Thursday, July 13, 2017

කොහොමද ඔප්පු කරන්නේ

පෙර දිනයේ කොලඹ හා තදාසන්න පෙදෙස් වලට ඇද හැලූනේ අසාමාන්‍ය වරුසාවකි. එය සියලූ කාලගුන අනාවැකි බොරු කල කොල හැලෙන පෙබරවාරිය මැද ඇද හැලූනු මුරුගසන් වරුසාවක් මෙන් විය. හවස හතර පමන වන විට කොහෙන්දෝ පැමිනි ගන කළු වැහි වලා වලින් කොලඹ අහස පිරී ගොස් උස් ගොඩනැගිලි සමග දර්ශනය උනේ ලෝක විනාශය ගැන පෙන්වන හොලිවූඞ් සිනමා දසුනක් මෙනි, ඉන් පසු ඇද හැලූනු මහ වරුසාව මැදියම් රැය තෙක් නොකඩවා ඇද වැටෙන්නට විය. රුදු ගොරහැඩි සුවිසල් තිරිසන් සත්වයෙකුගේ නේක අතවරයන්ට ලක් වූ තිරිසන් මලකුනක දැකිය හැකි රුදුරු ප්‍රහාරයක සලකුනු මෙන් වැස්සෙහි සලකුනු මං මාවත් මතද නගර ද්‍යා වලද උස් ගොඩනැලගිලි මතද දක්නට ලැබුනි. චන්ඩ දිය පහර විසින් ගොඩ ගෙන මංමාවත් හා පදික වේදිකා මතද ඉතිරිකර ගිය කුනු රොඩු නගර පිලිවෙල වෙනස් කරමින් දුර්ගන්ධයද පතුරවමින් තිබුනේ තාමත් නගරසභා සේවකයන්ට කුනාටුවෙන් ඇති වූ තත්වයට මුහුන දී ගත නොහැකි බව කියා පාමිනි.

විකුම් රාජගිරියේ සිට කොල්ලූපිටිය දෙසට සිය මෝටර් රථය පැදෙව්වේ කොල්ලූපිටියේ පිහිටි වැඩ බිමක් නිරික්ශනය කල වූ යුතු බැවිනි. වැස්සෙන් අවුල් වියවුල් වී ගිය නගරය හා අවට වටපිට බලමින් පැමින කාසල් කාන්තා රෝහල පසු කරනවාත් සමග පිහිටි දුම්රිය හරස් මගේ ටාං ටාං ගා හඩවමින් රේල් ගේට්ටුව වැසුනේ  එතෙක් ඔහු නරඹමින් පැමිනි සිනමා පටියක විවේක කාලය පැමිනි  පරිද්දෙනි

දුම්රියට ඉඩ දී වහා නතර වූ රථ පෙලෙහි දෙවෙනි පේලිය තුල විකුම් ගේ රථය සිර විය තමා මෙතෙක් නරඹමින් පැමිනි රූපාවලියට තවත් දර්ශන එකතු කර ගැනීමට මෙන් අවට වට පිට බැලූ ඔහුට රුව දර්ශනය විය.

ඇය පැමිනියේ කොටා පාර දෙස සිට දුම්රිය මගට සමාන්තරව දිවෙන  පදික මග දිගේය දුම්රිය ගේට්ටුව අසලට පැමිනි ඇය වට පිට බලා දුම්රිය තව ප්‍රමාද වනු දැක කාසල් රෝහල දෙසට පාර පැන්නාය. ඉන් පසු හිස්වී තිබූ රාජගිරිය දෙසට වූ මංතිරූ පසු කර නවත්වා තිබෙන රථ පෙල අතරින් මුළු මාර්ගයම තරනය කිරීම ඇගේ අරමුන විය.

