ලපටි දලුපත් මද නලකට උවද සැලුනද
චන්ඩ මාරුතයකදී උවද නොසෙල්වෙන
අරටු බැසි දෘඩ සෘජු කාය ඝන කදක් ඇත
සෑම මහ ගසටම
ලෝ දහමින් නිති සැලෙන -මැලවෙන
හද මෘදු ලපටි දළු අත්හැර -අහක්කර
දැඩි සෘජු පිරිමි ගතිගුනම උලුප්පන
ඝන හද අරටුවම පමනක් පතමි මම
එහෙත්
ගසක් යැයි කිව හැකිද? කාටවත් කටක් ඇර
මල් කොල නොමැති නිකම්ම නිකන් කදකට
eka atta...
ReplyDeleteනියමයි සංකල්පනාව. අපූරු රසයක් නැවුම් බවක් සහ පණිවුඩයක් තියෙනව.
ReplyDeleteඔබට ජය!
thank u biguwa n outsider........
ReplyDelete