ඉර හදද රන්
තරුද මේ කුලු
එක මිටට එකට
ගෙන
අහස යයි නම්
කර
පෙම් කලෙමි මම
එදා අහසට
ඉර හද තරු අතර
මුකුත් නැති
හිස්ම හිස් තැන
තමයි ඇත්තම
ඇත්ත අහස
මෙදා මම දකිමි
සැබෑ අහස
වලාකුලකුදු
අයිතියක් නැති
තරු නම් නිවී
දිලුනා විතරමයි කොහොහොමත්
අමාවකටත් පෙර
සදද හැන්ගුවේ ඇයි අදුර බිහිකමින්
ඉර ඉතින් අපිට
අවනත නොවන දැතිරොද ගමනකය
මේ කුලු උනත්
බිදී විසිරී ගියේ අපිට ඕනිම වෙලාවටමද
කාලය රැගෙනා
විත් ඇත අද
ඇත්තම ඇත්ත
හිස් අහස මට
No comments:
Post a Comment