අතරතුර ඔහු දස වසකටත් වැඩි ඈතක මතකයක සිටි ඇය වත්මනට ඇද මේ ඇයම බව හදුනා ගත්තේය, කහැටු ඇගට මදක් මස් දා තිබුනද කිසි දිනක සාරියක් හැද සිටිනු ඔහු නොදැක්කාට තව බොහෝ අංග ලක්ෂන වලින් දසකයක් පරිනාමය වූ නිහඩ ගැහැනිය ඇයම බව ඔහුට සපත කල හැක

පුදුමකයට මෙන් ඇය පාර පැනීමට පලමු රිය පෙල හා පසු පස පෙල අතර ඉඩ තෝරා ගත්තාය අභිප්‍රා තෙරුම් ගත් ඔහු පැති වීදුරුව  ඇර ඇයට ඇමතීය.
මංගලිකා මංගලිකා..”

අනපේක්ෂිත හඩින් විපක්ශිතව ප්‍රශ්නාර්ථයක් වූ මුහුනෙන් රියෙහි ඉදිරි කව්ලූව කරා ආවාය

මම හිතන්නේ ඔයාට ලොකු වැරදීමක් වෙලා මම මංගලිකා කියල කෙනෙක් නෙමේ
නෑ ඔයානම් එයාම තමයි බොරු නේද  කියන්නේ මාව මතක නැද්ද මම විකුම් පෙරා කැම්පස් හිටියේ

”මම එයාමයි කියලා කොහොමද ඔප්පු කරන්නේ ?”

ටාං ටාං ගා ගේට්ටු සංඥා  හැඩවෙන අතර මහත් ඝෝශාවක් නගමින් දුම් රිය ඇදී ගියේ මහපොලව දෙකඩ කරන සුවිශල් ඉරුම් යන්ත්‍රයක් පරිදිය., යෝධමය අතක් එසවෙනවාක් මෙන් රේල් ගේට්ටුව විවෘත වන්නට විය. රථ සේනාවම පන ගැන්වෙමින් ඝෝෂා නගමින් ඉදිරියට යාම අරඹන්නට විය. අසාමාන්‍ය පිලිතුරෙන් ඔහුගේ මනෝ ලෝකය කැලඹින පසුපසින් සිටි රියදුරන් දෙතුන් වරක් නලා නාද කරනාතුරු ඔහුට ප්‍රවාහයට එකතු වෙන්නට බැරි විය,

කොහොමද ඔප්පු කරන්නේ ?”

පැනය ඔලූව තුල යලි යලිත් නිම්නාද වෙද්දී රථය ඉදිරියට පැද වූ ඔහු පැති කන්නාඩියෙන් දුටුවේ මන්තිරූ  වෙන් කරන ධ්‍ය රේඛාව මත නොසෙල්වී හිටගෙන සිටින ප්‍රතිමාවක් බදු ඇගේ රූපයයි

උසස් පෙල කඩ ඉම ජය ගත් ඊටත් වඩා ඉංජිනේරු වෘත්තිය අභිමුවෙහෙයි සිටි එකල ඔහු සහ සමකාලීන යහළුවන් ගත කලේ සියුම් අභිමානයක් හිතේ රදවාගත්තවුන් ලෙසය. එහෙත් තාරුන්‍යයේ හොදම කාලය ගතකරමින් සිටි ඔවුහු ඇඟ අතුලෙන්ම එන ලිංගිකත්වය පිලිබද නොහික්මුන පිපාසයකින් දිවි ගෙවීය. පුර්නකාලින ප්‍රේමවන්තියන්  සිටියේ ටික දෙනෙකුට පමනි. එහෙත් ඔහුද ඇතුලූ  ඉතිරි අය දිවි ගෙව්වේ සුවිසල් යුගල ඇදක් අඩියක් පමන ගනකම් මෙට්ටයක කුලූදුලේම ඔහු වෙනුවෙන්  සැතපෙන්නට ඇත් දල පාට හෙලකුලැති යුවතියන් කොහේ කොතැනක හෝ මොහොතේදීත් ඔවුන් වෙනුවෙන් හැදී වැඩෙනා බවක් සිත් තුල දරා ගත්තවුන් ලෙසය. කල යුතුව ඇත්තේ එයට කල යල් බැලීමත් එක්තරා අන්දමක පෙර සුදානමකුත් පමනි.

