Saturday, September 14, 2013

ප්‍රේමයේ නගරය

 
 
 
 
 
 
 
 
 
 
 
ප්‍රේමයේ නගරයයි සිත මගේ
මාවතක් හෝ නොවූ රාගයේ..


බොහෝ දන එකා මත හැපී මැඩවෙන
ලාබ සලුපිලි වෙළද රැලි හැපී විසිරෙන
පිටකොටුවෙ විදී අතරතුර යට මදයෙහිද
මහා සිතියම් වල සදහනක්වත් නැති
බොහෝ පටු මන් ඉඩකඩ තවම ඇත
මිනිසුන්ට මිනිසුන් හමුවන

මාවතක් නොවුවත් රාගයේ
කලබල නොවිය යුතුමය ඔබ
සොයා පදා ගතයුතු ඔබවිසින්
නම් නොකල බොහෝ තැන් ඇති
ඒ ප්‍රේමයෙ නගරයේ සැගවගත්

Monday, July 15, 2013

මලක් සහ ලියක්




















"උඩගු ලියන් ගොතා බදින් නීල වරල සරසන්නට
මා පිපුනේ නැත මේ දෙරනේ" - මලක්

දුර්ග දුක් ගිනි තුනී කොට සිනිදුමුදුවට පෙති තනා
චන්ඩ මාරුත මෙල්ල කර සුවදක් කවා නහවා
තිත්ත දිවි ඕජස මිහිරි පැනියක් කර මකරන්ද පුරවා
ගස් වදයි දරු මල් හෙට දවස බිජුවට සගවා තබා

කවර අරුමැති අරුතක් මුකුලිත නොවෙද
මලින් මල්දමින් ලදුන් සරසනා විට තමහිස්

හා කියමු "මලේ" එහෙනම්
මලසුනක් කොහිවේද
ඔය ඕනි මලකට තවත්
ලදක් හිස තරම් වන මනරම්

Tuesday, July 2, 2013

අභිනික්මන

 
 
 
 
 
 
 
 
 
වනගත වෙමි මම
ඵල වැල ලදලු අනුභව කොට
සුවද නල ලය පුරා පෙරාගෙන
නිහඩ නිසසලව දිවි දියබ කලතා
සිතුවම් කරන්නට ජීවිතේ නිදහස

එහෙත්
නුවර නුඹනම් හෙට සිටම
පුලුල් විය යුතුය තව තව
තදබදය වපුරා මහමග
කුඩා කල යුතුය ගෙමිදුල්
අල්ලක් තරම් වන ලෙස
අවකාශ තනනු පිනිස
මා අදින් සිතුවම් තබනට

Sunday, May 12, 2013

පාට වැස්සට..









වැව් දිය පලස මත් නිල්ම නිල් පාට
කුඹුරු කෙත්වතුවල දුක්බර බොරපාට තෙත
වීදි අගුපිල් මත ගලන කහට කලු පාට
දනිමි නුබ මතට හෙලූ පැහැයන් බව ලෝකය

පුදුමයක් නොවේ මටනම්
ලෝකයා තනිමතයට හෙලූ පැහැයන් අතහැර
සැබෑ වර්නය සොයා යන එක ගැන නුබ අද
රතු, කහ කොල සලු ඇද හැඩ බල බල

Saturday, April 27, 2013

අපි දෙදෙන























කොහේ හෝ දුර විලක
පිපුන පියුමක්ය ඉර මල
ඊටත් ගෝඩාක් මෙපිටින්
දෑමූ තිරයකි මේකුලු සලු
නිල් බුමුතුරුනුවකි සිදු ගැබ
රන් පියුම් සිනිදු සලු වලටම ගැලපෙන

හිරුද මේ කුලුද මහසයුරද
අතර පරතර දුර දිග මායිම් නොකොට
එක මත එකට එක හිතකින් හිටගෙන
මවන මහා සිතුවමක් ඇත
වෙරල වේදිකාවක් මත එල්ලුන

එතින් වැලපෙමි මම අද මෙතනම සිට
මේ මහා සිතුවෙමෙහි කොනකවත්
තිතක්වත් වී නොරදුනු එක ගැන - අපි දෙදෙන

Saturday, January 26, 2013

"පාර"



ඇග මැලි කඩන හිරිඅරින හැම මොහොතකදිම මේ මහපාර
උවනත් හැඩය හැපී සුන් වී නොමැරේ කඩ වීදි වල මහ දාර

මහපාර නැතිදාක මහ සාරයට
කඩවිදියට සාර වන්නේ කෝම

හැපෙන රිදවන හැම වාරයකම නොම ගෙන ශෝක
නව මුහුනු පැලදගනු ඇත මේ කඩ හෙට අනිද්දා නොව
උවනත හැපෙන තෙක් පහුපෑවතෙහි හැරදා තම දිවිසාර

මේ සන්හදිය නොදැන මෙන් දෝ මේ මහ පාර
මේ නෙක මුහුනු හා බැදෙයි ඔහුට කෙලියකි මාර

වීදියක අගුපිල්දාරයක යාන්තම් රැදීනොරැදී හුන් ඇය
ඉටා ගත්තාය නම් කලයුතු බව ඔහු නමින් මේ "පාර"

Tuesday, October 16, 2012

ජීවිත මී විත


 

වීදි මතද පිලිකනුද, අගුපිල්වලද
මැදුරු සදලුතල උයන්වතු තුලද
සොයා යැද්දෙමි - හඹා නැසුනෙමි
දිවි බදුන පුරවනු පිනිස ජීවිත මිහිරි මී විත

සෙව්වා මිසක පිස්සුවෙන් මෙන් දිවි මී විත
නොදැක්කා හිස්බදුන මත හිස් බව හරියට

අද පිරෙයි හෙට පිරෙයි
මතුයම්ම දවසක පිරෙයි


එක් බදුනකටද නොසෑහෙන තරම්
නේක රස සිහින අන්කුර පදුරුලන
හිස් උනත් හිස්ම නැත ඇත්තටම

මල් රේනුවකට
දූවිලි පොදකට
සුලන් පොදකට
පැමින අන්දම් පෑ හැකි
දිවි බදුන් පිරවිය යුතුම
හොදම විත නොවෙද මේ- හිස්කම