Monday, February 16, 2015

අහස් කවි















ඉර හදද රන් තරුද මේ කුලු
එක මිටට එකට ගෙන
අහස යයි නම් කර
පෙම් කලෙමි මම එදා අහසට

ඉර හද තරු අතර
මුකුත් නැති හිස්ම හිස් තැන
තමයි ඇත්තම ඇත්ත අහස
මෙදා මම දකිමි සැබෑ අහස
වලාකුලකුදු අයිතියක් නැති

තරු නම් නිවී දිලුනා විතරමයි කොහොහොමත්
අමාවකටත් පෙර සදද හැන්ගුවේ ඇයි අදුර බිහිකමින්
ඉර ඉතින් අපිට අවනත නොවන දැතිරොද ගමනකය
මේ කුලු උනත් බිදී විසිරී ගියේ අපිට ඕනිම වෙලාවටමද

කාලය රැගෙනා විත් ඇත අද
ඇත්තම ඇත්ත හිස් අහස මට

Saturday, February 14, 2015


Friday, February 13, 2015

අහස් කවි

























අහසටත් ඇත
උස් මිටිකම් පන්ති බේද

මුලින්ම ඉර එලිය වැටෙන්නේත්
වලාකුලු සරන්නේත්
කොත් කැරලි දිලෙන්නේත්
ඉහල අහසෙහිය උදාරම් ලෙස

දූවිලි සුසුම් බර මිස
උරුම නැත අහස් නිල
පහල අහසකට කිසිලෙස

බොහෝ අය නොදැක්කට
ගස්වල අතු බෙදෙන්නෙත්
දලු දමා මල් ඵල උනන්නේත්
පහල අහසෙහි පපුතුරෙහි නිති

Tuesday, October 14, 2014

ඇදුමක් අනුරුවක් හා ගැහැනියක්
























වීදුරු බිත්තියෙන් ඇතුලත
කවන්ධ අනුරුවක ඇගලා ඇත
මා කැමතිම ඇදුම් හා ඇගලුම්

හිතින් සවිකර මහිස ඒ සිරුරට
හැඩ වැඩ බලමි තාලයට ඇවිදිමි
තනියෙන්ම හිනා වෙමි
කැඩපතක් කරගෙන තුරුනු හිත

සැප රැදුන මැදුරක
ඉඩ කඩ ඇතිව සුපිපුන
තුනු කයක හැඩනිල
සීරුවට මැන කොවකට ගෙන
වක්කර පෙරාගත් අනුරුවකි
හිස නැතත් ඔය කය
එහිම අනුපිටපත්ය
මේ ඇදුම් හාඇගලුම්

සරු නිසරු කාල පරතර අතර
මහත් වී හීන් වී ගැට ගැසුනු
තදියන් පෙම්වතුන් අත
මිරිකුනු තැලුනු ඇද උන
දරු වැදූ බත ඉයූ දර පැලූ
දුකින් පිරියම් කල
ජීවිතේ සැබෑ සිරුරත හැඩනිල
මනින්නට මාන නැත කෝදු නැත
අනුරුවකට කොටු කල නොහැක

එහෙව් සිරුරට ඔය ඇදුම
ජීවිතේ සැබෑ කඩතොලු උලුප්පා
කිසි අන්ගපුලාවකට නැති
විකාර රුවක්ම මවනු ඇති

නැවත සිටුවා මහිස
එහිසට උරුම සිරුරට
පියනගමි බැහරට
අන් ඇදුමකට හිරවෙන එක
සැබෑ රූපය ට හොරකරනඑක
උරුමය තමයි අපි වගෙ ලදුනට

Tuesday, June 17, 2014

චිත්‍රසේන කලායතනය නාරාහේන්පිට


 



මන්තීරු එක දෙක වැඩිකර
බේස් ලයින් මග රගන විට
දැහැන නොබිදගෙන
නොබියව සිටගෙන පාර අද්දර

මහල් පිට මහල් පැලකර
ගොඩනැගිලි හෙවනැලි
පෙරලෙනවිට යන මගට



සන්සුන්ව තනි තට්ටුවක
ගමනක් තනියෙන්ම යන

වෙලද අරියාදු නගර සෝබන'
රැලි සුලි පිලිල වැඩි වෙන හෙට දවස
සැබෑ මිනිසෙකුගෙ සැබැරූපය
තව තවත් අරුත් ගැන්වී දිදුලවන
ඉන්ද්‍රනිල් මිනක් වී වැලලෙන්නටද? නියමිත

Saturday, June 14, 2014

මගේ අහසෙහි හැඩය
























කවාකාර, ත්‍රිකෝනාකාර
හතරැස්ද අසමමිතිකද
ගිනිය හැකි තරම් වෙති
කවුලුවකට උරුම හැඩතල - මෙදියත

බොහෝ වෙහෙසෙමි මම
මගේ අහසෙහි හැඩය ගැන

අහසෙහි හැඩය ඇද දෙන
කව්ලුවකට උරුම හැඩතල
ගිනිය හැකි තරම් වෙති - මෙදියත

Friday, January 24, 2014

වැහි වලාකුලු
















අහස කිව්වම 
මතක් වෙන්නෙම
ඉර, හද, 
නැත්තම් තරු
කොතෙක් හිටියත්
වැඩක් නැති
ලාබ කෙල්ලන්ය
වැහි වලාකුලු

සා පවස සන්සිදුවන
දිය රැගෙන පාවෙන
වැහි වලාකුලු

වීදියේ දුම්රියේ
වැඩපලේ කඩපලේ
කදුලු බිරමක් අදින
වැහි වලාකුලු