එහෙත් ඇඟ ඇතුලෙන්ම එන කුතුහලය හා නොඉවසිල්ල මුසු අවේගයන්ට ඔවුන් තාවකාලික පිලියම් හෙව්වේ අර විශල් සිහිනයට අබටැක් තරම් බලපෑමක් වත් නොවන පරිදිය. සමහරුන් ගාමන්ට් ෆැක්ටරි අරින වහන වෙලාවලට අසල පාරවල් වල රස්තියාදු විය, සමහරු බස් පෝලිම් වලද සෙනග පිරුනු බස් වල යුවතියන් රැදි එක් පසක් හිස් වූ අසුන්ද සොයා ගියහ. කලාතුරකින් කෙනෙකුට සියලූ රස වැළදිය හැකි තැන් හමු විය. සමස්ත්ය්ක් ලෙස තම අවේග පිටකල හැකි කුමක් හෝ කුරුබිලියක් සොයා ගැනීමට සියල්ලන් සමත් වූ බව හෙලි උනේ ඉදහිට ඔවුන් එකතු වී කල කයිවාරු කතා බහ වලදීය. .

එවන් වූ සාපිපාසිත සමයක කුරුනෑගල සිට සරසවිය තෙක් සති අන්ත සැදෑවක ගමන් ගත් ඔහුට මංගලිකා හමු උනේ කුරුනෑගල නුවර සාමාන්‍ය පන්තියේ බසයකදීය.

ඉන් පෙර අතරින් පතර එවන් ගමන් වලදී ඇය දුටු බව ඔහුට දැනුනේ අහම්බෙන් දිනක ඇය සිටි අසුනේ ඉතිරි අඩ පුරවන්නට ලැබුනු අවස්තාවකදීය. හැර සුවිශේශ ලෙස ආශක්ත වන කිසිදු ලාලිත්‍යක් අගෙන් නොවිහිදුනු බව තලෙළු පැහැ අගේ කෙශග සිරුරෙහි එකල තාරුන්‍යයෙහි සිටි ඔහු වසග කරන කිසිදු අංග ලක්ශනයක සලකුනුනකුද නොවීය.

නම මංගලිකා බවත් සාමාන්‍ය කලා උපාධි අපේක්ශිකාවක් බවත් ඔහුට දැන ගැනීමට එම ගමන ප්‍රමානවත් විය එලෙස ඇරබුන මිත්‍රත්වය පහසුවෙන් අසාමාන්‍ය සබදතාවය දක්වා වර්ධනය කර ගැනීමට ඔහු සමත් විය. ටික කලකින්ම එන අතරමග ක්ටුගස්තොටින් බැස සිගිරි හෝල් එකේ බොක්ස් එකකට රිංගිමට එකල ඔවුන් පැවසූ පරිදිඅදින්න ඔහු සමත් උනේ රහසිගතවමය.

කෙට්ටුය. සිහින් දිගු බෙල්ල හිස කද අතර  ඕනවට වැඩි දුරක් සලකුනු කරයි . කෙට්ටු ඇගිලි හා දෙයත්ල රෙදි සේදූ දර පැලූ ගැහනියගේ මිස සැපසේ සිප් සතර හදාරන සිසුවියකගේ මෙන් නොවුනි. මදක් පඩු පැහැ ගැහුනු වරලස බොහෝ විට පෝනි ටේලයක් පරිදි ගැට ගාසා තිබිනි. නිතර සා පිපාසාවකින් සුදහ ගින්දරෙන් පෙලෙන කෙනෙකුගෙ බදු ඇගේ මුහුනත මත කැපී පෙනුනේ මදක් රතු පැහැ නිතරම මදක් විවර වූ මුව වටා පිහිටි දෙතොල පමිනි.

