ඇග මැලි කඩන හිරිඅරින හැම මොහොතකදිම මේ මහපාර
උවනත් හැඩය හැපී සුන් වී නොමැරේ කඩ වීදි වල මහ දාර
මහපාර නැතිදාක මහ සාරයට
කඩවිදියට සාර වන්නේ කෝම
හැපෙන රිදවන හැම වාරයකම නොම ගෙන ශෝක
නව මුහුනු පැලදගනු ඇත මේ කඩ හෙට අනිද්දා නොව
උවනත හැපෙන තෙක් පහුපෑවතෙහි හැරදා තම දිවිසාර
මේ සන්හදිය නොදැන මෙන් දෝ මේ මහ පාර
මේ නෙක මුහුනු හා බැදෙයි ඔහුට කෙලියකි මාර
වීදියක අගුපිල්දාරයක යාන්තම් රැදීනොරැදී හුන් ඇය
ඉටා ගත්තාය නම් කලයුතු බව ඔහු නමින් මේ "පාර"
No comments:
Post a Comment