Sunday, June 6, 2010

Tuesday, May 4, 2010

සොදුරු ගඟවතියනි........


සැලෙන සුලලිත ගලන මග වලකවිතැයි
පව්රු පදනම් බැද රූ රුසිරු වහන් කරතැයි
රළු සැඩ රළ මුගුරු පහරින් බැට දෙමින්
හද ඝන මැට්ට සෙමෙන් දියකර හරිමින්
වෙර බදිති - පලි ගසති ඟගඉවුරටම නිති
සොදුරු ගවතියො පේවී සැදී පැහැදී හිද

ඟගඉවුර දඩු වැටක් නොව සැබැවින්ම
පිරිමි ලොකය ඔබව වටකොට ඇටවුව
සොදුරු ගවතියනි
ඒ ඝන බාහිර රේඛාව
ඔබගේමය
මිහිමත මත ඔබසිතුවම
හැඩට තිරකොට අදින

සොදුරු ගවතියනි
නුදුරේම දිනක තෙපි
සියතින්ම දියකොට
සිදුරු කොටගෙන මේ සුමුදු කවචය
වැගිර වැතිරී ගලාගෙනගොස්
සමතලාකොටගෙන මිහිතලය
දිවිනසා ගනු ඇත කතරක් කරමින්ම මෙදියත

Tuesday, April 27, 2010

ඒකපාර්ශ්වික පෙම




















වෙළ අද්දර උස පොල් ගහ
තාල කුලයේ සිරිත් අත්හැර
හැරී නැමී වෙළ දෙසටම
ඇතිපදම් හිරු එලිය උරා ගෙන
ඉස්පාසුවට ඉඩකඩද හදාගෙන
හැදී වැඩෙයි අපුරුවට

මමත් ඔබ දෙසටම
හැරීගෙන නැමීගෙන
වැඩියමක් වැඩිදෙයක් නොව
ලැබිය යුතු දේ
ලැබිය යුතු තරමට
පමණක්ම පැතිමි

තාල කුලයේ කදක් වීමි මම අවසන
කමකට නැති අරටුවකට වගකියන
ඒක පාර්ශ්වික පෙමකින් වලමත්ව
නිකන් නිස්කාරනේ ඇබරී ඇදඋන

Friday, April 9, 2010

අපි අපිම වූ ඇත්තම ඇත්ත එදවස
















එතින් අපි වෙන් උනායයි - කීයු දින සිටම ඔබ
වෙන් උනාමත් නොවේ රැදීනොරැදී සිටියා ඔබ
හද මතක සිර කුටිය තුල වැද- ද්වන්ද සටනක යුද වැද
සෑම තැනකම- සෑම විටකම- සතුරෙකුම ලෙස උවද

සයෙන් පීඩිතවී ජීවිතේ මරු කතර මැද සටනට වැද
මහමෙරද හිසමතට ගෙන - ඉර හද සොයා ඇවිදින
ජීවිතේ මහපොලොව මත සිටිය ඔබ
හමු වී දකින මේ මොහොත තෙක්ම

ජීවිතේ නිල්ම නිල් අහසට - රලු මහපොලොව
හමුවන තැන් සැබෑවට නැතුවම නොවේ ඉදහිට

අප දෙදෙන
දෙදෙනෙකුම විය එදවස
එකෙකුමත් විය
එක මගක වෙන වෙනම යන

තුවාලයද අහිමි
හිගන්නෙක් උනා ඉන් පසු මම

Tuesday, April 6, 2010

ගස සහ මම




ලපටි දලුපත් මද නලකට උවද සැලුනද
චන්ඩ මාරුතයකදී උවද නොසෙල්වෙන
අරටු බැසි දෘඩ සෘජු කාය ඝන කදක් ඇත
සෑම මහ ගසටම

ලෝ දහමින් නිති සැලෙන -මැලවෙන
හද මෘදු ලපටි දළු අත්හැර -අහක්කර
දැඩි සෘජු පිරිමි ගතිගුනම උලුප්පන
ඝන හද අරටුවම පමනක් පතමි මම

එහෙත්
ගසක් යැයි කිව හැකිද? කාටවත් කටක් ඇර
මල් කොල නොමැති නිකම්ම නිකන් කදකට

Wednesday, March 24, 2010

සොදුරු පැත්ත, අදුරු පැත්ත


විදා මා හද අරාගෙන -සොරා ගෙන
සොයා පීරා සෑම අහුමුලු බලාගෙන
කුනු කෑලි එක දෙක එකතුකර පෙරාගෙන
මා එපා යයි අද පලා යන

සොදුරියේ නුභ පතන
නිකැලැල් සොදුරු පිවිතුරු
හෙට දවස තුල තනන
සුපසන් ඒ සිහින මාලිගය තුල

සුදු කිරිගරුඩ බිම සිදිලෙනු ඇති
පොකුරු මිනි පහන් දැල්වනු ඇති
නෙක වර්න තිරපට රග දෙනු ඇති
උස් අසුන් සිරියහන් ඉදිවනු ඇති



එහෙත් ඒ හා සමගම
කුනුවතුර නල අසූචි බටද
ඉපදි හැදී වැඩී පිරෙමින්ද
මැදුරු බිත්ති තුලින් මිරිකී රින්ගා ගොස්
පහුපෑවතෙහි නිහඩවම එකතුවන
පල්දෝරු වලකුත් තැනෙනු ඇති



Sunday, March 14, 2010

රමණීය රමණය....
























එක මගක එකලාව

ප්‍රති දිශා හබා යන
ඔබ ඔබම ලෙස
මම මමම ලෙස
නැවත
හති වැටි අභිමුඛ වන
වෘත්තයක ගමනක්ය
රමණය

කිසිවිටක කිසිදිනක
මධ්‍ය ලක්ශය නොදකින

සොදුර ඔබ මා පතන ඒ
දිව්‍යමය මධ්‍ය ලක්ශය
හතිලන සිහින මිරිගුවක් උවද
අප අදින මේ සසග වෘත්තයේ
විචලනය වන අරය ගුරුකොට
ඔබ මා තුලට

මා ඔබ තුලට
ඇද බැද වෙලන
හද රැහැන් ලියලන
රමණීය රැගුමක්ය
මේ රමණය