එවන් වූ ලිං පතුල් සබදතාවකට ඇය කැමති  කරගත්තේ කෙලෙසද යන්න ඔහුට දැන් මතක නැත ඇය කැමති වූයේ ඇයිද යන්න ඔහු බව කිසි දිනක නෝඇසූ  නිසා නොදන්නා දෙයකි. සිය යව්වන සිරුර මහත් සුපෝපභෝගී බාන්ඩයක් ලෙස පරිහරනයට කිරීමට ඇයව පෙලභීම ඔහු සාර්තකව කර ගත්තේය. ඔහු සලකුනු කල සීමා මායිම් සමහර හිතුව්ක්කර දවස් හැර  බොහෝ විට පිලිපැද්දාය  කුරුනෑගල ඈත ගමක පොල්වත්තක් කෙලවර දිවි ගෙවන කැත කළු කෙල්ලකට ලැබී තිබුනේ කලාතුරකින් ඇරෙන සුරපුරයක දොරටුවකි, දොරටුවෙන් ඇතුල් වූවා පමනක් උවද සත් මහල් ප්‍රසාද දැක ගත්තා පමනක් උවද එයින් සැහී ඔහුට අවනත වීම බාර ගත්තාය

කොහොමද ඔප්පු කරන්නේ ?”

ඇය නගා තිබුනේ ඔහු කිසි දිනක අපේක්ෂා කල පැනයක් නොවීය. එය ඔහු මෙතෙක් කල් විසදූ ගනිත ගැටලූ වෘත්තීය ගැටළු  ආදී විකුම් ගේ සියලූ වික්‍රමයන් සහලෝලන පැනයක් විය අනෙක ඔහු දැන සිටියේ ඔහු උගත් ශිල්ප දැනුමට අනුව යම් විද්‍යාත්මක ඔප්පු කිරීම් පමනි. මෙවන් සබදතවක් දැන හැදුනුම් කමක්  ඔප්පු කල යුතුද එය කරන්නේ කෙසේද යන්නට විකුම්ට උත්තර තිබුනේ නැත අනෙක එවන් පිලිකන්නේ සිදු වූ සබදතාවයකට එතරම් තැනක් ඔහුගේ ලෝකයේ කිසිදා තිබුනේද නැත

පැනය තුල යම් වචනාර්ථ ඉක්මවූ ගතියක්ද විය ඇය ප්‍රකාශ කරන්නට හැදුවේ කුමක්ද? රුදු පලිගැනීමක් උපහාසයක් එහි කැටි කොට තිබුනෙහිද? මතුපිටින් බැලූ කල එය නිතර රූපවාහිනියේ ප්‍රචාරය වූ දැන්වීමක දෙබසකි පැනය නගන්නේ මවක් වැසිකිලි පිරිසිදු කරන දියරයක් රැගෙන කෙනෙකුගෙනි අසල සිටින් ඇගේ පුතු එය පුනරුච්චාරනය කරන්නේ විපක්ෂිත වූ අයුරිනි. අද විකුම්ද කුඩා දරුවා ගේ භූමිකවට පත් වී ඇත ඇගේ අභිප්‍ර එයද?

ස්වභාවයෙන්ම නිහඩ එකියක් සේ පෙනුන ඇය හිටිගමන් තොරතෝංචියක් නැතිව කියවුයේ හිටිගමන් ආරූඩ වන තැනැත්තියක මෙනි. එයට තුඩු දුන් හේතු කවරේද යන්න ඔහු කෙසිදා සොයා බැලූවේ නැත.

