Wednesday, October 28, 2009


මං මුලාවේ මග


”මැයි මාර ගස්
හන්දියෙන්
වමට හැරී
මැයි මල් තොරන යටින්
රළුගල් පොලොව මතින්
ලැටිස් ගහපු
ගෙදර හිටිය"
”සුහදිනී’”
සොයාගිය
මග මගහැර
”කොකා කෝලා
වටරවුමෙන්
දකුනට හැරී
ලේන් එක නම් ත්ර්ඞ්
පාර නම් හරි ෂෝක්
නම්බර් 977
ලොකු ගේට් එකක්
තියෙන අප්ස්ටෙයා
හව්ස් එකේ
”විරාජනී”සොයා ගොස්
ගමන අරඹා
බොහෝ දුරදිග ගොස්
බොහෝ කලකට පසුව
හැඟිනි මෙය නම්
මුලාවේ මගම බව
යලි හැරි
රතු මැයි මාර ගස්
හන්දියෙන් ඇරඹුන
මග සොයා ගියෙමි
හරිමග එමග බව දැන
එහෙත්
නොතිබුනි එදා තිබු
තුඟු වනස්පති
බඳු මැයි ගස්
පුවරුවක් විය මැයි ගසක
රුව රැගත් මේසේ සදහන්

”මැයි මාර ස්ටේට්හි
තෙවන අදියරෙහි බිම් කොටස්
75% විකිනී අවසන්
නොපමාව ඔබේ බිම් කොටස
අදම වෙන්කර ගන්න"

Monday, October 12, 2009

අහසට නොගිය අකාස කුසුම්

දිලි දිලී නිවුනු සැලොලයිඩ් තරු එලි මැද
පිපී හිනැහී පවලම් පොටින් ගිලිහුනු
අකාස කුසුම්
හඩන වැලපෙන
සන්තාප බිම මත
එකාත්මිකවූ නෙක කුසුමන්ය ඒ අතර
අහසට නොගොස්ම අහකටගිය

නොඉදුලේ පැතූ පෙම් සිහින ....-.....තලා බැද්දට වීසි කරමින
හඩා රතු වූ දෙකම්මුල්...........-.....උලා පව්ඩර් වසා ගනිමින

චාම් සලුපිලියෙන්ම සැරසී ...-...දෙ අත හෙප්පුවකුත් දරමින
බත් උයන රෙදි මදින මනාලිය වී..- ..හෙට වැඩැම්මෙන්නට

නෑසියන් ලග පිපී හිනැහෙන
නුබත් කුසුමකි
අහසට නොගොස් අහකටයන
පතා නෙක රූ රුසිරු..........- ලාභ අරුමොසම් කරමින

තුනු පයොධර වටොර -හැකි පමන උල් මුදුන් කරමින
ඇග මසට ලොබ කරන... -සරු ඇසට සමපාත කරමින

හිලව්වට රන් රිදී මිනි -...දිලෙන සිහිනය ගාල් කරමින

කැඩපතක් ලග පිපී හිනැහෙන
නුබත් කුසුමකි අහසට නොගොස් අහකට යන

විරහ හද ගිනිලා එගිනි ලා .-...මනිමෙඛලාව දවාගෙන
සල්ලාල සුලගට නතුව -....සේල අහසට මුදා හැරගෙන
කාසි සුදිලෙන නුවරක.- පොට්ට කාසිය සේ කීන වෙන
ලාභ වත්සුනු උලාගෙන.-. සුරත රතු කුඩයක් දරාගෙන

මාවතක් ලග පිපී හිනෙහෙන

නුබත් කුසුමකි
අහසට නොගොස් අහකට යන

කුසුමියනි තෙපි කොහේ පිපුනත්
ගියත් නොගියත් අහසට
අනුන් හටදන් දී හද ගුන සුවද
යාම උරුමද ? අහකට

Monday, October 5, 2009


සිහින ඉනිමග, අතර මග
නිල් කදු පව්රු මැද
පුන්චිම ගමක පතුලක

රස පොලොව උලා කා
ගෙව්වෙමු දිවිය
නිහඩවම

නිසසලව
නිදහස්ව


එහෙත් එක් දවසක
කුඩා ලින් පතුලකට
පෙනෙන අහසකට

බක බක ගාන

තොප අනේ ගෙබි කැලකයි

රූප පෙට්ටිය ලග
කව්ලුවට එපිටහින්

මතු වී උස් මහත් විය
හීන සෙයිලමට යන .......ඉනිමග
යොධ මයා බොන්චි ..........වැල
එතැන් පටන්
දෑකැති නගුල් උදලුත්
අනේ වීසි කර බැද්දට
වැල දිගේ
නගින්නෙමු
නගින්නෙමු
හමුවන තෙක්
විදුරු මිනි රැස් .............දිලෙන
සින්තටික් සිහින ..........පුරවර

