කොහේ හෝ දුර විලක
පිපුන පියුමක්ය ඉර මල
ඊටත් ගෝඩාක් මෙපිටින්
දෑමූ තිරයකි මේකුලු සලු
නිල් බුමුතුරුනුවකි සිදු ගැබ
රන් පියුම් සිනිදු සලු වලටම ගැලපෙන
හිරුද මේ කුලුද මහසයුරද
අතර පරතර දුර දිග මායිම් නොකොට
එක මත එකට එක හිතකින් හිටගෙන
මවන මහා සිතුවමක් ඇත
වෙරල වේදිකාවක් මත එල්ලුන
එතින් වැලපෙමි මම අද මෙතනම සිට
මේ මහා සිතුවෙමෙහි කොනකවත්
තිතක්වත් වී නොරදුනු එක ගැන - අපි දෙදෙන
There is no powerful source than nature to heal the pains of the man...
ReplyDeleteBeautiful poem :)