඔබේ සුපිරි වේදිකාවට
ජය ගැනුමට
ජය ගත යුතු බැවින්
හඩ මෙන්ම
හඩට උරුමවූ සැබෑ රුව