කොච්චර ඇඳ ගසල නිදා ගත්තත් ටික වෙලාවකින් කූබි කනව කනව වගේ දැනෙන එකක් ගැනද බස් එකකට නගින්නට යාමේදී කැඩුනු සෙරෙප්පුවක් ගැනද ගේ ලග ගස් බෙනයක සිටි පලා ගිරවෙක් ගැනද මෙන් වැඩකට නැති එකිනෙකට සම්බන්ද නැති දෙවල් දෙඩෙව්වාය

ඇයි  ඕවා මාත් එක්ක කියන්නේ
ඔහුට සැමදා එහෙම කියන්නට සිදු විය.

පහු ගිය පෝයට අපි සෙරොමල්ල පන්සල් ගියා. අපේ පන්සලේ අළුතින් හදාපු සීමාමාලකේ විවෘතේ තිබ්බෙත් එදා අම්මෝ එදා පන්සල මගුල් ගෙයක් වගේ මං ජීවිතේට දැකලා නෑ තරම් දිලිසෙනවා  පන්සලක්. බලූබ් දාලා ගස්වලයි වෙහෙරෙයි අරහෙයි මෙහෙයි හැමතනම හරියට ගැටබේ කානිවල් පොල වගේ. සීමාමාලකේ හැදුවේ ගමෙන්ම සම්මාදන් එකතු කරලා එකේ අඹල තිබ්බ එක එක ජවනිකා වලට යටින් කොටසට සම්මාදන් උන අයගේ නම් ගහල තිබ්බා මිනිස්සු සෙරොමල්ල පොලිමේ යනව එවා බලන්න බුදු ගේ පාලූවට ගිහින් පොර කකා හැමෝම සීමාමාලගේ ඇතුලේ පොදි ගැහිලා අපිත් ගියා ඉතින් එවා බලන්න කිසා ගෝතමී නිබ්බුත පද කියන තැනදි අල්ලපු ගෙදර මල්ලි අක්කේ උබට වැඩිය කිසාගොතමී මහතයිනේ කිව්වෙ මහ හය්යෙන් සෙරොමල්ල මගේ දිහා බැලූවා එතන හිටපු කොල්ලො ටිකක් සාදු සාදු කිව්ව මට හිතුනා උගේ කට තලන්න එහෙම තමයි බන් රජ කාලේ කිසාගෝතමිලා කියල දමයන්ති අක්කා කිව්ව එකෙන් හිනාව  වෙන හිනාවකට පෙරලූනා

ඇයි ඕවා මාත් එක්ක කියන්නේ

ඔහුට තිබුනේ සුපුරුදු ප්‍රතිචාරයමය. ඇගේ මුව ගොලූ විය කමින් සිටි බත් පතද අහකට කල ඇය යමක් උගුරේ සිර වූවාක් මෙන් වතුර බී ගෙන බී ගෙන ගියාය. ඇයට පවසන්නට හැකි උනේනිකන්කියා යන්න පමනි ඉන් පසු එදා ඇය හැසිරුනේ ඇතුලත ඇති සියල්ල හිස් වූ ඉතිරි වූ රොඞ්ඩක් පරිදිය. සිහිනෙන් ඇවිදින්නියක් බදු වූ ඇගේ උවනත ඇතුලත ඇති දෙය පිලිබද කිසිත් නොකියන පොත් පිටකවරයක් බදු විය.

අද මෙන්ම ඇය යලි යලිත් ඔහුට මුන ගැහෙනු ඇත
කොහොමද ඔප්පු කරන්නේ ?”
එහෙත් ඇය එසේ යලි යලිත් සාහසික පැනයම නගනු ඇත . එයින් හැගෙනුයේ මංගලිකා යනුවෙන් කෙනෙක් නොසිටි බවද ඇය ඇත්තටම බොරු නමක් ඔහුට ප්‍රකාශ කලාද?