කිකිලියන් හා
රන් බිජු ලන
සුරබිදෙන්නුද
සිතු සිතූ සම්පත් දෙන
අනෙ එනුවර නැත්තේ
මොනවද?
අද වෙතැයි, හෙට වෙතැයි
නුවර දොර දැන් දැන් ඇතැයි
නගින්නෙමු
නගින්නෙමු
එහෙත් එනුවර
තව බො දුරකද?
හති වැටී බැලූ කල
හැ ර දැමූ පහල දෙස
දැනිනි පපු කැව්තු වලටම
පෙර නොදුටු ගැඹුරින් රැවින්
ගමේ නිල් කදුවල ..............හැඩය
ගමේ ඇල දොලවල ...........ස්වරය
ගමේ ගහ කොලවල ............රසය
ගමේ මහපොලොවෙ .......... හරය


Wednesday, September 16, 2009


















මල් ඵල ගත් ප්‍රේමය


ඔබ මලක් වී
පිපුන තැන දැන්
ඵලයක්

පාරමී පැතුම්
බිජු නොමැති
විරහ පිලිකා
සෛලයෙන්
සුසැදි
හිස් නොවන
හිස් තැනක්

ඔබව හැර
අන් සියලු
දේ නසන
හලාහල විශ
රැදෙනු
ඵලයක්

Wednesday, September 2, 2009

















තිදෙනෙක්ම සිටි

ඔබේ මධු සමය


ඔබටමයි ඇයටමයි
කියා ඇරඹුවද

මධු සමය
තිදෙනෙක්ම සිටියෝය
ඔබෙ මධු සමයට

තමන් වෙනුවෙන්ම
නොවූ ලොවක හිද
හැගුම් වෘකයින්
මැද නග්නව
සාරගී රත් පියුම්
පොට්ටු ඇහැරවා
මනි පත් ඈත් කොට
හැගුම් හැඩි දැඩි කොට
රතී පණ්චායුධ මුවහත්
කල "කරගල"පමනද
මම අද ඔබට?
මගේ ප්‍රේමය
තුනී කර ලඝුකර
"පවාඩයක්" කර
ඒ මතින්
ඔබව උදුරා මගෙන්
ඇය කරා දැක්කුව

ඔබ ඇය හා සමග
මධුසමය පුරාවට
වෙලී පැටලී බැදී
සිටිය නොවෙද
ඒ නොහොබිනා
සම්මතය

Tuesday, August 25, 2009

මල් හා ලමයි














ලමයිනුත් මල්
වගෙයි කිව්වට
මල් නම් ලමයි
මෙන් නොවෙත්
මල් වලට හැ...
උයනක -ලන්දක
උඩ අත්තක- තන බිස්සක
මාවතක් අද්දර -නදියක් අසබඩ
කොහේ හො කොතැනක
මලකට උරුම මල් ගුන
ඇතිව මලක් වී ඉපදී
මලක්.............ම වෙන්න
ඒත් ලමයින්ට...

Monday, August 17, 2009














කනේරු ගහ කීයු කවිය

මාර දෙල් කොස්
වනස්පති කුලේ
ගස් යට
හිග පාඩු පුරන

හීන ලදු කැලෑ කුලයේ
උපන්නෙමු

ගෙවතු පිලිකනු
දෙවැටි බඩවැටි

රිසිවෙසම් ඉඩම් වල

අනෙ අනවසරයෙන්

සරන්නෙමු

මල් උයන් වතු සරන
උයන් පල් සෙනෙහස

නොවිදම
අපි අපෙ දිවි මග සරි
කරන්නෙමු

මෙහෙව් අඩුපඩු මදිවට
තොපේ වස කමින්
අනෙ අපෙ ලබැදියන්
මැරෙතැයි
නොයෙක අවලාද
නැගෙතැ‍යි

අඩෝවැඩියා නොනගා
අපිත් අපිට හැකි පමන
සොදුරු මල් උපද්දා
උදය සරසවන්නෙමු
සෙවන පල වැලද දන් දී
කැදලි හදන්නත් ඉඩ දී
සකුන ගන පමනක්ම නොව
වෙනත් ක්ශුද්‍ර ගන සමග අප
සාර සුබාවට දිවි ගෙවනන්නේ
ඉතින් මිනිසුනේ දැන්වත්
අනේ අපේ දිවිය තිත්තයි
තවත් ඉවසනුය බෑ සත්තයි
කියා විශ වලදන්නට පෙර
අපම කමටහනට ගෙන
දිරි ගනින් පලා නොයන්න
දුකත් නැතිව බැරි
මේ සොදුරු ජීවිතෙන්