Monday, October 5, 2009


සිහින ඉනිමග, අතර මග
නිල් කදු පව්රු මැද
පුන්චිම ගමක පතුලක

රස පොලොව උලා කා
ගෙව්වෙමු දිවිය
නිහඩවම

නිසසලව
නිදහස්ව


එහෙත් එක් දවසක
කුඩා ලින් පතුලකට
පෙනෙන අහසකට

බක බක ගාන

තොප අනේ ගෙබි කැලකයි

රූප පෙට්ටිය ලග
කව්ලුවට එපිටහින්

මතු වී උස් මහත් විය
හීන සෙයිලමට යන .......ඉනිමග
යොධ මයා බොන්චි ..........වැල
එතැන් පටන්
දෑකැති නගුල් උදලුත්
අනේ වීසි කර බැද්දට
වැල දිගේ
නගින්නෙමු
නගින්නෙමු
හමුවන තෙක්
විදුරු මිනි රැස් .............දිලෙන
සින්තටික් සිහින ..........පුරවර

කිකිලියන් හා
රන් බිජු ලන
සුරබිදෙන්නුද
සිතු සිතූ සම්පත් දෙන
අනෙ එනුවර නැත්තේ
මොනවද?
අද වෙතැයි, හෙට වෙතැයි
නුවර දොර දැන් දැන් ඇතැයි
නගින්නෙමු
නගින්නෙමු
එහෙත් එනුවර
තව බො දුරකද?
හති වැටී බැලූ කල
හැ ර දැමූ පහල දෙස
දැනිනි පපු කැව්තු වලටම
පෙර නොදුටු ගැඹුරින් රැවින්
ගමේ නිල් කදුවල ..............හැඩය
ගමේ ඇල දොලවල ...........ස්වරය
ගමේ ගහ කොලවල ............රසය
ගමේ මහපොලොවෙ .......... හරය


1 comment:

  1. මායාවේ ගැලිලා ඉන්න කෙනාට . .. තමන් ඉන්නේ මායාවක කියලා නොපෙනෙන එක තමයි මට හිතෙන්නේ මේකේ වැරැද්ද . . . උන් කිසි දවසක හිතන්නත් බයයි මායාවෙන් ඇහැරෙන්න . . . නමුත් මායාවෙන් ඇහැරිලා හීන ලෝකේ දෙකකුල් ලඟ කඩා වැටෙන දවස වැඩි ඈතක නම් නෙමෙයි . .

    ReplyDelete