එකම සරසවියක උවද ඔහු කිසිදිනක සබදතාවය සරසවිය තුලට නොගෙනාවේය. මහවැලි ගගෙන් එගොඩ පිහිටි කලා පීඨ ඔවුන් දුටුවේ නිතර උද්ඝෝසන පිකටින් හා ජරාජීර්න දෙශපාලනයේ ගොදුරු බිමක් ලෙසය. වැඩකට නැති ශිල්ප හදාරන අවසානයේ රැකියා විරහිත ගොඩට එකතු වන කාලකන්නි ජීවිත ගත කරන්නවුන් ලෙසය. පේරාදෙනිය සරසවිය යන නම ඇසු පමනින් මතක් වෙන ගොඩනැගිලි කැටයම් ගල් කනු ගොඩට වැටුනද සැබෑ සරසවිය මෙගොඩ බව ඔවුන් තම තමන්ටම සපත කර ගත්හ. එගොඩ මෙගොඩ යා කල අක්බාර් පාලමද ඉංජිනේරි ශිල්පය උත්කර්ශයට නැංගුවා මිස මිස එහි ඇති  කලාව කුමැක්දැයි ඔවුන් ප්‍රශ්න නැගූහ. එතකින් නොසැහී විකුම් තමන්ට පමනක් දැනෙන ලෙස උපහාසයෙන් හිතුවේ තමන්ට ලිංගික වහලියක් සැපයූ වහල් බිමක්ද එහි ඇති බවයි.

හරි ආරම්භයක්ද නිශ්චිත අවසානයක්ද නොවූ සබදකම ඔහුගේ සරසවි ගමනේ නිමාවත් සමග අවසන් විය එය හරි විදිහට විරාම සලකුනු නැවතිමේ තිත් ඇතිව ලියා අවසන් වන කතාවක් ලෙස ඔහු කිසිදිනක සිතුවේවත් එසේ වියයුතු යයි හැගීමක් දැරුවෙද නැත.නිසැකව ඔහුට  ඕනෑ කරේද එයයි. කිසිවක් සිදුනොවූ දෙයක් වෙන එක එක අතකින් ඇය තනන්නේ එය පූර්නය කිරීමටද අනුව යලි සැබෑ ජීවිතේදී හමු නොවන බව කීමද, සැබෑ ලෙස නොපැවතුනු සබදතාවක් ඊට අඩු අගයකින් පැවත්විමටද අවශ්‍ය වන්නේද නැත . ඇය ඉල්ලන උත්තරය එයද?







එය රාස්සිගේ අව්ව වැටුන සන්ධ්‍යාවක් විය. කහ පැහැති ඉර එලිය වැටුනද අදුර වන විටත් ලියලා එමින් තිබිනි. මොහෙතේ සුලග නතර වී තුබුනේ මුලූ හාත්පසම ගල්ගැහුනක් මෙනි කපුටෙක්වත් කරව් නොකරපු නිහඩ සුයාමයේදී ආවාය. හුරුපුරුදු එකියක ලෙස ගේට්ටුවෙන් ඇතුලූ වී ප්‍රධාන දොර තුලින් මැදුරෙහි ආලින්දයට පිවිසුනාය සිහිනය තුලද ඔහු හිටියේ ඇද මත නිදාගෙනමය එහෙත් බිම් මහලේ සිදුවූ සියල්ල ඔහු දුටුවේ ආරක්ශිත කැමරා පද්ධතියකින් දකිනා පරිද්දෙනි. එය කෙසේ සිදු වූවද යයි සොයන ඔහුගේ ඉංජිනේරූ දැනුම සිහිනය තුල අතුරුදන්ව  තිබිනි. තවද එය සෑම අතකින්ම සැබෑවට සම විය සිහිනය තුලද එය බිරිද හා දරුවන් ගෙදර නොසිටි වේලාවක් විය.

විසිත්ත කාමරයෙන් උඩුමහලට පිවිසෙන තරප්පු පෙල ඇය පහසුවෙන් සොයා ගත්තාය. එන අතර ඊට යාබදව පිහිටි මැද මිදුල දෙස ඇය හෙලූවේ සොපහසින් යුතු බැල්මකි. එය තම බිරිද ඉතා අශාවෙන් මෙන්ම අනිවාර්යෙන් ගෘහ සැලැස්මට ඇතුලත් කල අංගයකි. මැද මිදුලක් යනු නිවසේ ගාම්භීරත්වය පෙනන අංගයක් ලෙසය ඇය දුටුවේ

මෙච්චර හතරවටෙට ජනේල් දොරවල්, තියාගෙන මැද මිදුලක් බම්බු ගහන්නයැ තියෙන ලොකුකමනෙ

ඇගේ සදය උපහාසයෙන් කඩා ඉඩ කොටස මහත් ලැජ්ජාවෙන් ඇභරුනි

 උඩු මහලට පැමින ඔහු සිටින ප්‍රධාන නිදන කාමරය කරා අවේ දැන්ය. එහිදී පලමු වරට ඔහු ඇය සමීපව දුටුවේය
ඇය කහ පහැති ගවුමක් ඇද  කොන්ඩය දවස්වල මෙන් පෝනි ටේලයක් ලෙස ගෙට ගසා සිටියාය  ඇය මලමිනියක් බදු විය. සිරුර තුල ඇති සියලූ අභ්්යන්තර ඉනද්රියන් දියකර උකු ද්රාවනයක් පුරවා සැදූ මිනිස් ඩමියක් ලෙස ඔහුට ඇය පෙනෙන්ට විය.

ඔන්න මම ආවා හීනයක් වෙලා දැන් ඉතින් අයේ එලවනව බොරු. හීන වලට වැට කඩොළු දාන්න පුලූවන් කාටද ?

ඔයා මෙච්චර කල් ජීවත් උනේ කව්දෝ හදලා දුන්න න්‍යාය   ත්‍රයකට අනුව.   න්‍යාය ත්‍රයේ අපි වගේ මිනිස්සු හිටියේම නෑ එහෙම බැලුවම ඇත්තටම මෙච්චර කල් ජීවත් වෙලා නෑ කියන්නත් පුලූවන්. ඔන්න දැන් හීනෙන් මං ඇවිත් ඉන්නවා ඔයා ඔතන නිදා ගෙන ඉන්නව ඔන්න දැන් නම්මොකක් හරි ජීවිතයක් තියනවා.

ඔයා කවදාවත් දැනන් හිටියේ නෑ ඇත්ත ජීවිතේ වගේ තමන්ට  ඕනි  ඕනි ව්දියට හීන ලොකේ මෙල්ල කරන්න බැරි විත්තිය හීනේකට මම එන එක නවත්තන්න සැක්කරයටවත් පුලූවන්ද? හීන ලොකේට තියෙනවැ උස් මිටි කම් පන්ති බේද ඔය මහ ලොකු මහන්තත්තකම්

තමුසේ ඇත්ත ලෝකේදි මට අගු පිලක් දුන්නම මම කරබාගෙන හිටියා උඹ හිතුවා මගේ මෝඩ කම ගොන් කම කියලා නල්ල මලේ බඩුවක් තමයි කියලා එදා ඉදන් මම අර ඇන්දේ මේකට යකෝ උබට තෙරෙනවද ? දැන්

ඇය වියරු සිනාවක් නැගුවාය


වනවිටත් එදා ඇය පාර පැන්නා නොව සැබෑවෙන් සිහිනයට සිරුමාරු වූ බව ඔහු ප්‍රථම වරට තෙරුම් ගනිමින් සිට්යේය

1 comment:

  1. ඔන්න මම ආවා හීනයක් වෙලා දැන් ඉතින් අයේ එලවනව බොරු. හීන වලට වැට කඩොළු දාන්න පුලූවන් කාටද ?

    ReplyDelete